The title of the page
6.2
91

Van Helsing S01E04 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

හැමෝටම ආයුබෝවන්! මගේ යාළුවනේ, ඔන්න ඉතින් ඔයාලා වෙනුවෙන් මං තවත් සබ් එකක් අරගෙන ආවා. මේ සබ් එක ගැන කියනවා නම්එ පියට තමයි මේ පාර මං සබ් අරගෙන ආවේ. මේ කතා මාලාව ගැන කියනවා නම් මේක 18+ කැටකරියේ තියෙන ෂෝ එකක්. 

Van Helsing කතා මාලාවේ පහුගිය කොටස ගැන මං ටිකක් මතක් කරන්නම්, ඒ කොටසෙදී තමයි වැනේසා කෝමා තත්ත්වයෙන් අවදි වෙන්නේ ඒ වගේම එයාගේ හැකියාව ගැන හරියටම දැන ගන්නේ, ඇය ඒ බව දැනගන්නේ ඇයව පැහැරගෙන යන්න වැම්පයර්වරු ආවට පස්සෙයි. කොහොම හරි ඒ ආපු වැම්පයර් කෙනෙක් සුව වෙනවා එයින් පස්සේ හැමෝම වැනේසා හෙල්සිං ගැන දැනගන්නවා. අවසානයේ ඇක්සෙල්ගේ ඉල්ලීමකින් ඩොක්වත් සුව කරනවා. එතනින් ඒ එපිය ඉවර වෙනවා.

හොඳයි එහෙම නම් මේ එපියෙන් මොකක්ද වෙන්නේ කියලා මං කියන්නම්, මේ එපිසෝඩ් එකේදී තමයි වැනේසාට මුහුන දෙන්න වෙන භයානකම අභියෝගය, මොකද කියනවා නම් වැනේසාව වැම්පයර්වරුන්ට අහු වෙනවා. ඒ වගේම ඇක්සෙල්ලට තවත් මිනිසුන් ටිකක් මුන ගැහෙනවා. කොහොම උනත් අවසානයේ වැනේසාව වැම්පයර්වරුන්ගේ මූලස්ථානයකට අරගෙන යනවා. මේ කතා මාලාවේ තියෙන භීතිය කුතුහලය භයානක බව දැක ගන්න ඔයත් මේ ෂෝ එක ඩවුන්ලෝඩ් කරලා මේ එපිය අරගෙන බලන්න.

මේ කතා මාලාව ගැන තව විස්තර දැනගන්න ඔයාලට ඕනේ නම් මෙතන ක්ලික් කරන්න. 

විශේෂ දෙයක් කියන්න ඕනේ අපේ මේ සිනෙරු සයිට් එකේ පළවෙන සබ් වල කවර හදන අපේ සහෝටත් මේ වෙලාවේ මං ස්තූති කරන්න කැමතියි. ඒ සහෝ මේ සබ් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඒ සහෝටත් ගැම්මක් එන්න, ඒ වගේම මටත් හයියක් එන්න කොමෙන්ට් ටිකක් හලාගෙන යන්න.

අවසාන වශයෙන් අපේ සමිත සහෝටත්, දර්ශන හෙට්ටිවත්ත සහෝටත් ගොඩක් ස්තූතියි. ආ දර්ශන හෙට්ටිවත්ත සහෝත් නියම ෂෝ ටිකකට සබ් දීලා තියෙනවා පුළුවන් නම් ඒවන් අරගෙන බලන්න. මේ කතා මාලාවේ පස්වෙනි කොටසෙන් ආපහු හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

5 comments

  1. හස්සා😎

    ස්තූතියි අයියේ, මේක එනකන් හිටියේ. ඇයි මේ පාර ගොඩක් පරක්කු? අනේ ටිකක් ඉක්මනට සබ් දෙන්නකෝ

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍

  3. Tnx bro.. Antimedi episode 4 duna…next epi ekat balaporotuwen innwa….

  4. චානක තිලංක

    සමාවෙන්න ඕනේ සබ් එක පරක්කු උනාට😞😞 ඇත්තටම කිව්වොත් මං ෆෝන් එකෙන් සබ් හදන්නේ, ඉතින් ෆෝන් එකේ අවුලක් උන නිසා සබ දෙන්න පරක්කු උනේ, අනිත් සබ ඉක්මනටම දෙනවා කොමෙන්ට් වලට හැමෝටම ස්තූතියි.

  5. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඒවා නම් හරියන්නේ නෑ බොල.සබ් ටික ඉක්මනින් දීපිය
    😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login