The title of the page
The Winchesters Sinhala Subtitles
The Winchesters Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E04 Sinhala Subtitles | “යුද්ධයේ පාලකයෝ” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E04 Sinhala Subtitles) (The Winchesters Sinhala Subtitles)

පසුගිය කොටසින්

මෙදා පාර දඩයම උනේ.බෝරි බාබා.මූ තමන්ගෙ ගොදුරු අල්ල ගන්නෙ මිනිස්සු වැඩියෙන්ම කැමති දැනට තමන් ළඟ නැති ඒත් තිබ්බනම් හොඳයි කියල තමන් බලාපොරොත්තු වෙන දෙයක් ඒ මිනිස්සුන්ට ගෙනත් දීල ඒ අවස්ථාවේදී ඒ මිනිස්සුන්ව තමන්ගෙ ගොදුර හැටියට අල්ල ගන්න එක.

මෙදා පාර කට්ටියට ලේසි වෙන්නෑ.මොකද මූව මරන්න මූ පේන්න ඉන්නෑ.තමන්ගෙ ගොදුර ඩැහැගෙන ක්ෂණිකව අතුරුදහන් වෙනවා.ඒ නිසා මේරි දැඩි තීරණයක් ගන්නවා.ඒ තමයි තමන්වම ගොදුරක් කරගෙන බෝරි බාබටබිලි වෙන එක.ජෝන්ගේ කීමත් අහකට දාල මේරි අවසනයේ බෝරි බාබාට බිලිවෙනවා.
ඒත් මේරිගේ මේ උත්සාහයත් ව්‍යර්ථ කරල දාල බෝරි බාබව මරන්න බැරි වෙනවා.

ජෝන් අවසනයේ මේ බෝරි බාබව මරන්න පුලුවන් ක්‍රමයක් ලටා එක්ක එකතු වෙලා හොයාගන්නවා.ඒ තමයි බෝරි බාබා මිනිස්සුන්ව ගොදුරු කරගන්න පාවිච්චි කරපු තමන් කැමටතිම දේ ස්ව කැමැත්තෙන් විනාශ කරළ දාන එක.මේ ක්‍රමයෙන් බෝරි බාබව සම්පූර්ණයෙන් විනාශ වෙනවා.

කාලෝස් සහා එඩා අල්ලාගත් ඩීමන් ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලි උනා අක්‍රීඩාවන් සහ ඩීමන්ලා අතර යම්කිසි සන්ධානයක් ගොඩනගා ගැනීමට ඩීමන්ලාට අවශ්‍ය බව.එයින් පැහැදිලි වෙනවා අක්‍රීඩාවන්ව මෙහෙයවන්නේ ඩීමන් කෙනෙක් නෙමෙයි කියලා.අවසානයේ ඩීමන්ව මනුශ්‍යශරීරයෙන් පලවා හැරලා පැලයක් තුල සිර කිරීමෙන් එඩා කියන්නෙ මොනතරම් බලයක් තියෙන කෙනෙක්ද කියල පැහැදිලි.

ගිය සතියෙ කොටසින් මං මතක් කරා කල ලෝගුව ඇඳපු පුද්ගලයා මේ Season එකේ හතුරා වෙන්න පුලුවන්.හිතපු විදිහ නම් ඒ වගේ මනුස්සයෙක්ට යම් කෙනෙක් ආරූඪ වෙලා කියල සඳහන් උනා.ඩීමන් කෙනෙක් නම් වෙන්න බෑ මට හිතෙන විදිහට.හේතුව තමයි ඩීමන් කෙනෙක්ආරූඪ වෙලා ඉන්න බවක් නම් දැනුන්නෑ.බලමු ඉස්සහට මොනවගේ හතුරෙක්ටද ජෝන් ටයි මේරිටයි මුහුණදෙන්න වෙන්නෙ කියල.විශේෂයම දේ ගිය සතියෙ කොටසින් අපිට අක්‍රීඩාවෙක් බොහොම සමීපව දකින්න ලැබුනා.පෙනුන හැටියට නම් අපායෙ දොරටුවකින් ආව වෙන්නත් පුලුවන් වටේ තිබ්බ කළු දුමාරය නිසා.එහෙමත් නැත්නම් මන්තර බලයකින් හෝ තමන් සතු ගුප්ත බලයකින් නිර්මාණය කරපු සත්ව විශේෂයක් වෙන්නත් පුලුවන්.කොහොමත් එක දෙයක් පැහැදිලි.කලු ලෝගුව ඇඳි කාන්තාවට මේ අක්‍රීඩාවන් කියන සත්ව විශේෂය කීකරුයි.ඇයගේ අණ ක්‍රියාත්මක කරන බවක් තමයි පේන්න තියෙන්නෙ.දැනට මේ කාන්තාවගෙන් ජෝන් ගේ කණ්ඩායමට බාධාවක් නෑ වගේ. ඉස්සරහට මේ කණ්ඩායම් දෙකේ මුහුණට මුහුණ හමුවීමක් සිදුවේවි.කතාමාලාවෙම සතුරා මේ කාන්තාව නම් අවසන් කොටස් කිහිපයේ අපිට ගැන දකින්න පුලුවන් වෙයි.

අද කොටස ගැන සඳහන් කරොත් මෙච්චර කාලයක් කට්ටියට හැප්පුනේ රාක්ෂයෝ,අපායෙන් ආපු ඩීමන්ල,වගේ දේවල් එක්කනෙ.ඒත් අද හැප්පෙන්න වෙන්නෙ මීට වඩා වෙනස් කෙනෙක් එක්ක.මෙදා පාර හැප්පෙන්න වෙන්නෙ කැල්ටික් දෙවි කෙනෙක් එක්ක.(Supernatural කතාමාලාව පුරාම අපිට මේ ගැන දැනගන්න ලැබුනා සහ ඒ ගැන සවිස්තරාත්මකව සඳහන් වෙනවා.ඒ නිසා ඒ ගැන මෙතම සඳහන් කරන්න යන්නෑ.අනවශ්‍ය විදිහට ලිපිය දිග වැඩි වෙන නිසා.)දෙවියො කිව්වාම ඔයාලට දෙයක් මතක් වෙන්න ඕනෙ.ඔව් දෙවියො කියන්නෙ අමරණීය ජාතියක්.බලමු අපි ජෝන් ගේ කණ්ඩායමේ අය මේ දෙවියොත් එක්ක ගණුදෙනුව ඉවර කරන්නෙ කියල..

එහෙනම් ලබන සතියෙ හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..

සටහන :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

11 comments

  1. video eka nane

  2. Secret Hedquarters 2022 Sinhala subtitle denna Puluwanda ??

  3. බොහොම ස්තුතියි නියම වැඩක්

  4. Thanks Sub ekata..

  5. බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  7. E05 wlth sub denko

  8. 5 වෙනි කොටසේ සබ් එක නැද්ද මචං

  9. Sub nadda thama anithi kotase

  10. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login