The title of the page
Mismatched Sinhala Subtitles
Mismatched Sinhala Subtitles
5.7
60
81

Mismatched (2020) S01E05 Sinhala Subtitles | “ඒක එහෙම දෙයක් නෙවෙයි….” | සිංහල උපසිරැසි සමඟ

(Mismatched Sinhala Subtitles) (Mismatched (2020) S01E05 Sinhala Subtitles)

පසුගිය කොටසින්…

සමාජයේ ඉදිරියේ හිරකාරියෙක් වගේ ජීවත් වෙන නම්‍රතාට පුංචි බලාපොරොත්තුවක් දැන් තියෙනවා. ඒත් එයා හිතන විදියට එයාගෙ රහස රහසක් ‍නොවී තියේවිද?

තමන්ගෙ අලුත් බලාපොරොත්තුව ගැන හැමදාම වගේ නම්‍රතා කියන්නෙ රිෂීට. රිෂී නම් එකෙන්ම සපෝට් එයාගෙ යාළුවට. ඔන්න ඉතින් ඩිම්පල් රිෂී ජෝඩුව ඇප් එක හදන්න පටන් ගත්තා. දැන් දැන් එක එක්කෙනාගෙ පුංචි පුංචි රහස් එලියට එන්න පටන් අරන්. මේ අතරේ සීනත්ට බයිට් එකක් දෙන්න ප්ලෑන් කරන අන්මෝල් මුළු පන්තියටම කියනවා සීනත් ගෙ ගෙදර රෑට පාටි එකක් කියලා. එක එක්කෙනා වැල නොකැඩී ඇවිත් ගෙදර බෙල් එක ගහනකොට සීනත්ට කරකියාගන්න දෙයක් නෑ. මොනව උනත් කන්න බොන්න නම් අඩුවක් නැති පාටි එක. නම්‍රතාට ආරාධනාව ලැබෙන්නෙ සෙලීනාගෙන්. නම්‍රතා නිසා රිෂී යනවා, රිෂී නිසා ඩිම්පල් යනවා. කොහොමහරි ඔක්කොම එතන.

සීනත්ගෙන් ආතල් එකක් ගන්න අන්මෝල් එයාට පොවල තමයි නවතින්නෙ. මේකෙන් වෙන්නෙ සිද් සර් පාටි එකට එන එක. හැබැයි දෙයියනේ කියල සර් enjoy කරන්න දන්න කෙනෙක් නිසා පාටි එක නැගලම යනවා. මේ වෙනකන් ඩිම්පල් නොසලකා හැරපු හර්ෂ් නිසා ඩිම්පල්ට එයාගෙ ඊළඟ අදහසත් ඔලුවට එනවා. නම්‍රතා සහ රිෂී ගැන වැරදි වැටහීමක ඉන්න ඩිම්පල්ට උත්තරේ නම් ලැබෙනවා. ඒත් නම්‍රතාගෙ රහස දැන් දෙන්නෙක් දන්නවා. මේ විදියට මේ රහසට මොකක් වෙයිද…

Episode 5ඒක එහෙම දෙයක් නෙවෙයි….

ජීවිතේ, හරියට වීඩියෝ ගේම් එකක් වගේ.. අවිනිශ්චිතයි. ඒ නිසා ගේම් එකකදි වගේම ජීවිතේ සෙල්ලමටත් නීති හදාගන්න ඕන.

පළවෙනි නීතිය – කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා.

දෙවනි නීතිය – කවදාවත් අතාරින්න එපා.

තුන්වෙනි නීතිය – අවධානයෙන් ඉන්න

හතරවෙනි නීතිය – සෙල්ලම කරන්න ඕන දිනන්නමයි!

රතු පාට කියන්නෙ ආවේගශීලී බවේ පාට. මේ කතාව ඇතුලෙ ඉන්න ආවේගශීලීම කෙනා තමයි අන්මෝල් මල්හෝත්‍රා. ඒ තරම් තරහ යන කෙනෙක්, කටට බ්‍රේක් නැති කෙනෙක් මේ කොලෙජ් එක ඇතුලෙ නෑ. වීඩියෝ ගේමර් කෙනෙක් වගේම ස්ට්‍රීමර් කෙනෙක් වුණ අන්මෝල් රෝද පුටුවකට කොටු වෙලා ඉන්න හැටි දැක්කම ඇත්තටම දුක හිතෙනවා. ඒත් එයාට තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඒක. අනිත් අයගෙ අනුකම්පාව එයාට ඕන නෑ. එයා කාගෙන්වත් යැපෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒත්, එයා ආබාධිතයෙක් කියන ඇත්ත දවසක එයාට පිළිගන්නම වේවි. එයා කියන විදියට අනිත් අයගෙ ගේම් එක ඕවර් කරන්න එයාට පුළුවන් වෙයිද?

මීළඟ කොටසින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

2 comments

  1. the peripheral season 1 dennawada puluwannam

  2. Vishwa Ravishan Bandara

    video vada nahane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login