The title of the page
Jiu Jitsu (2020) Sinhala Subtitles
Jiu Jitsu (2020) Sinhala Subtitles
4.3

Jiu Jitsu (2020) Sinhala Subtitles | පිටසක්වල රණශූරයාට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

(Jiu Jitsu (2020) Sinhala Subtitles) කාලෙකින් ආවා ආයෙත් චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. මදුශාන් අයියා තමයි මේකට උපසිරැසිය කරන්න කියලා කිව්වෙ. ඒ නිසා මුලින්ම එයාට ස්තූති කරනවා. ඊයෙ දවසෙදි තමයි මේ චිත්‍රපටියෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ. ඒත් ඉතින් මේක දැක්කෙ අද දවල්වරුවෙ 😅 ඊට පස්සෙ 12 ට විතර ගහන්න අරගෙන තමයි මේ වෙලාව වෙනකොට සම්පූර්ණ කරලා අරගෙන එන්න පුළුවන් වුණේ.

මේ චිත්‍රපටිය Action / Fantasy / Adventure ඝණයට තමයි අයිති වෙන්නෙ. 🔥 ඒ වුණත් පොඩියට වගේ කොමඩි ගතියකුත් දීලා තියෙනවා 🤣 ඒ නිසා කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. මේ චිත්‍රපටියෙ භාෂාව ඉංග්‍රීසි.. ඒත් චිත්‍රපටියෙ බුරුම භාෂාවෙන් කතා කරන කොටසුත් තියෙනවා. මේ චිත්‍රපටිය දිවෙන්නෙ බුරුමය ආශ්‍රිත සිදුවීමක් මත. මේකත් ඉතින් තායි චිත්‍රපටිවලට තමයි අයිතිවෙන්නෙ 🙂 තායි චිත්‍රපටිවල ෆයිට් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒවා ඉතින් කොහොමත් සුපිරිම මට්ටමේ තියෙනවා 👌🔥 ඒ වගේම චිත්‍රපටියට Tony Jaa (ටොනී ජා) එහෙමත් රංගනයෙන් දායකවෙනවා 😋😋 Nicolas Cage, Tony Jaa, Marie Avgeropoulos, Frank Grillo සහ JuJu Chan කියන සුපිරිම සෙට් එකක් මේ චිත්‍රපටියෙන් අපිට බලාගන්න පුළුවන්. ඔය පහළින් ඉන්නෙ ඒ සෙට් එක තමයි 😎 මේ සෙට් එජ විතරක් නෙවෙයි තව අය ඉන්නවා.

Jiu Jitsu (2020) Sinhala Subtitles
Jiu Jitsu (2020) Sinhala Subtitles

මේ සෙට් එක ඉන්නවා කියන්නෙ ඉතින් සුපිරිම මාෂල් ආර්ට් ෆයිට් ටිකක් බලාගන්න පුළුවන්, ඒත් ඉතින් මේක එච්චරම ඒ පැත්තට බර නැහැ. ඒත් මේක ෆයිට් ටික එහෙම නම් හොඳම මට්ටමක තියෙනවා 🤘

මේකෙ කතාව පැත්තට හැරුණොත් මෙහෙමයි… මේ චිත්‍රපටියෙ හැටියට හැම අවුරුදු 6 කටම සැරයක් වල්ගාතරුවක් පෘථිවිය පහුකරගෙන යනවා. 😳 ඒ සිදුවීම වෙනකොට බුරුමයේ ටැඩ් ඩාව් ටාවුන්ග් පන්සලේ විවරයක් එහෙමත් නැත්තන් ද්වාරයක් විවෘත වෙනවා. මේ ද්වාරය විවෘත් වුණහම ඒකෙන් “Warrior of Death” ඒ කියන්නෙ “මරණයේ රණශූරයෙක්” එළියට එනවා. ඒ රණශූරයාගෙ නම තමයි “බ්‍රැක්ස්”. මම පහළින් එයාගෙ පින්තූරයක් දාන්නම් 😋

Warrior of Death - බ්‍රැක්ස්
                                          Warrior of Death – බ්‍රැක්ස්

ඔය උඩ පින්තූරෙ ඉන්න කෙනා තමයි බ්‍රැක්ස් කියන්නෙ. මෙයා මේ විදිහට අවුරුදු 6 කට වතාවක් පෘථිවියට එන්න සටනක් හොයාගෙන. ඒ වගේම මෙයා හුඟක් සාධාරණව සටන් කරන කෙනෙක්. නිරායුධ අයට පහරදෙන්නෙ නෑ වගේම පිස්සොන්ව මරන්නෙත් නැ 😅 මේ බ්‍රැක්ස්ට හැකියාවන් ගොඩක් තියෙනවා. තුවාලයක් වුණහම තප්පර පහක් හයක් ඇතුළත ඒක සුවවෙනවා, ඒ වගේම විදුලිය වගේ වේගවත්, තව මෙයාගෙ ඇඟේ සෑහෙන ආයුධ සෙට් එකක් තියෙනවා. කොටින්ම කිව්වොත් සුපිරිම චරිතයක් ⚡

මේ බ්‍රැක්ස් පෘථිවියට ආවම කෙනෙක්ව තෝරගන්නවා.. අන්න ඒ තෝරගන්න කෙනා එයා එක්ක සටන් කරන්න ඕන. එහෙම නැතුව බයේ කොහේ හරි හැංගිලා හිටියොත් බ්‍රැක්ස් කරන්නෙ පෘථිවියෙ නැවතිලා ඉන්න හැම කෙනෙක්වම මරලා දාන එක 😐 ඉතින් මේ සැරේ එයා ආවම තෝරගන්නෙ ජේක් කියන කෙනාව. මේ තෝරගන්න අය පොඩිකාලෙ ඉඳන්ම සටන් පුරුදුවෙලා මේ බ්‍රැක්ස් එක්ක සටනට ලෑස්තිවෙනවා. ඒ තෝරගන්න කෙනා කොහොම හරි මේ සටන ඉවරයක් කරන්න ඕන, එක්කො බ්‍රැක්ස්ව පරද්දලා නැත්තන් තමන් මැරිලා. මේ දෙකෙන් එකක් අනිවාරෙන් වෙන්න ඕන.

ඔන්න එහෙනම් කතාව පැහැදිලි වෙන්න පොඩි කරුණු ටිකකුත් කිව්වා… දැන් ඉතින් බැලිල්ලක් තමයි තියෙන්නේ 😋🙂 එහෙනම් ඉතින් මම කැපෙනවා 👋👋

Stay with Cineru

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

6 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    පිස්සුනේ? මේකට සබ් ගහන්න හිතන් හිටියේ. ඔයා කරන නිසා අතැරියා. මරුම ෆිලුමක් ඕයි. සුප්පා. දිගටම යමාං.ස්තූතියි සහෝ 🚬

    • film eka hoday eth hithuwa taram nam ne mokda meke satan adyakshnaya nam durawalay kiyalay nata hitehenne mokda gahana ewa hodata penwa boruwata gahnne kiyala a athin film eka bolday..monwa unth sub ekta thnks utshayata

  2. Supun
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. තෑන්ක්ස් මල්ලි උපන්දින තෑග්ගට..ඔන්න එහෙනම් සබ ගත්ත බලන්න ❤

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela patta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login