The title of the page
Most Dangerous Game 2020 Sinhala Sub
Most Dangerous Game 2020 Sinhala Sub
7.3
59
92

Most Dangerous Game (2020) Sinhala Subtitles | ජීවිතෙන් පැය 24ක් ඔට්ටුවට තියමුද? | සිංහල උපසිරැසි සමග

(Most Dangerous Game (2020) Sinhala Sub) එහෙනම් ඉතින් හැමෝටම බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබෙන දවසක්, කාලයක් වේවා! අපේ සයිට් එක ගැන කියන්න හරි සතුටු හිතෙන ආරංචියකුත් එක්ක තමයි ආවේ අපි ඕං. මුලින්ම මම සුභ පතනවා අපේ දැවැන්ත පදනමක් එක්ක අලුත් උන සිනෙරූ සිංහල උපසිරැසි අඩවියට. මොකද දන්නවද? අපේ අශේන් මධුරංග හාදයා දුන්නන්නේ අර සුපිරියක්. සූර්‍යාගේ ෆිලුමක්. අන්න ඒකෙන් වාර්තාගත ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් ලැබුනා. ඒ නිසා තව දරා ගැනීමේ ශක්තිය වැඩි කරලා ස්‍යිට් එක අප්ඩේට් කරා. ඒකයි අපි දවස් 2ක් විතර සද්ද නැති උනේ. කොහොම උනත් දැන් අපි බය නැතුව කියනවා, ඉංග්‍රීසි උනත්, දෙමළ උනත්, හින්දි උනත්, කොරියන් හෝ වෙන ඕනේ මගුලක් වේවා අපිට මුලින්ම උපසිරැසි දෙන්න පුලුවන්. මොකද ඉන්න ටීම් එක නිකන් දඩයමට ලෑස්ති උන සිංහයෝ වගේ. ෆිලුමක් ආවා නම් සබ දුන්න පැය ගානකින්. ඒ නිසා දැන් ඔය පරණ ලොකු ලොකු සයිට් පැත්තේ නොයා එන්න මෙහාටම කියලා හැමෝටම ආරාධනා කරන්වා. යාලුවන්ටත් කියන්න. මේ සයිට් එකේ පදනම තමා ඉතින් සමිතේ, අංජු, මධුවා, අශේනයා, පීටර් අයියා, වගේ පරණ සෙට් එක. අපිත් ඉතින් දෙනදේ කාලා පොඩි සබක් එවලා සපෝර්ට් එකක් දෙනවා හීනියට! ඒ වගේම අපිට එක උපසිරැසියක් හරි එවන හැමෝටම ගොඩක් ස්තූතියි. බාන ඔයාලටත් ස්තූතියි. කමෙන්ට් දාන හැමෝටම නිදානයක් පහල වේවා! කියලා ප්‍රාර්තනා කොරනවා ඕං.

අද ඔන්න ඉතින් ගෙනාවා වෙබ් සීරීස් එකක්. සම්පූර්ණ එකම සබ් එක්ක. සුපිරීයක් පේනවනේ රේටින් එහෙම? මේක එක හුස්මට බලන්න පුලුවන්. කුතුහලය නම් ඉතින් ඉමක් කොනක් නෑ. මෙහෙමයි. මේක ආවේ 2020 අප්‍රේල් මාසේ. කොහොමද ඉතින් අපි 2020ම ඔන්න සබ දුන්නා ඈ. කතාවේ වෙන්නේ මෙහෙම දෙයක්. ඔයාලා අහලා ඇතිනේ අතීතයේ අර එකෙක් මැරෙනකන් තිබ්බ සටන්! අන්න ඒ වගේ මේකෙත් කෙනෙක් ඉන්නවා. එයාගේ ජොබ් එක තමා දඩයක්කරුවව හා දඩයම සම්බන්ද කරන එක. ඒකට කොන්දේසි ටිකක් එහෙම තියෙයි. ඉතින් ඒවා නම් හෙන සාධාරනව ක්‍රියාත්මක කරනවා මෙයා. අනික ගෙවන ගාන මාර විශාලයි. මේ කෙනා ඉතින් ක්‍රීඩකයව මුලින්ම මනසින්ම ලෑස්ති කරනවා මේ සෙල්ලමට. ඊට පස්සේ සෙල්ලම පටන් ගන්නවා. හරියට පැය 24යි සෙල්ලම. ඒ කාලේ තුල පණ රැක ගත්තොත් ජීවිතේ සල්ලි ඉතින් සට සට ගාලා. මේකේ තව ඇතුලේ තියෙයි ලොකු කතාවක්. ඒක ඔයාලම බලන්න. පණ රැකගන්න එක හරි අමාරුයි. ඔයාලා හිතන්නේ ක්‍රීඩකයා බේරෙයිද? මම ඒක කියන්නේ නෑ. මොකද එයාට මරණය ලියවිලා කතියෙන්නෙ අන්තිම විනාඩි කීපයේ. ඔයාලා අරන්ම බලන්න. හරි ලස්ස්න ක්තාවක්.

නලු නිලියෝ ටිකත් නියම සෙට් එකක් ඉන්නේ. මං විස්තරේ පිලිවෙලටම කියන් යන්නම්කෝ එහෙනම් ඉතින්. මෙහෙමයි, මේ ඉන්නේ Liam Hemsworth කොලුවා. හරියටම කිව්වොත් තෝර් චරිතේ කරන කෙනාගේ මල්ලී. ටිකක් ඒ පෙනුම තියෙයිනේ.

ඉතින් මෙටා අර “හන්ගර් ගේම්ස්, ද එක්ස්පෙන්ඩබල් 2, ද ලාස්ට් සෝන්ග්, ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ 2016, කිලර් මෑන්….” වගේ සුපිරි ෆිලුම් ගොඩක රඟපාලා තියෙයි. ඔයාලත් බලලා ඇතිනේ. හොලිවුඩ්වල වැඩිම ගානක් අය කරන නලුවෝ අතර කෙනෙක් තමා මෙයත්. ඊලඟට අපේ ක්‍රීඩකයගේ බිරිඳ, දැකලා නම් ඇති. එයා තමයි Sarah Gadon කියන නිලිය.

මෙයාව නම් දැකලත් ඇති නේ? අර ඩ්‍රැකියුලා ෆිලුමේ ඩ්‍රැකියුලාගේ බිරිඳ! හරි එහෙනම් මෙයා රඟපාලා තියෙන ෆිල්ම් තමයි “ඩ්‍රැකියුලා අන්ටෝල්ඩ්, එනමි, කොස්මෝපොලිස්, අ ඩේන්ජරස් මෙතඩ්, ඇමේසින් ස්පයිඩර් මෑන් 2 …….” වගේ ෆිල්ම්. ඉතින් ඔයාලට තේරෙනවනේ මේ වගේ නලු නිලියෝ එහෙම පීචන් ඒවගේ රඟපාන්නේ නෑනේ. ඒ නිසා බය නැතුව අරන් බලන්න. ඒ වගේම මගේ #සදහම් ක්‍රියේශන්ස්  කියන යූටියුබ් චැනල් එකටත් ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. කමෙන්ටුවකුත් ලියන්න.

ඒ වගේම ලොකුම දේ තමයි ඔයාලා අපි මෙහෙම උපසිරැසියක් දැම්මට පස්සේ අනිවාර්‍යෙන් කමෙන්ටුවක් ලියන් යන්න. මොකද එහෙම කියන්නේ ඩවුන්ලෝඩ් හත්දාහ පන්නලා ගත්ත ෆිලුමකටවත් කමෙන්ට් 100ක් නෑ. හරි දුකයි එතකොට. මොකද අපේ කොල්ලෝ නිදියන්නේ නැතුව, අසනීප තියාගෙන නොමිලේම සබක් දුන්නම ඔයාලා බාගෙන ගිහින් බලලා මකලා දානවා. අපි ආයෙත් සබ් එකක් දුන්නත් එහෙමමයි. දැන් මම සබ් 115ත් පන්නලා. ඒත් කමෙන්ට් නම් 150ක් වත් නැතුව ඇති. මම නම් සබ් එකක් දාපු ගමන් කමෙන්ට් එකක් ලියලා එනවා ගිහිල්ලා. හරි එහෙනම් ඔන්න අපි යන්වා. අරන් බලන්න. තව එකක් දෙන්නම් එහෙනම් ඊලඟ සතියේ විතර. අර හැමදාම කියනවා වගේ සබ් කෙරුවාවට මේ දැනුත් මගේ පස්සෙන් ඉඳගෙන සපෝර්ට් එක දෙන මගේ ලක්ශ්මීටත්, මගේ සදහම් පුතාටත් ගොඩක්ම පිං. මොකද අදත් වන්ඩු හදලා තේ දුන්නා මේවා ගහද්දී. එහෙනම් යන්න යන්වා ඈ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

25 comments

  1. සුපිරි සහෝ

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🚬

  2. black Addem
    Cineru Family Member

    මේක බලන්න කියලමයි හිටියෙ 😍💥
    බොහොම ස්තූතියි

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🚬

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන අයියෙ සබ් එකට 😊👊..
    ජය වේවා.!

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ ☸️

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි හශාන් සහෝ 🚬

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ ☸️

      • ඔයාටත් ලැබෙන්න තියෙන දේවල් වැඩි වැඩියෙන් ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරනවා😍😍😍

        • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
          Cineru Family Member

          එසේම වේවා shaalin සහෝ

  5. දර්ශන හෙට්ටිවත්ත

    ස්තූතියි සහෝදරයා ☸️

  6. ☸️දර්ශන හෙට්ටිවත්ත | 📽️ සදහම් ක්‍රියේශන්ස්

    ස්තූතියි සහෝ ☸️

  7. සුපිරි වැඩක් දර්ශන සහෝ

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ ☸️

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සම්පත් සහෝ 🚬

  8. චානක තිලංක

    සුපිරියි ආ මේ විදිහට සබ් දෙන එක ඉදිරි සබ් ගමනට ජයවේවා.

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ආ බොක්ක, මට එන වටිනම කමෙන්ට්වලින් එකක් ඈ

  9. බොහොම ස්තුතියි කොල්ලෝ.ඔයත් සුපිරිම වැඩ්ඩෙක් තමා ඉතිං අපිට😍😍😍😍❤️❤️😘😘😘😘

    • චානක තිලංක

      👍👍👍👍👍👌👌👌👌👊👊👊👊👊🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

      • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
        Cineru Family Member

        ස්තූතියි බං, ඉමෝජියෝ ඉවර ඇති 🚬

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ ෂාලින් කමෙන්ට් 2ට

  10. supiri machn…..thank you very much

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login