The title of the page
Mismatched Sinhala Subtitles
Mismatched Sinhala Subtitles
5.7
60
81

Mismatched (2020) S01E06 [END] Sinhala Subtitles | “අන්තිම සෙල්ලම….” | සිංහල උපසිරැසි සමඟ

(Mismatched Sinhala Subtitles) (Mismatched (2020) S01E06 Sinhala Subtitles)

පසුගිය කොටසින්…

කොච්චර ආබාධිත උනත් කාගෙන්වත් යැපෙන්නෙ නැතුව තමන්ගෙ වැඩ තනියම කර ගන්න තරම් පුදුම හිත හයිය කොල්ලෙක් තමයි අන්මෝල් කියන්නෙ. පණ නැති කකුල් දෙකටත් හරියන්න උඩු කය ශක්තිමත් කරගන්නව වගේම හිතත් ගලක් වගේ හයිය කරගෙන ඉන්න අන්මෝල්, ජීවිතේ කියන ගේම් එක දිනන්නම ඉපදුණු කෙනෙක්.

අන්මෝල් තමන්ගෙ ගේම් එක ප්ලේ කරගෙන යන අතරෙ ඩිම්පල් රිෂී බැදීම කිසි අවුලක් නැතුව ගලාගෙන යනවා. මේ අතරේ තමයි රිෂී ඩිම්පල්ට ඩේට් එකකට යන්න ආරාධනා කරන්නෙ. ඒත් ඩිම්පල් ඒක හරිම මිත්‍රශීලීව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් දෙන්නම තීරණය කරනවා ඩේට් එකක් නොවන ඩේට් එකකට යන්න. ඇත්තටම ඒක එහෙම දේකුත් නෙවෙයි අන්තිමට… මේකෙ අවසානෙදි සිද්ධ වෙන්නෙ හිතපු නැති දෙයක්. බොරුව කියන දේ පේන්න බැරි ඩිම්පල් අන්තමේදි නතර වෙන්නෙ තවත් බොරුවක් ළඟ. මෙතනින් පස්සෙ හැම‍දේම අවුල්. එකින් එක, එකින් එක රහස් එලියට එනවා. එක්කෙනෙක්ගෙන් පිටවෙන පීඩනය තව කෙනෙක්ගෙ ඔළුව අවුල් කරලයි නවතින්නෙ. මේවයින් බේරෙන්න වොෂ්රූම් එකට යන ඩිම්පල්ට වෙන්නෙ ඇතුලෙ ඉන්න අන්මෝල් එනකන් දොරට ගහන්න. තමන්ගෙ අසරණකම කටේ සද්දෙන් වහගන්න අන්මෝල්, ඩිම්පල්ට අභියෝගයකුත් දීලා තමයි එතනින් යන්නෙ.

ඩිම්පල්ගෙ කෝණෙන් බැලුවම අන්මෝල් කියන්නෙ මහ එපා කරපු කොල්ලෙක්. ඇවිදගන්න බැරි උනාට කටේ සද්දෙ නම් අඩුවක් නෑ. තමන්ට තමන්ව පිළිගන්න බැරි නම් ඒක තමන්ගෙ ප්‍රශ්නයක් මිසක් අනිත් අයගෙ ප්‍රශ්නයක් නෙවෙයි. අනෙක් අතට තමන්ව ඒ විදියට පිළිගන්න කෙනාට අනිත් අය ගැන ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. එයාගෙ ගමන එයා යනවා. ඒත් එහෙම අය මේ කතාව ඇතුළෙ ඉන්නවද??

Episode 6අන්තිම සෙල්ලම….

ඇයි මිනිස්සු දේවල් හංගන්නේ, ඇයි බොරු කියන්නෙ?

හැමෝටම තමන්ගෙ හේතුවක් තියෙනවා. මිනිස්සුන්ට සමහර දේවල් බෙදාගන්න එක හරි අමාරු දෙයක්. මොකද එයාල හිතන්නෙ ඒ දේවල් බෙදාගත්තොත් එයාලා දුර්වලයො බව පේනව කියලා. සෙලීනා මෙහෙම කිව්වට මේ කතාවෙ හැමෝටම හංගන්න දෙයක් තියෙනවා, ඩිම්පල්ට ඇරුණම… ඒත් රිෂී නිසා ඩිම්පල්ටත් හංගන්න දෙයක් තිබුණා…

මේ විදියට එකින් එක එලියට එන රහස් නිසා මෙයාලා හැංගි හැංගි කරන මේ සෙල්ලමට මොකක් වෙයිද?

ඩිම්පල්ගෙ පැත්තට හැරුණොත්… ඩිම්පල් කියන්නෙ අධිෂ්ඨානශීලී කෙල්ලෙක්. බලාපොරොත්තු අත් නො‍හැර, හරිම උද්යෝගීමත්ව බැලන්ස් එකේ ගේම ගහන නිසා තමයි මේ තරම් බාධක මැද්දෙ ඩිම්පල් තවමත් අල්ලගෙන ඉන්නෙ.

මේ අතරෙ තවත් ලොකු සෙල්ලමක්.. ඩිම්පල් සහ අන්මෝල් අතර. ‍මේ සෙල්ලමෙන් කව්රු දිනයිද? ඇත්ත ජීවිතේ මෙයාල කරන සෙල්ලමෙන් කව්රු දිනයිද? මොකද ඩිම්පල්ට නම් එක දිගට මුහුණ දෙන්න උනේ පරාජයන් වලට. අන්තිම සෙල්ලම කව්රු දිනයිද?

ඉතින් මේ අන්තිම සෙල්ලමෙන් පළවෙනි කතා සමය අවසන් වෙනවා, තවත් කතා සමයකට ප්‍රශ්නාර්ථයක් විතරක් ඉතුරු කරලා. දෙවනි කතා සමය එක්ක ඉක්මණින්ම මුණගැහෙමු. එතෙක් ආයුබෝවන්..!

මම රුවිනි තක්ෂිලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

5 comments

  1. 2 weni ekath damu

  2. Thank you ❤️

  3. Season 2 damu😇

  4. Season 2 awilla ne thyenne.ekath damu❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login