The title of the page
Ludo Sinhala Sub
Ludo Sinhala Sub
7.6
89

Ludo (2020) Sinhala Subtitles | ලූඩෝ සෙල්ලම | සිංහල උපසිරැසි සමඟ

(Ludo (2020) Sinhala Subtitles) අඳුරන්නෙ නැති උනත් එදිනෙදා අපේ ජීවිත වලට සම්බන්ධ කී දෙනෙක් නම් ඇත්ද? ඇත්තටම සමහරුන්ගෙ ජීවිත ලූඩෝ සෙල්ලමක් වගේ තමයි. මෑත කාලයේ උන්මාදයක් වුණ ලූඩෝ ක්‍රීඩාව පදනම් කරගෙනයි ලූඩෝ සිනමා පටය නිර්මාණය වෙන්නෙ. ලූඩෝ පුවරුවක ඇති වර්ණ හතරේ ඉත්තන් කිසිම විටෙක එකිනෙකා හා බැඳීමක් නෑ. නමුත් එකිනෙකා හා ගැටෙමින් සෙල්ලම දිගටම කරගෙන යනවා. මේ ලූඩෝ සිනමා පටයේ තිබෙන්නෙත් සමාජයේ නන්නාඳුනන නමුත් එකිනෙකා හා ගැටෙමින් ජීවිත සටනේ යෙදෙන කතා හතරක් ගැන…

මේ අරුම පුදුම තේමාව ඔස්සේ කතා කිහිපයක් ගොඩ නගමින් මෙය සිනමාවට නගන්නේ සම්මානනීය සිනමාකරු අනුරාග් බාසු විසින්. අති දක්ෂ ප්‍රවීණ ශිල්පීන් වන පන්කජ් ත්‍රිපාඨී, අභිෂේක් බච්චන්, නව පරපුරේ ජනප්‍රිය ශිල්පීන් වන ආදිත්‍ය රෝයි කපූර්, රාජ්කුමාර් රාඕ, ෆාතිමා සානා හ සාන්යා මල්හෝත්‍රා සමගින් නවක නළු රෝහිත් සරෆ් හා, දකුණු ඉන්දීය නිළි පර්ලි මානී මෙන්ම ළමා නිළි ඉනායත් වර්මා ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙනවා. ප්‍රහසන, අපරාධ කාණ්ඩයට අයත් වන මෙම නිර්මාණයට සංගීතය මුසු කරන්නේ ප්‍රීතම් විසින්.

IMDb 7.6 ක අගයක් සහ ගූගල් පරිශීලක මනාප 89% ක් තරම් ඉහළ අගයක් වාර්තා කිරීමට මෙම සිනමා පටය සමත් වී තිබෙනවා. “ලූඩෝ කියන්නෙ ජීවි‍තේ, ජීවිතේ කියන්නෙ ලූඩෝ”…. මෙන්න බලන්නකො එහෙනම්, ඇත්ත ජීවිතේ ලූඩෝ සෙල්ලම….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

11 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    රුවිනි නගෝ සුප්පා ඈ 🚬

    • Thank you ayya.. ❤️😁

    • ශේන් මතීශ

      උපරැසියට බොහොම ස්තූතියි.ලස්සන කතාවක්.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවායි හදවතින්ම සුභ පතනවා.

    • ශේන් මතීශ

      උපරැසියට බොහොම ස්තූතියි.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවායි පතනව.

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela patta

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඩවුන්ලෝඩ් කොයි තරම්ද?? ඒත් කමෙන්ට් අඩුයි. එහෙම කරන්න එපා. මොකද ෆිලුමක ඉංග්‍රීසි පේලි 2000+ ගහනවා කියන්නේ නිදියගන්න තියෙන කාලෙන් ගොඩක් නැතිවෙලා පහුවදාත් අවුල් යනවා කියන එකයි. සබ් දෙන්න කන කට්ට දන්නෝ දනිති. ඒ නිසා හැමෝම කමෙන්ටුවක් ලියන්න බලන්න. අඩුගානෑ “බෑවෝ” කියලවත්

  6. Supern , Pla Give Like This Movie

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login