The title of the page
Mismatched Sinhala Subtitles
Mismatched Sinhala Subtitles
5.7
60
81

Mismatched (2020) S01E03 Sinhala Subtitles | “ඩිලීට් වුණ මැසේජ් එක….” | සිංහල උපසිරැසි සමඟ

(Mismatched (2022) S01E03 Sinhala Subtitles) (Mismatched Sinhala Subtitles)

පසුගිය කොටසින්…

කාටවත් විසි කරපු කෝපි තමන්ගෙ ඇඟට වැටුනම ෆෝන් එකෙන් ඔලුව උස්සන හර්ෂ්ට පේන්නේ තරහෙ පුපුර පුපුර යන කෙල්ලෙක්ට ඔලුව පාත් කරන් මූණෙ ඉඳන් කෝපි බේරෙන කොල්ලෙක්… ඔතනින් පටන් ගන්න හර්ෂ්ගෙ කූල් කතාව ඇතුලෙ මේ බැජ් එකේ යාළුවන්ව සිද් සර් හරි ලස්සනට ජෝඩු කරනවා. වෙන මොකටවත් නෙවෙයි, කණ්ඩායම් ව්‍යාපෘතියකට. පළවෙනිම දවසෙ සිද් සර් දෙන අභියෝගය තමයි, “ජයිපූර් වල ඇවිදල තමන්ව හොයාගන්න” කියන එක. ඒක ඔප්පු කරන්න මේ ළමයි තම තමන් ගහපු ෆොටෝ එකක් ඉදිරිපත් කරනවා. ෆොටෝස් වලට අනුව කණ්ඩායම් හදන සිද් සර් මේ ගමන්ම ළමයින්ගේ ඇප් එකක් හදන්න තියෙන අදහස් අහනවා.  මෙහෙම යද්දි අපේ කතානායකයා ‍මිස්ටර් නෝටි ඇමරිකාට සෙට් වෙන්නේ දවස පුරාම යන යන තැන පුපුරන ඩිම්පල් කෙල්ල.

මේ අතරේ තමයි ඩිම්පල් දවසම බලන් හිටපු කෝල් එක එන්නේ. අම්ම තමන්ට කරපු රැවටීම නිසා හොඳටම තරහින්, දුකින් ඉන්න ඩිම්පල් තමන්ගෙ ඉස්සරහට එන හැමෝගෙම පිටින් ඒ තරහ පිට කරනවා. අන්තිමට ඩිම්පල් එක්ක කතා කරන්න එන හර්ෂ්ට වෙන්නෙත් ඒකමයි. හර්ෂ් මුකුත් කියන්න කලින්ම ඩිම්පල් හර්ෂ්ව කණ්ඩායම් වැඩෙන් අයින් කරල ඉවරයි. හැබැයි ඒ රස්නෙට හර්ෂ්ගෙ කූල් එක නම් පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ. කූල් එකේම හොඳ හින්ට් එකක් පාස් කරන හර්ෂ් හරිම කූල් එකේ අලුත් යාළුවො ටිකත් එක්ක යන්න යනවා.

Episode 3 – ඩිලීට් වුණ මැසේජ් එක….

“Fake it till you make it…”

මේ කතාව, හිප්ස්ටර් සෙලීනාගෙ. මිනිස්සුන්ට විවිධ හැකියා වගේම තමන්ගේ හිතේ විතරක් හිර කරන් ඉන්න රහස් ඕන තරම් තියෙනවා. කෝඩින් ඉගෙන ගන්න එන සෙලීනත් එහෙමයි. රැප් කරන එක පැෂන් එක කරගත්ත සෙලීනගෙ ලොකුම රහස එයා තමන්ගෙ හොඳම යාළුවාටවත් කියන්නෙ නෑ. සෙලීනගෙ ලොකුම හීනය තමයි දවසක සාර්ථක වෙලා ලොකු සල්ලිකාරයෙක් වෙන එක. මොකද එතකොට එයාට කාගෙන්වත් කිසිම දෙයක් හංගන්න ඕන වෙන්නෙ නෑ. එතකොට එයාට ලෝකටම කෑ ගහල කියන්න පුළුවන් එයා ඇත්තටම කව්ද, කොහෙන්ද ආවෙ කියලා.

සෙලීනා කියන විදියට තමන්ගෙ හිතේ කොච්චර රහස් තිබ්බත්, සමහර වෙලාවට මුණගැහෙන අය එක්ක ඉද්දි හංගන්න දෙයක් තියෙනවද කියලත් අමතක වෙනවා. එහෙම අය ඉස්සරහ ටික වෙලාවකට ඔයාට ඔයා වෙන්න පුළුවන්. හැබැයි, ඒ විදියට හදවතට ඇහුම්කන් දෙන එක හරි අවදානම් වැඩක් ලු. මොකද ඒ ලැබෙන පුදුම කිරීම් කවදාවත් කලින් දැනගන්න ලැබෙන්නෙ නෑලු..

මීළඟ කොටසින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login