The title of the page
6.2
91

Van Helsing S01E08 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

ඔන්න යාළුවනේ, අනිත් එපියෙන් ආපහු මං ආවා. මේ පාර මං සබ් අරගෙන ආවේ වෑන් හෙල්සිං කතා මාලාවේ අටවෙනි එපිසෝඩ් එකට. මං කලින් කිව්වා වගේ කලින් එපියෙදි ලොකු පෙරලියක් සිද්ද උනා නේද? මේ පාර ඊට වඩා දේවල් සිද්ද වෙනවා. ඇත්තම කිව්වොත් මේ වැනේසා ඇතුලු කණ්ඩායම කරන්නේ රටට ලොකු සේවයක්. මොකද කියනවා නම් වැම්පයර් වරුන්ගෙන් රට බේරගන්න මේ අය තමන්ගේ ජීවිතයම කැප කරනවනේ. අපේ රටෙත් ඔය වගේ රට වෙනුවෙන් ජීවිතය පූජා කරන අය ඉන්නවා, හැබැයි ඔය අතරේ කකුලෙන් අදින අයත් නැතුවම නෙමෙයි. මං නම් කියන්නේ ඒ දෙගොල්ලන්ටම මේකෙන් හොඳ පණිවිඩයක් දෙනවා. ගොඩක් වටින කතා මාලාවක් මේක මොකද මගේ යාළුවන්ගේ හොඳ ප්‍රතිචාර මේකට ලැබෙන නිසා. කොමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් පලකරලා යන්න. ඒක මගේ සබ් ගමනට ලොකු හයියක්. (Van Helsing S01E08 Sinhala Sub)

මුලින්ම කලින් එපිය ගැන මතක් කරගමුකෝ, ඔයාලට මතකයිනේ වැනේසට සිද්ද උන අනතුර ඒක නිසා ඇයට ගොඩක් අමාරු උනා. ඔය අතරේ කවුරුවත් හිතපු නැති විදිහේ කරදරයක් ඔවුන් වෙතට ආවා. වැනේසවයි එයාගේ යාළුවා උන සුසාන්වයි හිර කරගෙන හිටිය ජුලියස් කියන වැම්පයර් නායකයා ඇක්සෙල්ලා හිටිය තැනට පහර දෙන්න ආවා. ඔවුන් ඒ ගොඩනැගිල්ලේ දොර කඩාගෙන ඒකට ඇතුල් වෙනවා. ඇක්සෙල් කලින් අටවලා තිබ්බ උගුල් නිසා ඒ කරදරෙන් නම් ඇක්සෙල්ලා බේරෙනවා. ඔය දේවල් අතරේ කලින් පිටුවහල් කරපු කළු කොල්ලට ඇක්සෙල්ලා එළවලා දාපු අය අතරේ හිටිය ගෑණු ළමයව මුණගැහෙනවා, ඒත් ඇයව වැම්පයර්වරුන්ට අහු උන නිසා ඇයව මරලා දානවා. ඇක්සෙල්ලට ආපූ කරදර නම් තාම ඉවර නෑ, මොකද කියනවා නම් දිමිත්‍රි කියන ප්‍රධාන වැම්පයර් නායකයාගේ ඝාතක කණ්ඩායමක් ඇක්සෙල්ලට පහර දෙන්න එනවා. ඒ නිසාම ජුලියස් එතනින් පැනලා යනවා. ඔවුනුත් ඇක්සෙල්ලා හිටපු තැනට ඇතුල් වෙනවා. කොහොම හරි ඇක්සෙල් ඔවුන්ටත් උගුලක් අටවලා ඒ හැමදෙනාම ඒ ගොඩනැගිලෙන් පැනලා යනවා. හැබැයි ඔවුන්ට මොහොමඩ් කියන කළු කොල්ලව මඟහැරෙනවා. ඔන්න ඔහොම ඒ එපිය ඉවර වෙනවා.

මේ එපියෙන් මොකක්ද වෙන්නේ කියලා බලමු, මේ එපියෙදී වැම්පයර්වරුන්ගේ ලොකු රහසක් එළිවෙනවා. ඒ මොකක්ද කියනවා නම් වැම්පයර්වරුන්ට ළමයි බිහි කරන්න බෑ. ඒක නිසාවෙන් රෙබේකා කාන්තාවන් යොදාගෙන එක එක විදිහේ පර්යේෂණ සිදු කරනවා. ඔය අතරේ ඇක්සෙල්ලා එයාලගේ ගමන ටික වෙලාවකට නතර කරනවා. ඔය වෙලාවේ පල්ලියක සීනූ හඬක් ඇහෙනවා, ඒකෙන් හැමෝම කලබල වෙනවා. පස්සේ ඔවුන් ආපහු ගමන පටන් ගන්නවා. ඔවුන් එදා දවස ගත කරන්න තැනක් හොයා ගන්නවා. ඔය අතරේ අර මොහොමඩ් කියන කළු කොල්ලා ඇක්සෙල්ලා ගිය පාරෙම එයාලව හොයාගෙන එනවා. ඇක්සෙල්ලා නතර උන තැනදී එයාලට තව කෙනෙක් මුන ගැහෙනවා. ඊට පස්සේ ඒ අය සේරම අළුත් නවාතැනක් හොයාගන්න පිටත් වෙනවා. මං මෙතනින් නතර කරන්නම්, එයාලට අළුත් තැනක් හම්බ වෙයිද, නැද්ද. එයාලට ඉස්සරහට මොනවගේ දේවල් වලට මුහුන දෙන්න වෙයිද කියලා දැනගන්න ඕනේ නම් මේ එපියත් අරන් බලන්න වෙනවා.

හොඳයි එහෙනම් මේ කතා මාලාව ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න.. අවසාන වශයෙන් සමිත සහෝවත්, දර්ශන සහෝවත්, අංජුල සහෝවත්, සිනෙරු ටීම් එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එහෙනම් නවවෙනි එපියෙන් නැවත හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

6 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඔන්න දාලා විනාඩි පහයි. මම බෑවෝ. එලම චානක සහෝ මල්ලි.

  2. චානක තිලංක

    ස්තුතියි ස්තූතියි

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊👊👊

  4. චානක තිලංක

    ස්තුතියි හෂාන් බ්‍රෝ.

  5. නිසඟි🍁

    අයියේ, සීසන් දෙක දෙන්නේ කවද්ද? ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. හරි සබ් එකක් නෑනේ. තියෙන එක මෙලෝ රහක් නෑ. ඔයා සබ් කරනවා නම් නියමයි. මං වැම්පයර් ඒවා බැලුවේ නෑ කලින් නම්. ඒත් මේක බලනවා ආසාවෙන්.
    ඉක්මනට සීසන් දෙකයි, තුනයි දෙන්න. එකපාර දෙනවා නම් නියමයි

  6. චානක තිලංක

    මේ දවස් වල නම් ටිකක් වැඩ වැඩියි ඒක නිසයි ඉක්මනටම දෙවෙනි සීසන් එක අරගෙන එනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login