The title of the page
To the Beautiful You (2012) E09 Sinhala Subtitles
To the Beautiful You (2012) E09 Sinhala Subtitles
7.2
96

To the Beautiful You (2012) E09 Sinhala Subtitles | ලස්සන ඔයා වෙනුවෙන් !! | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතින් යාලුවනේ.. ඔන්න නමවෙනි කොටසත් අරගෙන ආවා..

කලින් කොටසෙ ජේ හිත් එක්ක උල්කාපාත වැස්ස බලන්න යන්න තේ ජුන්ට බැරි වුනානෙ.. ඒක නම් ටිකක් දුක හිතෙන සීන් එකක් උනාට මේ කොටස නම් ලස්සනම ලස්සන සිද්දි ගොඩක් දකින්න පුලුවන් කොටසක්.. මේ කොටසෙ සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නෙ ඊර්ශ්‍යාවයි ආදරෙයි කැමැත්තයි ගැන සිදුවීම් පෙලක්.. එහෙනම් බලමු අද කොටසෙ මොකද වෙන්නෙ කියලා.මේ කොටසෙ වෙන ප්‍රධානම සිදුවීම තමයි කතාවට අලුත් චරිතයක් එන එක..

කොරියන් කතා බලන ඔයාලට නම් ඒ එන චරිතෙ රඟපාන කෙනා අලුත් කෙනෙක් නෙමේ.. මේ අලුත් චරිතෙ නිසා තමා ඇත්තටම මේ කොටස රසවත් වෙලා තියෙන්නෙ.. ඒ කෙනා නිසා අපේ තේ ජුන් කොල්ලයි උන්ග් යෝල් කොල්ලයි පිස්සු නටනවා.. ඒ වගේම සෑහෙනට ඊරිසියා කරනවා මේ අලුත් චරිතෙට.. ඒ සිදුවීම් තමයි ඇත්තටම මේ කොටසෙ තියෙන ප්‍රධානම සිදුවීම්..

ඒ වගේම තවත් සිද්දියක් වෙනවා මේ කොටසෙදි.. අපේ සේං රි ඔප්පාගෙ හිත යනවා කෙල්ලෙක්ට.. ඒ කෙල්ල කවුද කියලා මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කියලයි මං හිතන්නෙ.. මොකද එයාව ඔයාලා දන්නවා.. ඒකත් ඉතින් ලස්සන සිද්දියක්..මේ කොටසෙ අවසානයත් හරිම ආදරණීය උනාට අපේ උන්ග් යෝල්ට නම් එච්චර හොඳ දෙයක් නෙමේ වෙන්නෙ..

එහෙනම් ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.. ඊලඟ කොටසත් අරන් එන්නම් යාලුවනේ.. ගිහින් එන්නම්.. බායි…

ස්තූතියි

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
භාග්‍යා වර්ණකුලසූරිය

November 18, 2020


11
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login