The title of the page
To the Beautiful You (2012) E02 Sinhala Subtitles
To the Beautiful You (2012) E02 Sinhala Subtitles
7.2
96

To the Beautiful You (2012) E02 Sinhala Subtitles | සිදුවීමක් | සිංහල උපසිරැසි සමඟ

(To the Beautiful You (2012) E02 Sinhala Subtitles) හායි යාලුවනේ…ඔන්න මං දෙවනි කොටසත් අරගෙන ඉක්මනටම ආවා..දැන් ඉතින් ඔයාලට කතාව ගැන පොඩි අදහසක් එහෙම ඇති කියලා මං හිතනවා.. පළවෙනි කොටසෙ ඉවර වුනෙ ජේ හිව ඩොක්ටර්ට මාට්ටු වෙන සීන් එකෙන්නෙ.. ඒ සීන් එක කොහොමද විසඳෙන්නෙ කියලා මං ඔයාලට කියන්නෙ නැතෝ.. මොකද ඉතින් පොඩි කුතුහලයකුත් තියෙන්න ඕනනෙ කතාවක් බලද්දි..

හරි එහෙනම්.. බලමු අද කොටසෙ මොකද වෙන්නෙ කියලා..මේ කොටසෙ සිද්ද වෙන ප්‍රධානම සිදුවීම තමා කන්ග් තේ ජුන් රෝගයකින් පෙලෙනවා කියලා අනිත් හැමෝම දැන ගන්න එක.. ටික දවසකට කලින් තේ ජුන්ට සිද්ද වුන අනතුරක් හින්දා  එයාට මාංශ පේශි සින්ඩ්‍රෝමය කියන ලෙඩෙ හැදෙනවා.. ඒ ලෙඩේ ඒ හින්දා එයාට ආයේ කවදාවත් උස පනින්න බැහැ කියලත් වෛද්‍යවරු කියනවා.. කොහොම හරි මේ සිදුවීම ගැන එක් මාධ්‍ය වේදිණියක් දැනගෙන තේ ජුන් ගැන මාධ්‍යට ලිපියක් ලියනවා.. මේ ලිපිය හින්දා හැමෝම තේ ජුන්  අත්හරින්න ගන්නවා.. ඒ වගේම ප්‍රේක්ෂකයෝ පවා එයාව අත් අරිනවා.. කොහොම හරි ඉතිං ඔක්කොම කුණු බේරෙ වැවට වැටෙනවා වගේ මේ නිවුස් එක මාධ්‍යයට ගියේ ජේ හි හින්දා කියලා තේ ජුන් වැරදියට වටහා ගන්නවා.. එහෙම වැරදියට වටහා ගන්නත් ලොකු හේතුවක් තියෙනවා..

ඉතින් මේ වැරදි වැටහීම් අස්සේ තවත් අපූරු සිද්ධියක් වෙනවා.. මේ දවස් වල ඉස්කෝලේ මලල ක්‍රීඩා තරගාවලියක් තියෙනවා.. හැම හොස්ටල් එක ම ළමයි මේ මලල ක්‍රීඩා තරගාවලියට ගොඩක් මහන්සිවෙලා ක්‍රීඩා ප්‍රැක්ටිස් කරනවා.. තේ ජුන්ගෙ ලෙඩේ ගැන පැතිරුණු කටකතා නිසා එයා නම් මේ වැඩේට වැඩිය සම්බන්ධ වෙන්නෙ නෑ.. ඒ නිසාම තේ ජුන් වෙනුවට වෙනත් අය ක්‍රීඩා කරනවා.. මේ අතරේ තේ ජුන් වෙනුවට  මැරතන් එක දුවන්න අවස්ථාව හම්බෙන්නෙ අපේ ජේ හිටයි.. ඒක එයා භාර ගන්නෙ තේ ජුන්ගෙ හිතේ තියෙන වැරදි වැටහීම නැති කරන්න පුංචි හරි උදව්වක් වෙයි කියලා හිතාගෙන..

ඉතින් එයා ඒක බාර ගත්තු එකෙන් හොඳක් සිද්ධ වෙයිද නරකක් සිද්ධ වෙයිද කියල ඔයාලම බලන්නකෝ.. මේ කොටසෙදි තමයි අපේ උන්ග් යෝල් කොල්ලට ජේ හි ගැන හිතක් පහල වෙන්නෙ.. ඒකත් ඉතින් අමුතුම පැත්තක් තියෙන සිදුවීමක්..මේ කොටසේ අවසානය නම් හරිම ආදරණීයයි.. ජේ හිලාගෙ හොස්ටල් එක ඒ කියන්නෙ තේ ජුන්ලගෙ හොස්ටල් එක මලල ක්‍රීඩා තරගාවලිය ජයග්‍රහණය කරනවා.. අන්තිමට ලොකු පාටියකුත් තියෙනවා.. ඒ තියෙන පාටිය හින්දා තමයි මං අර කියපු ලස්සන ආදරණීය අවසානය සිද්ධ වෙන්නේ.. ඉතින් ඔයාලම බලන්නකෝ.. ඒ ආදරණීය අවසානය ඇත්තටම ආදරණීයයි ද නැත්තං විනෝදජනකයි ද කියලා..

එහෙනම් ඊළඟ කොටසින් හමු වෙමු …
ස්තූතියි

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
භාග්‍යා වර්ණකුලසූරිය

November 18, 2020


11
Total Subtitles

6 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඔන්න මුලින්ම බෑවේ මං ඈ. ඩිගටම සිනෙරූ එක්කම යං සිස්

  2. Supun
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එක

  3. video eka download wenne nhne

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login