The title of the page
Salem S01E07 (2014) Sinhala Subtitles
Salem S01E07 (2014) Sinhala Subtitles
7.5

Salem S01E07 (2014) Sinhala Subtitles | මිනීමරුවන් සහ ආදරවන්තයින් | සිංහල උපසිරැසි සමග (18+)

කාලෙකට පස්සේ එහෙනම් සහෝලා අපි ඔන්න ආයෙත් හමු වෙනවා උපසිරැසියක් එක්ක. මේ පාර නම් මම පොරොන්දු උනා වගේම ඔන්න පරණ සීරීස් ටික ඉවර කරන්නයි ලෑස්තිය. දැන් ඉතින් 250ත් පහුකරලා නිසා කිසි හදිසියක් නැතුව සබ් ටික දෙන්න පුලුවන්. හරි තව ටිකක් විස්තර කියන්නත් තියෙයි. ඒ ටික කියලම ඉමුකෝ! මෙහෙමයි මම මගේ 250 වෙනි සබ් එකේදී පොරොන්දු උනානේ මම බාගෙට දීපු සිරීස් ටික ඉවර කරනවා කියලා. ඔන්න ඉතින් කිව්වා වගේම සාලෙම් සීසන් 01 එකේ එපිසෝඩ් අංක 07 අරගෙනයි මම ආවේ. සතියකට එක එපිසෝඩ් එකක් හෝ අනිවාර්‍යෙන්ම දෙනවා. මේ කොටසත් එක්කම තව කොටස් 07කින් එතකොට සාලෙම් නම් ඉවරයි. ඊට පස්සේ දෙන්නේ මෙන්න මේ ටික, ඒ දෙන පිළිවෙලටමයි ඔන්න මෙතන තියෙන්නේ.

  • Salem Season 01
  • Batman Beyond Season 01
  • Transformers Prime Season 01
  • DC Super Hero Girls Season 01

මෙන්න මේ තියෙන පිළිවෙලටම මේ ටික ඉවර වෙනකල්ම මම තනියෙන් අලුත් සීරීස් මුකුත්ම දෙන්නේ නෑ. හැබැයි ඉතින් මේ අතරට චිත්‍රපටි නම් දෙනවා. මුලින්ම දෙන්නේ වාර්තාමය එකක්. ඒ වගේම The Masters 2012 ෆිල්ම් එකත් ඉතාම ඉක්මනින් දෙන්නයි සූදානම. ඒක විශේෂ ඉල්ලීමක් නිසයි දෙන්නේ. හැබැයි වෙන කිසිම ඉල්ලීමක් නම් ඉටු කරන්න පුලුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ මේ ඉදිරියට එන සිංහල අලුත් අවුරුද්දට කලින් නම්. හැබැයි අපේ සංවත්සරයට නම් සීරීස් කීපයක්ම එකට දෙන්නයි හිතන් ඉන්නේ. කිසිම කෙනෙක් තරහා නොවෙයි කියලා හිතනවා. මොකද මගෙන් බොහොම ආදරණීයව ඉල්ලීම් කරන හිත හොඳ සහෝලා වගේම මට තිත්ත කුණුහරුප එවපු ඊමේල් රාශියක් තිබ්බා. අපේ සයිට් එකෙනුත් සෑහෙන්න චෝදනා තිබ්බා සීරීස් අතරමඟ නවත්තපු එක ගැන. ඒ නිසා තමයි මෙහෙම තීරණයක් ගන්න උනේ. ඔන්න හරිනේ, කාගේ හෝ හිත රිදුනා නම් මට සමාවෙන්න. අනික තමා මම මගේ ඊලඟ සියලුම උපසිරැසිවලට ලිපියත් එක්ක පොඩි බැනර් එකක් දානවා. ඔයාලට සබ් එක ගැන අදහසක් ගන්න ලේසි වෙන්නයි එහෙම කරන්නේ. කාලෙකින් මට මගේ #සදහම් ක්‍රියේශන්ස් කියන යූ ටියුබ් චැනල් එකත් අප්ඩේට් කරන්න බැරි උනා. ඒත් ලඟදීම ඒකේ අප්ඩේට් ටිකක් දෙන්නයි හිතන් ඉන්නේ. ඔයාලා ඒ පැත්තටත් ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා, කමෙන්ට් එකක් ලියලා එහෙම එන්න ඉතිං. අනිත් දේ තමා මාව ෆේස්බුක් එකෙන් සම්බන්ධ කරගන්න ඕනේ නම් Lakshmi Nandasena කියන එකවුන්ට් එකට මැසේජ් එකක් දාලා තියන්න. ඊ මේල් එවනවා නම් [email protected] එකට එවලා තියන්න. පරක්කු වෙලා හරි රිප්ලයි එකක් නම් දානවාමයි.

මම මේ දීලා තියෙන සබ් එක හරියටම ගැලපෙන්නේ Salem S01E07 HDTV x264 AAC E-Subs [GWC] කියන පිටපතට. ඒත් කොයි HDTV එකටත් මේක සෙට්වෙනවා. අද එපිය හරිම තීරනාත්මකයි. මොකද දන්නවද? අපේ මාදර් හෙවත් පුජකයගේ තාත්තා එනවා සාලෙම්වලට. ඒ යකා එන්නෙම කෙනෙක්ව මරාගෙන. පට්ට දරුණු කෙනෙක්. මනුස්ස ගති සෑහෙන්නම අඩු එකෙක්. එත් ඉතින් අපේ ඇල්ඩන් නම් විකාර දේවල්මයි කරන්නේ. මිනිහා ආදරේ නිසා ටිකක් අවුල්වෙලා ඉන්නේ. ඒ වගේම සාලෙම්වල මහා මායාකාරි හෙවත් මේරි ත් ආදරේ නිසා ටිකක් වෙනස් වෙනවා වගේ දැනෙනවා. කොහොම උනත් මහා පූජාවට අවශ්‍ය මැලම් / මලුම් එක හොයාගන්නවා මායාකාරියෝ. බලන්න ආස හිතෙන කොටස් කීපයක්ම තියෙයි මේ එපියේ. ඉතිං බය නැතුව කම්ප්ලීට් සීසන් 01 HDTV ෆෝර්මැට් එකෙන් ගන්න. සතියක් යන්න කලින් එපිසෝඩ් 08 ත් දෙන්වාමයි. අනිත් දේ තමා මේ කතාව අවසානේ වෙනකොට සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා. දිගටම ඉන්න ඒ නිසා. බාගෙන යද්දී කමෙන්ට් එකක් ලියාගෙන යන්න.

ඒ වගේම මම මෙතනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සමිත රමේශ් මල්ලිව, චානක තිලංක මගේ සහෝදරයාව, අංජුල මල්ලී, අශේන් මල්ලි, උදය සමන්, පීටර් අයියා, මධුවා, ශෙහාන්, අරුණ දර්ශන, දර්ශන ප්‍රදීප්, විසූ රාජපක්ෂ සහ නිත්‍යා රූපසිංහ ඇතුලු සිනෙරූ එකෙ සියලූම දෙනාව. මට මේ උපසිරැසි ලෝකෙට එන්න අරමුණක් දුන්න මගේ සදහම් පුතාව හැමදාමත් වගෙම ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද එයා නැත්නම් දර්ශන හෙට්ටිවත්ත කෙනෙක් නෑ සිනෙරූ එකේ. ඒ වගේම මගේ බිරිඳවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම සබ් බාන ගමන් කමෙන්ට් ලියන, සබ් එක හොරෙන් බාගෙන යන, ඊමේල් එවන ඔයාලා හැමෝටමත් ගොඩක්ම ස්තූතියි. වැදගත්ම අය තමා අපේ සබ් උන්ගේ වගේ අපෙන් හොරකම් කරගෙන, උන්ගේ සයිට්වල දාන හොර සයිට්වල හොර ඇඩ්මින්ලා සෙට් එකත් ආදරෙන් මතක් කරනවා. සබ් උස්සලා දානකොට යකෝ සිනෙරූ එකේ නමවත් දාපියවු! එහෙනම් ඉතින් හැමෝටම, බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

4 comments

  1. thanks bn ithn

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ කාලෙකින් මේකට සබ් දුන්නේ

  3. thq bn .kauru hari Lost.in.Space.2018.S03 denako

  4. Thanks jayawewa….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login