The title of the page
6.3
20
93

Idukki Gold (2013) Sinhala Subtitles |කේරල ගංජා| සිංහල උපසිරැසි සමග |

කේරල ගංජා කීවෝත් දන්නේ නැත්තේ කවුද නේහේ , හැබැයි කේරලය කියද්දි සිනාමා රසිකයෝ විදියට අපට මතක් වෙන්නේ මොකක්ද ඇත්තටම වෙන මොනවද ඒ හිත් පැහැර ගත්ත මලයාලම් සිනාමාව. හැබැයි මේ පාර කතා කරන්නේ හරි අමුතු දෙයක් ගැන බලමුකෝ නේහේ,

මොකක්ද මේ Idduki Gold කියන්නේ ඇත්තම කතාව කීවොත් මේ තමා ලෝකයේ මිල අධිකම ගංජා විශේෂය සහා සුවිශේෂී ම කාරණය තමා මේවා තියෙන්නේ කේරලයේ එක් ප්‍රදේශය ක විතරයි  මම මේ බොරුද කියන්නේ නෑ ඔයාට පුළුවන් ගූගල් වල සර්ච් කරන්න idduki gold කියලා අනිවාර්යයෙන් ම බලන්න

ඉඩුක්කි කියන ගංජා ප්‍රබේදය ආසියාවෙ ඇති අනර්ගතම ප්‍රභේද වලින් එකක්. 80% ඉන්දීය සම්භවයකුත් 20% විදේශීය (ඈම්ස්ටර්ඩෑම් ගංජා) සම්භවයකුත් ඇති මේ හයිබ්‍රිඩ් ගංජා විශේශය ඉන්දියාවේ කේරලයේ ඉඩුක්කි කියන ප්‍රදේශයේ විතරක්ම වැවෙන එකක් කියල තමා සැලකෙන්නෙ

ඒ කතාව දැන් ඇති ඒ දේවල් කීවේ දැනුමට යමක් විදියට විතරයි
ඉතිං අපි කතා කරමු චිත්‍රපටය ගැන , අර මම කලින් කීව මලයාලම් රහ නම් අඩුවක් නැතිව විදින්න පුළුවන් කතාවක් තමා මේ අනිවාර්යයෙන් බලන්න ඕන එකක් මට විශ්වාසයි සෑහෙන දෙනෙක්ට මේක මඟ හැරුණු එකක් මම අහම්බෙන් තමා මේ චිත්‍රපටය දැක්කේ දැක්ක ගමන් හොයාන ගිහින් තමා අවසානයේ මේකට කොහොමහරි සබ් එක කරනවා කියලා හිතුවේ ඉතිං මේක හරි රහයි ඇත්තමයි විශේෂයෙන්ම කොල්ලො මේක බලන්න වටිනවා මොකද ඉස්කෝලේ කාලේ මැවිලා පෙනෙයි විශේෂයෙන්ම කියන්නේ 80 / 90 කාලයේ ඉපදිච්ච අයට නම් අනිවාර්යයෙන් ම මේක හොඳ මතකාවර්ජනයක් වෙනවා අනිවාර්යයෙන් ඇයි මම එහෙම කියන්නේ ඒකටත් හොද හේතූවක් තියනවා ඒ තමා ඒ අපිට තිබුණ ලමා කාලය දැන් තියනවද කියන එකයි

කතාවට ආවොත් 

චිත්‍රපටය බිහිවෙන්නෙ 2013. ටිකක් පරණයි. IMDB අගය 6.2/10ක්. අධ්‍යක්ෂණය ආශික් බාබු විසින් තමා

ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ පිස්සු කෙලපු යාලුවො සෙට් එකක් ඉන්නවනම් මේ ෆිල්ම් එකේ අතීත මතක එක්ක ඇස් වලට කඳුලු පුරවන් බලන්න පුලුවන් විදිහේ එකක්…

මයිකල්, ඇන්තනී, මදන්, රවී සහ රමන් එකම පන්තියේ ගැන්සිය. ඒ ඉස්කෝලෙ තියෙන්නෙ කේරලයෙ කොලම කොල පාට කඳු වලලු වලින් වටවෙලා ගිය ගමක…

අවුරුදු 30කට කලින් කට්ටිය ඉස්කෝලෙන් වෙන් වෙලා මේ යලුවො ටික සී සී කඩ යනව. මේ අතරින් මයිකල් යන්නෙ චෙකොස්ලෝවැකියාවෙ. එහෙ ඉඳන් නිවාඩුවකට අවුරුදු 30කට පස්සෙ එන මයිකල් එයාගෙ ඉස්කෝලෙ අනෙක් යාලුවො හතර දෙනාව හොයාගන්න හැටි, ඒ කට්ටියගෙ පවුල් වල වෙන ජරමර කේස් සහ අන්තිමේදි අවුරුදු 30කට කලින් රස බලපු ඉඩුක්කි ගෝල්ඩ් ගංජා ප්‍රභේදය හොයාගෙන කට්ටිය කේරලයේ කොළ පාට පිරිණු කඳු වැටි අස්සේ කැලේට රිංගන හැටි පැය දෙකාමරක් පුරා අපූරුවට දිගහැරෙනව…

අන්තිමේදි කැලේ ඇතුලෙදි වෙන හිතාගන්න බැරි සිදුවීම් කීපයක් එක්ක ආපහු සැරයක් ඉඩුක්කි පාරක් අදින්න කට්ටියට හැකියාව ලැබෙනව..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

7 comments

  1. Peter Barthelot
    Cineru Family Member

    එල රුමේෂ් නියමයි සයිට් එකේ දෙවෙනි ගන්ජා ස්ටෝරිය

  2. niyamai bro.. digatama malayalam film walata sub oni..

  3. Ammoo niyamai,,,,thank you,,,,,,oyata godaaak pin,,,,

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. ela saho.digatama demu.jaya wewa

  6. බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. සුපිරි මලයාලම් ෆිල්ම් වලට ඉක්මනට සබ් දෙන්න
    කාලය මහන්සි ය ඔක්කොම අපි වෙනුවෙන් කැප කරලා මේ කරන සේවයට..හුගාක් ස්තූති.

  7. Hi Peter ….Mokkada 1st story eka,….??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login