The title of the page
Mismatched Sinhala Subtitles
Mismatched Sinhala Subtitles
5.7
60
81

Mismatched (2020) S01E02 Sinhala Subtitles | “උණුසුම් ගිම්හානයේ සීතල සිතුවිලි….” | සිංහල උපසිරැසි සමඟ

(Mismatched (2022) S01E02 Sinhala Subtitles) (Mismatched Sinhala Subtitles)

පසුගිය කොටසින්…

ඔන්න ඉතින් අන්තිමේදි රිෂීට ඩිම්පල්ව මුණගැහෙනවා. හැබැයි වෙන්නෙ හිතපු නැති දෙයක්…

තමන්ගෙ දුවගෙ ස්වාභාවික ලස්සන වත්, බුද්ධිමත් බව වත් දකින්නෙ නැති අගයන්නෙ නැති ඩිම්පල්ගෙ අම්මට ඕන කොහොමහරි දුවව කොල්ලෙක්ගෙ කරේ එල්ලන්න. තාත්තත් අම්ම‍ගෙ කීමට යට උනාට, දුවගෙ සතුට තාත්තට වටිනවා. ඔහොම ඉද්දි තමයි ඩිම්පල්ට ජයිපූර් වල කෙටි කාලීන පාඨමාලාවකට ඇතුළත්වීම ලැබෙන්නෙ. මේකට කිසිම විරුද්ධත්වයක් නැතුව කැමති වෙන අම්ම ගැන ඩිම්පල්ට පුදුමයි. ඉතින් කෙල්ල හීන ලෝකයක් පොදිබැඳගෙන ජයිපූර් වලට පිටත් වෙනවා. ජයිපූර් වලට ඩිම්පල්ට එක එක විදියෙ අය මුණගැහෙනවා. අමුතුම විදියෙ යාළුවෙක්, අහිංසක අක්කා කෙනෙක්, කැන්ටිමේ කාකූ අංකල්, එපා කරපු ගේමර් කෙනෙක්… ඔහොම යද්දි එක පාරට කෙනෙක් ඇවිත්.. “වෙන්ඩ වයිෆ්” කියල කතා කළාම තද වෙන එක සාධාරණයි නේ… ඒ පිට කරන තරහ හර්ෂ්ගෙ ඇඟටත් කඩන් පාත් වෙලයි නවතින්නේ… ඉතින් ඒකත් එක්ක පටන් ගන්නෙ හර්ෂ් ගේ කතාව…

Episode 2 – උණුසුම් ගිම්හානයේ සීතල සිතුවිලි….

කාගෙවත් පිටින් යන කුණු තමන්ගෙ ඇඟට කඩන් වැටෙන එක නම් කරුමයක්. ඉන්දියන් කෙල්ලො නම් මහ යක්සනියො කියල හර්ෂ්ගෙ ඇස් පනාපිට ම ඔප්පු වෙනවා. ඇමරිකාවෙ ඉඳන් සීයා ආච්චිගෙ තනියට ආපු මේ මිස්ටර් නෝටි ඇමරිකා සමර් කෝස් එකට එන්නෙ නම් වෙන වැඩකට. කොහොමහරි පළවෙනි දවසෙම ඒක මුළු බැජ් එකේම ප්‍රසිද්ධ වෙනවා. හර්ෂ්ට හිතෙන්නෙ එයා හරියට ඉන්දියාවට ගොඩබැහැපු ආතක් පාතක් නැති පෙන්ගුවින් කෙනෙක් කියලා. කොහොම උනත් ගිම්හානයේ රස්නෙට පුපුරන මේ ඔක්කොට ලට පට මැද්දේ මිස්ටර් නෝටි ඇමරිකා නම් කූල් එකේ ඉන්නවා. ඒ කූල් එකට අනිත් අයගෙ රස්නෙ ටිකක් හරි නිවෙයිද බලමු…

මීළඟ කොටසින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login