The title of the page
7.5

Salem S01E05 (2014) Sinhala Subtitles |කතා කරන මළමිනී…!| සිංහල උපසිරැසි සමග

(Salem S01E05 (2014) Sinhala Sub) කොහොමද යාලුවනේ, ඔන්න ඉතින් කාලෙකින් ආපහු මගේ ආසම කතාව අරන් ආවා. අද එන්නේ සාලෙම් පස්වෙනි එපියෙන්. මේක දැන් තමයි රහ වෙන්න ගන්නේ. ඉතින් කට්ටිය මෙතනින් ගිහින් මගේ යූටියුබ් චැනල් එකේ තියෙන අලුත් වීඩියෝව බලලා ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාන් ඇවිත්ම ඉතුරු ටිකකියවන්න.

සමිත සහෝ, අංජුල සහෝ, චානක තනිකඩ සහෝට ගොඩාක් ස්තූතියි. පුතාගේ උපන්දිනේට ලොකු තෑග්ගක් දෙන්න ලැබුනා ඔයාලා හින්දා. ඉතින් ගොඩාක් පිං ඒ වෙනුවෙන්. මේක ඔයාලා බාගෙන නැත්නම් 720P කොලිටියෙන්වත් ගන්න. එතකොටයි ලස්සන.

ඔන්න මං ආයේ සබ් වැඩේට ආවා. මේ සතියෙත් අවසානේ චූටිම චූටි මිනි සීරීස් එකක් දෙන්නම්. මාර්වල් කට්ටියගේ එකක්. ඒක දෙන්නේ ඇයි දන්නවද? ඊට පස්සේ එක දිගට මාර්වල් ෆිල්ම් ටිකක් දෙනවා සතියට එක ගානේ. කොහේවත් සබ් නෑ ඒ ටිකට. පුදුමයිද? බලන් ඉන්නකෝ එහෙනම්. මේකෙන් පස්සේ මම අවර් ප්ලැනට් සම්පූර්ණ සීසන් එකම ඉවර කරනවා අනිත් සබ් දෙන්න කලින්. ඊට පස්සේ මේ ලිස්ට් එකට එමු. මොකද සතියට එක ෆිලුමක්වත් දෙන්න ඕනේ. හරිනේ? ඔයාලගේ අදහසුත් කොටන් යන්නකෝ.

එ වගේම මට මාර සතුටක් තියෙනවා. අපේ සයිට් එකේ පහල තියෙන ඇනිමේශන් කැටගරියේ උඩින්ම ඉන්නේ මං..!! අර පිටසක්වල ජීවීන්ගේ එකක් දුන්නේ මං! අන්න ඒකේ ඉතුරු ටිකටත් දෙන්නම්කෝ සබ් ටික. ඇයි අපේ අර ජස්ටිස් ලීග් එකේ හරිම ෆිලුම එනවා ඔන්න ලබන අවුරුද්දේ. එක්ස් මෙන්ලගේ ජෙනරේශන් දෙක මේ මාසේ එනවා, අර නිව් මියුටන්ට් කියන එක. මං ආසම වීරයා බැට්මෑනුත් ලඟදීම එනවාලු. ඉතින් ඒවා ආව ගමන් කැම් කොපියට හරි මං සබ් දෙනවා මුලින්ම ඕං.

මේකේ අද කොටසින් රහස් කීපයක් හෙලි වෙනවා. ඒවගේම කෙනෙක් තමන්ගේ ප්එලිපිට පෙන්නනවා. පොඩි රැවටීමකුත් වෙනවා මේ අතරේ. ඒ හැමදේම අස්සේ මැරුනු මිනිස් මූනක් කතා කරනවා….! අරන් බලන්න, කට්ටියම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් බුදු සරණයි, සදහම් සරණයි, සඟ සරණයි හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

8 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊👊.. දිගටම සබ් දෙන්න..
    ජය වේවා.!

  2. කමෙන්ට් නම් හොඳටම මදි, හරි ඒ උනාට කමක් නෑ. ඔන්න බීන් මහත්තයාගේ සම්පූර්ණ සීරීස් එකක්ම සෙනසුරාදට දෙනවා අපි

  3. Maroo aiya digatama sub denna.apith akkama inna ok.

  4. චානක තිලංක
    Cineru Family Member

    සබ නම් පට්ට කියන්න වචන නෑ, සුපිරියි හොදේ.

  5. සුපිරියි හොදේ.

  6. බොහොම ස්තුතියි මචන් . දිගටම සබ් දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login