The title of the page
To the Beautiful You (2012) E01 Sinhala Subtitles
To the Beautiful You (2012) E01 Sinhala Subtitles
7.2
96

To the Beautiful You (2012) E01 Sinhala Subtitles | “ආශ්චර්‍ය යනු කැපවීමට කියන තවත් නමකි..” | සිංහල උපසිරැසි සමඟ

(To the Beautiful You (2012) E01 Sinhala Subtitles) හැමෝටම ආයුබෝවන්..! ඔන්න ඉතින් මමත් ඔයාලගෙ පවුලට අලුතින් එකතු වුණ සහෝදරියක්.. මම භාග්‍යා වර්ණකුලසූරිය..

මං මගෙ පළවෙනි උපසිරැසිය විදිහට තෝර ගත්තෙ To the beautiful you කියන කොරියානු කතා මාලාව.. මේ කතා මාලාව 2012 වසරෙ අගෝස්තු 15 තමයි කොරියාවෙදි විකාශය වුණෙ.. කොරියාවෙ වගේම ලෝකෙ බොහෝ රටවල් වල මේ කතාව ඉහළ ප්‍රතිචාරත් එක්කම ජනප්‍රිය වුණා.. ඉතින් අපි එහෙනම් බලමු කතාව මොන වගේද කියලා..

මේ කතාවෙ ප්‍රධාන පිරිමි චරිතය තමයි ‘කන්ග් තේ ජුන්’.. කන්ග් තේ ජුන්ට රඟපාන්නෙ ප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන Shinee කණ්ඩායමේ චෝයි මින් හෝ.. ඒ වගේම ප්‍රධාන ගැහැණු චරිතය තමයි ගූ ජේ හි කියන්නෙ.. ගූ ජේ හිට රඟපාන්නෙ ප්‍රසිද්ධ කොරියානු නිළියක් වන පාර්ක් සුලී.. එයාගෙ ඇත්ත ජීවිතය ගැන වැඩි දෙයක් මං දැන් කියන්නෙ නෑ.. මොකද ඒකෙන් කතාව බලන්නත් කලින්ම ඔයාලට දුක හිතෙන්න පුළුවන් නිසා.. එයා ගැන මං අවසාන කොටසෙදි කියන්නම් හොඳේ …

මේ කතාව.. තමන්ගෙ ප්‍රේමය වෙනුවෙන් පිරිමි ලමයෙක් විදිහට වෙස්වලාගෙන පිරිමි පාසලකට ගිහින් ඒ පාසලේ නේවාසිකාගාරෙම නවතින කෙල්ලෙක් වටා ගෙතුණු කතාවක්.. හරිම රසවත් කොමඩි සහ රොමෑන්ටික් ගණයට අයිති වෙන හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කතාවක්..

හරි මෙන්න මෙහෙමයි කතාව පටන් ගන්නෙ..

ප්‍රසිද්ධ කොරියානු ජාතික කන්ග් තේ ජුන් මලල ක්‍රීඩා උස පැනීමෙ ලෝක ශූරතාවයයක් දිනා ගන්න සිද්දියකින් තමයි කතාව ආරම්භ වෙන්නෙ.. අපේ මේ දක්ශ කන්ග් තේ ජුන්ට ගොඩක් ආදරේ කරන ගොඩක් ගෞරව කරන කොරියානු ජාතික කෙල්ලෙක් ඉන්නවා ගූ ජේ හි කියලා.. හැබැයි එයා ඉන්නෙ කොරියාවෙ නෙමේ.. එයා ඉන්නෙ ඇමරිකාවෙ.. ඈත ඉඳන් මෙයා තේ ජුන් දිහා බලාගෙන ඉන්නෙ.. මොකද තේ ජුන් නිසා මෙයාට ජීවිතේට ලොකු බලාපොරොත්තුවක් ලැබෙනවා.. ඒ බලාපොරොත්තුව මොන වගේ එකක්ද කියලා ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.. මේ ගෑනූ ලමයා කොච්චර නම් තේ ජුන්ට ගෞරව කරනවද කියන්නෙ තේ ජුන් ඉන්ටර්වීව් එකකදි කියපු කතාවක් තමන්ගෙ ජීවිතේ ආදර්ශ පාඨය කර ගන්නවා.. “ආශ්චර්‍ය යනු කැපවීමට කියන තවත් නමකි..”

කොහොම හරි ජේ හිට ඕනා වෙනවා තේ ජුන් ඇත්තටම උස පනින විදිහ බලන්න.. ඒ නිසා එයා කොල්ලෙක් විදිහට වෙස්වලාගෙන කොරියාවට එනවා.. කොරියාවට විතරක් නම් මැදෑ.. තේ ජුන්ගෙ ඉස්කෝලෙටත් යනවා.. ඒක පිරිමි පාසලක් නිසයි එයා එහෙම වෙස්වලාගෙන යන්නෙ.. මෙයා තමන්ගෙ අනන්‍යතාවය සහමුලින්ම හංගගෙන කොල්ලෙක් විදිහට තේ ජුන්ව දකින්න තේ ජුන්ගෙ ඉස්කෝලෙට ගිහින් අන්තිමට තේ ජුන්ගෙ රූම් මේට් වෙලා එයාගෙ කාමරේම නවතිනවා.. හැබැයි තේ ජුන්ගෙ රූම් මේට් වෙන්න මෙයා හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒක අහම්බයක්.. මේ අතරෙ කෙල්ලට හොඳ යාලුවෙකුත් සෙට් වෙනවා.. චා උන්ග් යෝල් කියන්නෙ ඒ යාලුවා.. උන්ග් යෝල් හැම වෙලේම කෙල්ලට උදවු කරනවා. ඒ වගේම සොෆ්ටි කියලා නික් නේම් එකකුත් දා ගන්නවා.. ඒ දෙන්නා හොඳම යාලුවො වෙනවා. පස්සෙ කාලෙක උන්ග් යෝල්ට කෙල්ල ගැන අදහසකුත් ඇති වෙනවා. හැබයි කෙල්ලෙක් කියලා දන්නෙ නැතුව.. ඒ නිසා එයා ගොඩක් අපහසුතා වලටත් මුහුණ දෙනවා.. මං මේ කතාව ගැන වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ.. එහෙම කරොත් වැඩක් නෑනෙ..

පළවෙනි කොටසෙ අන්තිමට පොඩි අනතුරක් වෙලා ජේ හිව වෛද්‍යවරයෙක් ලඟට ගෙනියන්න වෙනවා. එතනදි මෙයා කෙල්ලෙක් කියලා ඒ වෛද්‍යවරයට සැක හිතෙනවා… එතනින් තමයි කතාව හරියටම පටන් ගන්නෙ.. එතනට වෙනකම් ඉතින් චරිත හඳුන්වාදීමක් තමයි සිද්ද වෙන්නෙ.. එහෙනම්…. ඔයාලත් බලලම කියන්නකො කතාව ලස්සනයිද කියලා.. ඒ වගේම මගෙ පළවෙනි උපසිරැසියෙ හොඳ නරක කියන්නත් අමතක කරන්න එපා.. ස්තූතියි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
භාග්‍යා වර්ණකුලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
භාග්‍යා වර්ණකුලසූරිය

November 18, 2020


11
Total Subtitles

11 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට බලන්න පටන් ගන්නව එහෙනම් දිගටම සබ් ඕනෙ

  2. පළමු උපසිරසට සුභ පැතුම්❤ ඒත් මේ drama එකේ සිංහල උපසිරස google search කරාම වෙන site එකකින් දාලා තියෙනවා සම්පූර්ණ කතා මාලාවටම. පුලුවන් නම් වෙන ලස්සන කොරියන් drama එකකට sub ගේන්නකෝ.

    • එකෙන් දැන් මේ කතාව අයින් කරලා. කලින් නම් තිබ්බා තමයි. මේ කතාවට දිගටම සබ ගේන්න සිස්. සුබ පැතුම්

  3. නියමයි සහෝදරි පලවෙනි උපසිරසියට සුබ පැතුම් ඉදිරියටත් හොදින් වැඩ කරන්න 🙏

  4. video ek download krnn nhne. ane ek dnnko

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login