(To the Beautiful You (2012) E03 Sinhala Subtitles) ආයුබෝවන් කස්ටිය .. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මං තුන්වෙනි කොටසත් අරගෙන ආවා..ඔයාලා කලින් කොටසේදී දකින්න ඇති නේ.. තේ ජුන් බිව්වොත් එහෙම මොකද වෙන්නේ කියලා.. ඒක හරිම ජොලි නේද..?
හරි.. එහෙනම් බලමු අද කොටස මොන වගේද කියලා..මේ කොටසෙත් විශේෂ සිදුවීම් ගොඩක් වෙනවා.. කලින් කොටසේ දි තේ ජුන් බීලා ඉද්දි ජේ හිව කිස් කරා කියන නිව්ස් එක මේ කොටසෙදි හැමෝම දැන ගන්නවා.. හම්මෝ… හිනා කාලා මැරෙනවා ඉතින්.. ඒ සීන් එක තේ ජුන්ට මතක් වුනාම තමයි මාරම ජොලි..ඒ වගේ ම තවත් ජොලි සිද්දියක් වෙනවා මේ කොටසෙදි.. මෙයාලා මේ කොටසෙදි පොඩි ගමනක් යනවා. හරියට චූටි ට්‍රිප් එකක් වගේ එකක්.. සේං රි ලාගෙ ගෙදර තමයි යන්නෙ..
මතකනෙ සේං රිව.. ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා.. සේං රි කට්ටියව එක්කන් යන්නෙ නම් ට්‍රිප් එකක් එක්කන් යන විදිහට තමයි.. ඒත් ගිහාම කරන්න වෙන්නෙ වෙනමම වැඩක්.. ජේ හි, උන්ග් යෝල්, හයුන් ජේ, වගේම අහම්බෙන් මේ ට්‍රිප් එකට තේ ජුන් වගේම සෝල් හන් නාත් සෙට් වෙනවා.. ට්‍රිප් එක නම් ජොලි.. හැබැයි ඉතින් මේ ට්‍රිප් එකේදි කෙනෙක් දැන ගන්නවා ජේ හි කියන්නෙ ගෑනු ලමයෙක් කියලා.. ඒ වගේම එයා ඒකට දක්වන ප්‍රතිචාරයත් එච්චර හොඳ නෑ.. ඉතින් ඔයාලම බලන්නකො කවුද ජේ හිගෙ ඇත්ත දැන ගන්නෙ කියලා.. ඒ වගේම ඇත්ත එලි වුනොත් මොනවා වෙයිද..?
ඊලඟ කොටසින් හම්බෙමු චිංගුලා..
(චිංගු – යාළුවා)
ස්තූතියි..
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 18, 2020
භාග්‍යා සහෝ, සුපිරිම හොඳේ 🚬
තෑන්ක්ස් සබ් එකට