The title of the page
7.5

Salem S01E06 (2014) Sinhala Subtitles | රතු රෝස සහ බ්‍රයර් මල් | සිංහල උපසිරැසි සමග (18+)

ඉතින් ඔන්න මගේ පරණම මම ආසම කරන කතා මාලාවකට දීලා තිබ්බ නිවාඩුව ඉවර කරනවා. ආයෙත් ඔන්න සාලෙම් අරන් එන්නයි සූදානම.එහෙනම් පහුගිය කොටස් අමතකත් ඇති දැන් නම් නේ? මෙහෙමයි අවසාන එක ඉවර උනේ අර මායාකාරියක් අහුවෙන තැනින්. ඉතින් මේ පාර ඇල්ඩන් ලොක්කයි, කොටන්(මාදර්) ලොක්කයි(පූජකයා) එකතුවෙලා ඒ අල්ලගත්ත මායාකාරිගෙන් ප්‍රශ්න කරන්නයි සූදානම. ඒකත් විශේෂ විදිහකට. ඉතින් මේරි හිතින් ලව්නේ අපේ ඇල්ඩන් ලොක්කට. එයා බලන්නේ ඇල්ඩන්ව බේරගෙන, මේ මායාකර්ම වැඩ කරගන්න විදිහක්. එයාගෙම අය එක්ක පවා ගැටුම් ඇති වෙනවා මේ නිසා.

ඉතින් මේ පාර කොටසේ පොඩි සියුම් විහිලු ටිකක් හරි ලස්සනට තියෙයි. ඒ වගේම ග්‍රැෆික් අතින් නම් සුපිරියටම හදලා තියෙයි මේ කතා මාලාවම. මෙහෙමයි, මේ වෙනකන් බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා එයාලටත් කියන්න මේක බලන්න කියලා. මොකද තව එපිසෝඩ් කීපයකින් පස්සේ සීසන් 2 පටන් ගන්නවා. ඒකේ ඉඳන් මේ කතාව ගැන කියන්න අඩුවක් නෑ. එක හුස්මට බලන් යන්නයි තියෙන්නේ. ඒත් මුල බැලුවේ නැත්නම් ඉතින් තේරෙන්නේ නෑ නේ. ඒ නිසා මේ ටික බලන්න. අනික ඉස්සරහට මම දෙන හැම සබ් එකකටම මම පොඩි ටයිම් ලයින් පොටෝ එකක් හදනවා. නිකන්ම සබ් දෙන්නේ නැතුව මෙහෙම විෂේශයක් කරන එක හොඳයි කියලා හිතුනා. මේ වෙද්දී අපේ කම්ප්ලීට් සීරීස් 26ක් කියලා පෙන්නනවා. ඉතින් ඒකෙන් 11ක මං ඉන්නවා. මේ අවුරුද්දේ අප්‍රේල් ඉඳන් මේ වෙනකල් ආව අධිවේගී ගමන නරකමත් නෑ.

මේ මගේ 99වෙනි සබ් එක. ඉතින් ඊලඟට එන්නේ 100. උපසිරැසි ශතකය ! ඒක ලොකු විශේෂ එකක්. මම හිතන් ඉන්නවා රුසියන් එකකට සබ් දෙන්න. බ්ලූරේ, වෙබ්‍ රිප් කියන ෆෝර්මැට් දෙකෙන්ම දෙන්නයි හිතන් ඉන්නේ. තාක්ෂනය උපරිම පාවිච්චි කරපු සුපිරියක් දෙන්නම්. කවුරුත් වැඩිය අත නොගහන එකේ අංජුල මල්ලිගේ මග පෙන්විම යටතේ රුසියන් ෆිල්ම් ටිකක් අරන් එන්නම්කෝ එහෙනම්. හැමෝවම මතක් කරන්නම් 100යෙදී. අද ඉඳන් ඕං මම කල්පනා කරා මේකේ චරිත ගැන පොඩි හැඳින්වීමක් කරන්න. එපියකට එක ගානේ. අද පටන් ගන්නම් මේරි සිබ්ලිගෙන්ම.

ජැනට් රූත් මොන්ට්ගොමරි / මේරි සිබ්ලි

මේරි සිබ්ලි (නී වොල්කොට්) සාලෙම්හි ප්‍රධාන කාන්තා චරිත නිරූපණය කරනවා. ඇය ජෝර්ජ් සිබ්ලිගේ බිරිඳ, ජෝන් ඇල්ඩන්ගේ පෙම්වතිය සහ ඔවුන්ගේ මියගිය පුතාගේ මව වන අතර මැසචුසෙට්ස් හි සාලෙම්හි බලවත්ම මායාකාරිය ද වෙනවා. අද්භූත බලයන් වෙනුවෙන් තම නූපන් දරුවා සාතන්ට පූජා කිරීමෙන් පසු ඇය මායාකාරියක් බවට පත්උනා ඔයාලා මුල් කොටසේ දකින්න ඇති.

ආරම්භයේ දී මේරිගේ ක්‍රියාවන්ට පෙලඹීමක් ඇති වූයේ ජොන්ට ඇය දැක්වූ ආදරය පමණක් නෙවෙයි, පියුරිටන්වරුන්ගෙන් පළිගැනීමට ඇය තුළ වූ ආශාව යි. කෙසේ වෙතත්, ජෝන් අනපේක්ෂිත ලෙස ආපසු පැමිණීමත්, එසෙක්ස් මායාකාරියන් විසින් ඇයව සැබවින්ම රැවටී හා අනිසි ලෙස භාවිතා කළ ආකාරය පිළිබඳ හෙළිදරව් කිරීම්ත් සමඟ, මේරි ඇගේ ආපසු හැරවිය නොහැකි තේරීම් ගැන මුළු හදවතින්ම කනගාටු වෙනවා. අවසානයේදී, ඇය සහ ජෝන් සමගි වෙන අතර, ඔවුන් අපේක්ෂා කළ අනාගතය සඳහා සටන් කිරීම සඳහා ඔවුන්ගේ සියලු ශක්තිය හා කුසලතා කැප කරනවා.

ජැනට් රූත් මොන්ට්ගොමරි (උපත 1985 ඔක්තෝබර් 29 දින ) ඉංග්‍රීසි චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා නිළියකි. හියුමන් ටාර්ගට් (2010–11) රූපවාහිනී කතා මාලාවේ දෙවන වාරයේ දී ඇය ඇමෙස් ලෙස රඟපෑම ගැනත්, 2009 දී සෘජුවම ඩීවීඩී චිත්‍රපටයක් වන හිල්ස් රන් රෙඩ් හි පෙනී සිටීම ගැනත් ඇය ප්‍රථම වරට අවධානය දිනා ගත්තා. කථාංග අටකට පසු අවලංගු කරන ලද මේඩ් ඉන් ජර්සි (2012) නම් රූපවාහිනී නාට්‍යයේ ඇය ප්‍රධාන චරිතය රඟපෑවා. 2014 සිට 2017 දක්වා ඇය සාලෙම් කතා මාලාවේ ප්‍රධාන චරිතය වන මේරි සිබ්ලි ලෙස රඟපෑ අතර මොන්ට්ගොමරි 2018 සිට නිව් ඇම්ස්ටර්ඩෑම් රූපවාහිනී කතා මාලාවේ ලෝරන් බ්ලූම්ගේ චරිතය රඟපෑ ප්‍රදාන චරිත වේ.
හරිනේ එහෙනම්, බස්නාහිර පළාතේ අය ගෙදරම ඉන්න. කොහේවත් ඇවිදින්න එපා. සමාජයට නම් ගියාට අවුලක් නෑ. සමාජයේ කොවිඩ් නෑ නේ! කට්ටිය පරිස්සම් වෙන්න. එහෙනම් ඊලඟ එකෙන් එන්නම්. සමිතටයි, අංජු මල්ලිටයි, චානක බොක්කටයි, දේශාන් පුතාටයි ඇතුලු නම් නොකියවුනු හැමෝටම ස්තූතියි. මගේ පණ වගේ ඉන්න මගේ ලක්ෂ්මීටයි, සදහම්ටයි ගොඩාක් ආදරෙයි. එහෙනම් බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! හැමෝටම. මටත් නිදිමතයි දැන් ඉතින්.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

24 comments

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මුල්ටිකත් දීලා තියෙයි සහෝ. Salem කියලා සර්ච් කරන්න පොඩ්ඩක්
      🌻

  1. aashram hindi tv series ekata sub denna

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අපේ අශාන් සහෝට මං කියන්නම්කෝ සහෝ 🌻

  2. චානක තිලංක

    ආ මේකේ සබ් එක දෙනකල් මග බලාගෙන හිටියේ නියමයි නියමයි දිගටම සබ් අරගෙන එන්න ජයවේවා

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හා බොක්ක, කෝ ඔයැයිගේ සබ් ටික?

    • Meke ithuru tikata sub dene nadda??

  3. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela season 1 ekata episode 4i

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      තව 4යි නෙවෙයි සහෝ. 7ක් තියෙයි. මේකේ සීසන් 1කට එපි 13ක් තියෙයි 🌻

  4. G.W.Deshan Adithya

    නියමයි දර්ශන අයියා … ❤️
    ඉක්මනටම 100 ත් ගේන්න ඕන හොදේ 🎂🎉

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ආ චූටි පුතා, මං මේ 100 ටයිප් කරන ගමන් සහෝ 🌻

  5. Ithuru tikath ikamatama denna

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා Esm සහෝ. මේක තව මාසයක් නොවැම්බර් ඇතුලේ ඉවර කරන්නම්කෝ 🌻

  6. මග බලාගන හිටියේ මේක එනකන්

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඊලඟ එකත් ලෑස්තියි, දෙන්නම්කෝ සහෝ 🚬

  7. episode 7 / 8 / 9 / 10 subtitles tika oniiiiiiiiii,,,,,

  8. ithuru tika kooo

  9. ithuru tika denne nedda..

  10. ඉතුරු ටික දෙන්නේ නැද්ද

  11. Ko bn ithuru tika magin nawaththalane

  12. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සාලෙම් ඉතිරි එපිසෝඩ් හත ඉදිරි සතියේ සිට සතියකට එක බැගින් එක දිගටම ලබාදීමට සියල්ල සූදානම්. ප්‍රමාධය ගැන සමාවන්න!!

  13. sathiyt eka gane denw kiwwata dunne nhne thawama

  14. Saho Sub eka dnma dennavada dn me year end ekema Dunnanam sahotat lesi apitat lesi habai anik sub tikata patta thanks 😊

  15. සබ් එකට ස්තූතියි සහෝ

    ගැම්මට සීසන් 3ම ඇදලා දාමු නේද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login