The title of the page
6.5
67
86

Typewriter (2019) S01 E03 Sinhala Subtitles | වැළලී ගිය බිහිසුණු අතීතය | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් පලවෙනි කොටස් දෙකෙන් පස්සෙ මේ ගේන්නෙ තුන්වෙනි කතාංගය….

මේ කතාමාලාවේ..කලින් කොටස් දෙක බලපු අය දන්නවා නේ මේ සීරීස් එක මොනවගේ එකක් ද කියලා..ඇත්තටම කියනවා නම් සබ් ඩවුන්ලෝඩ් ප්‍රමාණයෙන් පේනවා මේක බලන්නෙ ගොඩක් ම සුළු ප්‍රමාණයක් කියලා..කොහොමත් අපේ අයට හොද නිර්මාණ දුන්නම ඒක මගහරින එක නම් ඉතින් කරන්න දෙයක් නෑ..

කොහොමහරි බලන ටික දෙනා හරි දන්නවා මේක සාම්ප්‍රදායික Horror කලාවෙන් එහාට ගියපු කතාමාලාවක්. මොකද සාමාන්‍ය Horror වගේ නෙමේ මේක.. මේ වගේ නිර්මාණ තමා අපිට ඕනෙ.. Netflix කියන්නෙ අන්න ඒ විදිහෙ නිර්මාණ බිහිකරපු සෙට් එකක්.. මතකනේ Ghoul එක..නැත්නම් අර කලින් ඒවා වගේ යකදුරෙක් ඇවිල්ලා හොල්මන අල්ලන ඒවා..හොල්මන ගෙදරට ඇවිල්ලා අනිත් අයට වැහෙන ඒවා..මේවා දැන් කල් පැනලා..මේ වගේ Horror කලාවෙන් ඔබ්බට ගිය Web කතාමාලවක තෙවන දිගහැරුමයි මේ..

පසුගිය කොටසින්..

කලින් කොටසින් දකින්න ඇති විලා වල තියන Typewriter එකේ මොකක්දෝ දෙයක් තියෙනවා කියලා..තාම ඒත් ඒක හරියටම පැහැදිලි නෑ..ඉස්සරහට දැනගන්න ලැබෙයි..ඒත් එක්කම දෙන්නෙක් ගෙ මරණ සිදුවෙනවා..ඒ මරියා ලෝපෙස් ගේ හා ජේම්ස් ගෙ..කොහොමහරි ජේම්ස් ගෙ මරණ විදිහ සෑම් ඇස් දෙකෙන් ම දකිනවා..ඒ ජෙනී වගේම යක්ශයෙක් එයාව මරනවා..එතනින් ඒ කොටස ඉවරවෙන්නෙ..

අද කොටසින්,

අද කොටසින් බලාගන්න පුළුවන්..කවුද මේ ෆකීර් කියන්නෙ කියලා..ඒ කියන්නේ මේ බිහිසුණු අතීතය ගැන දේවල් දැන් දැන් දැනගන්න ලැබෙනවා..කොහොමහරි සෑම් දැකපු දේ ජෙනීට කියනවා..එතකොට මොකක්ද වෙන්නෙ ? මොකක්ද මේ Typewriter එකත් එක්ක බැදුණු බිහිසුණු අතීතය ? ඒ ගැන තව තවත් ඉස්සරහට දැනගන්න ලැබෙයි..

එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් ඉෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් ඉෂාර

April 12, 2019


32
Total Subtitles

One comment

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 👍
    ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login