The title of the page
Mismatched Sinhala Subtitles
Mismatched Sinhala Subtitles
5.7
60
81

Mismatched (2020) S01E04 Sinhala Subtitles | “මෙහෙමත් රංගනයක්….” | සිංහල උපසිරැසි සමඟ

(Mismatched Sinhala Subtitles) (Mismatched (2020) S01E04 Sinhala Subtitles)

පසුගිය කොටසින්…

රැප් එකක් කියාගෙන කට්ට කාගෙන තමන්ගෙම ලෝකෙක ජීවත් වෙන අමුතු ජීවියෙක් තමයි සෙලීනා. එයාගෙ ලොකුම රහස තමයි එයා කරන රැකියාව සහ එයාගෙ තාත්තා කව්ද කියන එක. සමාජය ඉදිරියේ කොන් වෙන්න බැරි නිසා සෙලීනා මේක හංගන්න මාර ගේමක් දෙනවා. ඒත්, යාළුවෙක් විදියට සෙලීනා හරිම හොඳ කෙනෙක්.

ඩිම්පල්ගෙ වචනෙ නිසා හැමදේම එපා වෙලා කෝස් එක දාලා යන්න හදන රිෂී, සිද් සර්ගෙ වචන නිසා අයෙත් නවතිනවා. කොහොමහරි සිද්ධවුණ දේවල් වලට දෙන්නට දෙන්නා සොරි කියාගන්න රිෂී සහ ඩිම්පල් දැන් හොඳ යාළුවෝ. තමන්ගෙ හොඳම යාළුවගෙ කුරුළු කූඩුව පාඩුවෙ හදාගන්න දීලා පැත්තකට වෙන නම්‍රතාටත් මෙහෙම යද්දි යාළුවෙක් සෙට් වෙනවා. ඒ තමයි සෙලීනා. මේ අතරේ අලුත් යාළුවො ටික රෑ කෑමකට එකතු වෙනවා. දිගින් දිගටම සිද් සර් අතින් ප්‍රතික්ෂේප වෙන ඩිම්පල්ගෙ නිර්මාණ අදහස් වගේම රෑ කෑමට යන වියදම නිසා ඩිම්පල් යාළුවො අතරෙ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. වීරයෙක් වගේ මේ වෙලාවෙ ඩිම්පල්ගෙ ලඟින් ඉන්නෙ රිෂී. හර්ෂ් උනත් සපෝට් කරන්නෙ නැතුවම නෙවෙයි. කොහොම හරි සිද් සර්ගෙ ගැළපිල්ල කෙසේ වෙතත් දැන් ඩිම්පල් රිෂී දෙන්නා එකතු වෙලා ඇප් එකක් හදන්නයි යන්නෙ. හැබැයි අන්තිමට මැසේජ් එක නම් ඩිලීටඩ්. ඩිම්පල්ටත් මේක වාසියක්. අනෙක් අතට රිෂීගෙ අරමුණ ඇප් හදන එකම නෙවෙයිනේ…

සමහර අයව මුණගැහුණම එයාලා ඉස්සරහ හැම වෙස්මූණක්ම ගැලවෙනවලු. ඉස්සරහට කාගෙ වෙස් මූණු ගැලවෙයිද කියල බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ.

Episode 4මෙහෙමත් රංගනයක්….

ආදරේදි අපි මෝඩයා වෙන වාර අනන්තයි. සමහරවිට, එහෙම වෙන්නෙ අපි ආදරේ කරද්දි අනිත් කිසිම දෙයක් ගැන සලකන්නෙ නැති නිසා වෙන්න ඇති. ඒ නිසාම වෙන්න ඇති අපි ආදරේදි හරි ලාමක, බොළඳ විදියට හැසිරෙන්නෙ. නම්‍රතා බිද්සරියා කියන්නෙ ටිකක් introverted කෙනෙක්. එහෙම වෙන්න හේතුව එයා අනිත් අයට වඩා වෙනස් නිසා. එයා ආදරේ දකින්නෙ, ආදරේ විදින්නේ, එයාට ආදරේ දැනෙන්නෙ වෙනස් විදියකට. ඒ නිසාම එයා මේ රහස බෙදාගන්නෙ රිෂී එක්කම විතරයි. එයාට අනුව අපි ආදරේ කරන කෙනා තෝරගන්නෙ අපි නෙවෙයි. ආදරේ තමයි අපිව තෝරගන්නේ. ඒත් නම්‍රතා හැමදාම බය වුණා එයාට මේ දැනෙන ආදරේ ප්‍රකාශ කරන්න. මොකද ප්‍රතික්ෂේප වෙනවට වඩා හොඳයි ලු ඒක පාර්ශවිකව ආදරේ කරන එක.

ඒත් මේ පාර… මේ පාරත් එයා මෝඩයා වෙන්න යන්නෙ. හැබැයි ඒක පාර්ශ්විකව ආරේ කරලා නම් නෙවෙයි. එයා ආසයි මේ පාර එයාගෙ මේ රහස එයා ආදරේ කරන කෙනත් දැනගන්නවට. ඒක රහසක් නොවී තියෙනවට..

මීළඟ කොටසින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login