The title of the page
Trackers (2019) Sinhala Sub
Trackers (2019) Sinhala Sub
6.3
83
90

Trackers (2019) Complete Season Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග | (18+)

(Trackers (2019) Sinhala Sub) මේ සතියෙ Weekend Special එක විදිහට අරගෙන එන්නෙ “Trackers” කියන South African Thriller සීරීස් එක. මේ කතා මාලාවෙ පළවෙනි කොටස රිලීස් වෙන්නෙ 2019 ඔක්තෝම්බර් 27 වෙනිදා. Thriller එකක් කිව්වට මේක Thriller, Crime, Drama කියන තුනටම අයිති වෙනවා. IMDb 6.2 ක් වගේම Rotten Tomatoes 86% ක අගයක් මේ කතා මාලාව හිමිකරගෙන තියෙනවා. ඒ වගේම තමයි 90% ක ගූගල් පරිශීලකයින්ගෙ කැමත්තත් මේ කතා මාලාවට හිමිවෙලා තියෙනවා. South African කතා මාලාවන්වලට වැඩිය උපසිරැසි නිර්මාණය නොවුනත් ගොඩක්ම හොඳ කතා මාලාවන් නිර්මාණයවෙලා තියෙනවා.

මේ කතා මාලාවෙ පළවෙනි සීසන් එක විතරයි තාමත් නිකුත්වෙලා තියෙන්නෙ. පළවෙනි සීසන් එක කොටස් 6 කින් සමන්විතයි. ඒ කොටස් හය ඇතුළෙත් සුපිරිම කතාවක් තමයි යන්නෙ. නිකමට මේකෙ ට්‍රේලර් එකක් බලලා එන්න එතකොට තේරෙයි මේකත් සුපිරියක් නේද කියලා. මේ කතා මාලාවට උපසිරැසි දෙන්න කියලා කීපදෙනෙක්ම අපෙන් ඉල්ලලත් තිබ්බා. ඔන්න ඒ අයට දැන් මේ කතා මාලාව බලන්න පුළුවන්.

කේප් ටවුන් එකේ ඉන්නවා මුස්ලිම් අන්තවාදී කල්ලියක්. ඒ අයව හදුවන්නෙ “අල්ලාජ්නා” කියන නමින්. මේ අයත් ත්‍රස්තවාදී කණ්ඩායමක්ම තමයි. ඒත් වෙනස්ම විදිහක කණ්ඩායමක්. දවසක් මේ අල්ලාජ්නා කියන මුස්ලිම් කල්ලිය අල්කයිඩාවල සුලෙයිමාන් ඩාවුන්ඩ් කියන ජ්‍යේෂ්ඨයෙක්ව හම්බවෙනවා ගොඩක්ම රහසිගත වැඩකට. මේ සුලෙයිමාන් කියන කෙනා මීට කලින් ත්‍රස්ත ප්‍රහාරයන් ගණනාවකටම සම්බන්ධ වුණු කෙනෙක්. අල්ලාජ්නා කල්ලිය සුලෙයිමාන් එක්ක එකතුවෙලා යම්කිසි පාර්සලයක් (පැකේජ් එකක්) රට ඇතුළට අරගෙන එන්න තමයි සැලසුම් කරන්නෙ.

මේ මුස්ලිම් අන්තවාදී කල්ලිය කරන වැඩේ PBI කියන (රහස් ඔත්තු සේවයක් වගේ) එක දැනගන්නවා. මේ PBI කියන එක ඒ රටේ ජනාධිපතිතුමා වහලා දාන්න යන්නෙ. ඒකට හේතුව තමයි පහුගිය අවුරුදු ඇතුළත් ඒකෙ අසාර්ථකත්වය නිසා. ඉතින් මේ PBI එකේ සාමාජිකයොන්ට මේක බේරගන්න තියෙන එකම අවස්ථාව තමයි මේ මුස්ලිම් කල්ලිය මොනවද කරන්නෙ කියලා හොයාගෙන එයාලව කොටුකරගන්න එක. එහෙම කරොත් මෙයාලට දිගටම PBI එක සාර්ථකව කරගෙන යන්න පුළුවන්.

ඔන්න ඔය විදිහෙ කතාවක් තමයි මේකෙ සිද්ධවෙන්නෙ. එහෙනම් ඉතින් මේ කතා මාලාවත් නරඹන්න කියන ගමන් අපි සමුගන්නවා. හැමෝටම ජය ✌.

~ Cineru Team ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

4 comments

  1. Tnx cineru…the society season 1 TV series ekat sub laba denwda

  2. Thank u all. Abhay 2 ekatath sub demu…

  3. Thanks jayawewa……!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login