The title of the page
6.8
47
78

Eternals (2021) Sinhala Subtitles | “උඹලා ඔක්කොම මිනීමරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ

(Eternals (2021) Sinhala Subtitles) (Eternals 2021 Sinhala Subtitle)

Olympia නැමැති ග්රහලෝකයකින් පැමිණි සුපිරි බල සහිත පිටසක්වල ජීවීන් පිරිසක්… මිනිසාගෙ අනාගතය සහ පෘථිවිය් අනාගතය සුරක්ෂිත කිරීමට  පිටසක්වලින් පැමිණ  මිනිසා සමඟ පෘථිවි⁣යේ වසර දස දහස්ගණනක් ජීවත් වූ අමරණීය සුපිරි වීරවරයින් දසදෙනෙක්….       


…… Eternals ……

 

  • ඔවුන්ට පෘථිවිය සුරක්ෂිත කරන්නට හැකිවෙයිද? මේ සුපිරි බල සහිත පිටසක්වල ජීවීන් මිනිසුන් සමඟ කොහොම ජීවත් වෙයිද?
  • මිනිසුන් සමඟ අවුරුදු දහස් ගණනක් ජීවත් වුණු පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් පෘථිවියට පැමිණි Eternals ලා තෑනෝස්ගෙ Snap එකෙන් පෘථිවිය ආරක්ෂා කිරීමට Avengers ලට උදව් නොකරේ ඇයි?
  • හැම Marvel fan කෙනෙක්ටම වගේ තිබුන ඒ ප්රශ්නෙට ඔයාලා හිතන්නෙ නැති උත්තරයක් Eternals එකෙන් ලැබේවි..

 

MCU phase 4 වල Turning Point එකක් විදියට Eternals Movie එක හඳුන්වන්න පුලුවන් .. පලවෙනි වතාවට characters විශාල සංඛ්යාවකට origin එකක් දෙන marvel movie එක බවට පත්වෙන Eternals movie එකේ Eternals ලව මුලින්ම comic වලින් දැකගන්න ලැබෙන්නෙ 1976 අවුරුද්දෙ ජූලි මාසෙයෙදි නිකුත් නිකුත් වුන The Eternals කියන Comic Series එක හරහා.. ඒ වගේම තමයි Shang Chi movie එකේදි වගේම Comic වලට වඩා තරමක් දුරට වෙනස්කම් රාශියක්ම තියෙන Movie එකක් වගේම Emotional අතිනුත් Shang Chi movie එකට සමාන මට්ටමක් ගෙන තියෙන movie එකක් තමයි Eternals movie එක.

Comic වලට වඩා movie එක හරහා අපිට දකින්න ලැබෙන්න ප්රධාන වෙනස්කම් කිහිපයක් තමයි Comic වලදි පිරිමි චරිත වලින් නිරූපණය වුන Ajak  සහ Makkari කියන චරිත කාන්තා නිරූපණයන් වීම සහ Comic වලදී Eternals කණ්ඩායමේ නායත්වය දැරූ Ikaris වෙනුවට Movie එකේදි Eternals නායකත්වය Ajak විසින් දැරීම..

2021 අවුරුද්දෙ නොවැම්බර් 05 වෙනිදයින් Theater Release එක ආරම්භ වුන Eternals movie එකට ලැබුන Ratings නම් සතුටුදායක අගයන් වුනේ නෑ.. Rotten Tomatoes හි Tomatoemeter එක 47% වගේ අඩු rating එකක් වගේම IMDb Ratings වලට අනුව 6.8/10 ක අගයක් තමයි මේ Movie එකට හිමි වෙලා තියෙන්නෙ .. Marvel Fans ලා වගේම හැමදෙනෙක්ම ලොකු අවදානෙකින් බලන්හිටපු movie එකක් තමයි මේ Eternals කියන්නෙ.

ඉතින් ඒ බලන් හිටපු ප්රශ්න වලට උත්තරයක් Eternals movie එකෙන් ලබා දෙයිද? Eternals අනාගතය කොයි විදියට ඉදිරියට ගලාගෙන යාවිද? Eternals movie එක අසාර්ථකයි ද? මේ හැම ප්රශ්නෙකට උත්තරයක් දෙන්න Eternals movie movie එක සමත් උනාද කියල ඔයාලම feedback එකක් දෙන්න movie බලලා ඉවර උනාට පස්සෙ ඔයාලට movie එක දැණුන විදියත් එක්ක. ඒ කොහොම උනත් ප්රේක්ෂකයන්ගෙන් නම් ඒ තරම් negative feedback එකක් ආවෙ නෑ Eternals movie එකට. Origin Story එකක් නිසා සමහර අයට මේ movie එක ටිකක් කම්මැලි වෙන්නත් පුලුවන් , හැබැයි MCU හි මීලඟ අනාගතය Eternals මත රැඳේවි කියල ඉඟි පලකරන්න නම් පුලුවන්.

Eternals කියන්නෙ මේ තරම් කාලයකට අපි දැකපු marvel විශ්වය වෙනස් කරන සහ සෑහෙන්න විශාල වෙනස්කම් ගොඩකට මග පාදන movie එකක්, ඒ නිසා Eternals movie එක ගැන ලොකු details කියන්න බෑ මොකද හැම තැනකම ලොකු විස්තර සහ ඉඟි ගොඩක් තියෙන movie එකක් තමයි Eternals කියන්නෙ. Visual Effect ගැන කතා කරොත් ඉතින් හැමදාම වගේ  කියන්න තියෙන්නෙ හැම අතින්ම සුපිරි combination එකක්. Overall movie එක ගත්තොත් visual effects,music අතින් balanced Movie එකක් කිව්වට වැරැද්දක් නෑ. ඔයා Eternals බලන්න කලින් අපි Eternals වලින් අපිට හඳුන්වල දෙන main characters ගැන පොඩි විස්තර කීපයක් දැනගමු.

Ajak Eternals Movie එකට අනුව Eternals Team එකේ Leader තමයි Ajak කියන්නෙ. Ajak ගෙ power එක තමයි Healing power එක (සුව කිරීමේ ශක්තිය)

Ikaris Film එකේ පෙන්නන විදියට නම් Superman Inspired Character එකක්. Powerfull character එකක්

SersiKindhearted Girl.. එහෙම කිව්වට වැරැද්දක් නෑ❤️ මිනිස්සු එක්ක ජීවත් වෙන්න කැමත්තක් දක්වන character එකක්. Powers ගැන කිව්වොත් වස්තූන් පාලනය කිරීමේ හැකියාව සහ වස්තූන් වල ස්වභාවය වෙනස් කිරීමේ හැකියාව.

ThenaThena කියන්නෙ රණශූරියක් විදියට තමයි හඳුන්වල දෙන්නෙ.Powers ගැන ගත්තොත් ආයුධ මැවීම/නිර්මාණය කිරීම.

GilgameshStrongest Eternal කිව්වට වැරැද්දක් නෑ💪 Ikaris ට වගේ powers නැති උනාට Ikaris ට වඩා Strength එක අතින් වැඩී Gilgamesh

PhastosEternals ලගෙ දක්ෂයා.එහෙම නැත්නම් නවනිපැයුම්කරුවා.ඕනම දෙයක් නිර්මාණය කිරීමේ හැකියාව තමයි Phastos ගෙ ability එක

Makkari සම්පූර්ණ බිහිරි සහ ගොලු character එකක්..Marvel විශ්වය තුල පලවෙනි බිහිරි සහ ගොලු character එක. Powers ගත්තොත් Speed එක සහ ඉතාම සුළු vibrations පවා සංවේදනය වීමේ හැකියාව. විනෝදකාමී චරිතයක්. 

DruigIndependent හිතුවක්කාර character එකක්. Mind controlling power එක තමයි Druig ගෙ Power එක

SpriteLoki වගේ මැවුම්කාර මායාකාරයෙක්. මායාවන් නැත්නම් Illusions ඇති.කිරීම තමා Ability එක. වයසින් අඩු character එකක් වගේ පෙනුනට Sprite කියන්නෙත් අනිත් Eternals ලගෙ වයසෙම ඉන්න character එකක්

Kingoආතල් character එකක්. Ikaris,Gilgamesh තරම් strength එකක් නැති උනත් ශක්තිමත්. Cosmic Energy එක එහෙම නැත්නම් මානසික බලයෙන් පුපුරුවා හැරීම් සිදු කිරීම තමයි power එක.

 

ඉතින් එහෙනම් movie එක Enjoy කරන්න. මතක තියාගන්න මේ Phase 4 එකේ ආරම්භය විතරයි. මේ Movie එකත් ඔයාලට Surprise ගොඩක් අරන් එයි. මතක තියාගන්න, ඔයාලා trailers ටික බැලුවට පස්සෙ හි⁣තුන දේවල් කිසිම දෙයක් නම් මේ movie එකේදි සිද්ධ වෙන්නෙ නෑ. Eternals කියන්නෙ Marvel Fans ලට අලුත්ම සහ වෙනස්ම අත්දැකීමක්..ඒ අත්දැකීම ඒ විදියටම විඳගන්න. ඔයාලටත් මේ වෙනකන් රසවිඳලු marvel movies වලට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් Eternals movie එකෙන් ලැබේවි. ආ අමතක කරන්න නම් එපා movie එකේ post credit scene දෙකක් තියෙනවා. ඒ නිසා අන්තිම වෙනකන් movie එක බලන්න. Marvel fans ලට නම් ඒ දේ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ නේද..

ලිපි සැකසුම – SriCOM වෙතින් Srimal සහා Omira Dissanayake

(Eternals (2021) Sinhala Sub) (Eternals Sinhala Subtitle) (Eternals Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

46 comments

  1. wow maru maru..

  2. Thank you bro..i love cineru.lk

  3. අම්මෝ නියමයි සහෝ thank you Sub ekata

  4. ඉල්ලලා විනාඩි 45ක් යන්න ඇති.සබ් දීලා.මරු හැබැයි…❤✌️
    Thank you boys…🙌

  5. නියමයි බං…❤️

  6. මාර ස්පීඩ් එකක්නෙ බොහොම ස්තුතියි සබ් එකට

  7. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි සමිතේ අයියේ😍😘

  8. නියමයි සමිත අයියෙ.😍 සබ් එකට ගොඩක් ස්තූතියි..👍

  9. Thanks bro subekata denakan unne. Jaya weva.

  10. Madushan Priyankara
    Cineru Family Member

    සුපිරි සමිතෙ

  11. thanks brother

  12. සබ් එකට tnxx broo

  13. Secret N
    Cineru Family Member

    අෆ්ෆට ස්පීඩ් එක… එලම සමියා…. 200* ට ලඟයි…… වාසි වාසි..

  14. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  15. jaya vewa. sahodaraya.

  16. බොහොම ස්තූතියි සහෝ

  17. Thank you Brother ❤

  18. නියමයි සුපිරිම වැඩක්

  19. Thanks bro 🔥♥️

  20. Sub ekata thans bro😘 puluwannam sing 2 ekatath sub eka denawada

  21. Thanx sub ekata mcn. Puluwannam sing 2 ekatath sub eka denawada

  22. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  23. mcn sub eke podi delay ekak awe mata witharada ? PSA WEBRip ekath ekka baladdi habai 🙂

    • IMAX කොපියට තාම සින්ක් කරලා නෑ මචං..සබ් එක තියෙන්නෙ ඊයේ ආව WEBDL වලට..

  24. maru aaaaaaaaaaaaaa love you all

  25. තෑම්ස් මචන් ආපු ගමන් සබ් දෙනවනෙ… සිනෙරූ තමයි ගැම්ම

  26. Thanks machan sub ekata. ikmanatama sub dena nisa cineru eke thama dan mulinma balanne. JAYA WEWA

  27. Sub ekata thanx

  28. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:

    The Addams Family 2 (2021)
    Sing 2 (2021)

  29. H L GAGAN KAUSHALYA

    THANKS FOR THE SUBTITLE

  30. Daredevil season 1 2 3 subtitles dennako

  31. Thank You Very much bro….

  32. Thanks for the sub!!!!!!!!

  33. thanks bro sub ekata

  34. g drive wala dena ekatanam thanksssss

  35. Abdul Raheem(Kolly)

    Thanks Guys❤️

  36. BluRay update එකක් දෙන්නැද්ද

  37. BluRay වලට update කරන්නැද්ද

  38. blue ray update eka kawadada denne?

  39. BluRay update එකකුත් දෙන්නකො

  40. Sub for Blu-Ray please……

  41. Chamindu Udayantha

    Bluray. Update Subtitles දෙන්න පුලුවන්ද????

  42. Bule-Ray Update pls….!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login