The title of the page
7.2
96

To the Beautiful You (2012) E07 Sinhala Subtitles | ලස්සන ඔයා වෙනුවෙන් !! | සිංහල උපසිරැසි සමඟ

හලෝ කොහොමද යාලුවනේ.. ඔන්න හත් වෙනි කොටසත් අරං ආවා.. එහෙනම් වැඩි කතා ඕනේ නෑ.. හැරෙමු කතාව පැත්තට..

ඔන්න ඉතිං මේ කොටසෙදිත් හිනා කාලා මැරෙන්න පුලුවන් තැන් සෑහෙනට තියෙනවා.. මේ කොටසෙදි සිද්ද වෙන හොදම දේ තමයි අපේ උන්ග් යෝල් කොල්ලා ජේ හිලාගෙ කාමරේට නවතින්න එන එක.. ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කරන සිද්දියක් නිසා උන්ග් යෝල් තේ ජුනුයි ජේ හියි ඉන්න කාමරේට පදිංචියට එනවා. වැඩි කාලෙකට නං නෙමෙයි. සතියක් වගේ චූටි කාලෙකටයි එන්නෙ..

හැබැයි ඉතින් ඒ චූටි කාලෙට තේ ජුන් නම් ඉරිසියාවෙ පුපුරලා මැරෙන්න හදනවා.. ඒක ඉතින් ඔයාලම බලලා රස විඳින්නකෝ..මේ කොටසෙදි ජේ හියි උන්ග් යෝලුයි එකතු වෙලා තේ ජුන්ගෙ නැති වුන මාලෙ හොයන්න ගොඩක් මහන්සි වෙනවා.. ඒ මාලෙ හොයන්න ගිහිල්ලාත් හොඳ හොඳ සීන් වෙනවා..

ඒ වගේම තමයි ඔයාලට මේ කොටසෙදි හොල්මන් එහෙමත් බලාගන්න පුලුවන් වෙයි.. හොල්මනත් තවත් හොල්මනකට බය වෙන විදිහ එහෙමත් බලා ගන්න පුලුවන්.. හිනා වෙන්න ලෑස්ති වෙලාම බලන්නකො එහෙනම් කතාව.. මේ කොටස අවසන් වෙන්නෙත් වෙනදා වගේම හරිම ආදරණීය විදිහටයි..එහෙනම් දිගටම රැදිලා ඉන්න.. ඊළඟ කොටසත් අරන් ඉක්මනට එන්නම්..

බායි…..ස්තූතියි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
භාග්‍යා වර්ණකුලසූරිය

November 18, 2020


11
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login