The title of the page
Sinam Sinhala Subtitle
Sinam Sinhala Subtitle
5.5
92

Sinam (2022) Sinhala Subtitles | “කේන්තිකාරයා” | සිංහල උපසිරැසි සමඟ

(Sinam (2022) Sinhala Subtitles) (Sinam Sinhala Subtitle) (Sinam 2022 Sinhala Subtitle)

Sinam | Tamil | 2022

Crime | Thriller | Action

IMDb 5.5/10

1hrs 51 min

ඔන්න තවත් දමිල ෆිල්ම් එකකට සිංහල උපසිරැසි රැගෙන ආවා. නොඉවසිල්ලෙන් බලන් හිටපු ගොඩක් ආසාවෙන් සබ් එක කරපු හරිම ලස්සන ෆිල්ම් එකක් තමා “සිනම් “ කියන්නෙ.. අරුන් විජෙයිගේ විශිෂ්ට රංගනයෙන් තමා මේක හැඩ වෙන්නෙ.. සාමාන්‍ය කතාවක් හරිම අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් 16 තමා සිනම් ලෝකය පුරා තිරගත වීම සිදු වෙන්නෙ.. මිශ්‍ර ප්‍රතිචාර හමුවේ සාර්ථකව තිරගත වුනා..

අධ්‍යක්ෂය G. N. R. Kumaravelan කතාව R.Saravanan, නිෂ්පාදනය R.Vijaykumar වෙනවා. සංගීතය Shabhir වෙන අතර ලස්සන ගීත 5ක් ඇතුලත් වෙනවා. අරුන් විජෙයිගේ 30වන චිත්‍රපටය වෙන අතර ඔහුගේ තවත් පොලිස් චරිතයක් තමා මේකත්..

කතාව කෙටියෙන් කිව්වොත්, පරි කියන්නෙ උප පොලිස් පරීක්ෂක කෙනෙක්. සුරූපී බිරිදක් හා හුරතල් දුවෙක් ඉන්න ඔහු ගොඩක් සතුටින් තමා ජීවිතේ ගෙව්වෙ.. මදූ තමා පරිගේ බිරිද. ලේ දන් දීමේ හොර වැඩක් මාට්ටු වෙලා තමා ඇයව හමු වෙන්නෙ. පස්සෙ දෙන්නා ආදරේ කරලා කසාද බදිනවා හැබැයි මදූගේ පියා මේකට තදින්ම විරුද්ධ වෙනවා. දිනක් මදූ සිය දියණිය එක්ක අම්මලගෙ ගෙදරට යනවා. ඒ ඇගේ කසාදෙන් පස්සෙ ඒ ගෙදරට යන පලමු ගමනයි. ගෙදරට අනිත් අය ආදරෙන් පිලි ගත්තත් පියා නම් එහෙම වෙන්නෙ නෑ. කෙසේ හෝ දියනියව අම්මලගෙ ගෙදර නතර කරලා ඇය තනියම රෑ ගෙදරට එන්න පිටත් වෙනවා. පරීට සිය බිරිදගේ මහ ගෙදරට යන්න ආරාධනා ලැබුණද යෑමට නොහැකි වෙන ලෙසට ඔහුට රාජකාරියක් වැටෙනවා.. කෙසේ හෝ ඇය තනියම ගෙදර එන අතර මග මදූට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ ඇගේ අවසන් ගමන වෙන බව කිසිම කෙනෙක් දැන සිටියේ නැ.. එහෙම තමා කතාව ගලාගෙන යන්නේ. කුතුහලයෙන් පිරුණ කතාවක්..

ප්‍රධාන රංගනය අරුන් විජෙයි හා පල්ලක් ලල්වානී.. මීට අමතරව,

Kaali Venkat

R. N. R. Manohar

Baby Desina

K. S. G. Venkatesh

Marumalarchi Bharathi

Tamizh ඒ අතර වේ…

ඉන්දියාවේ අසීමාන්තිකව සිදුවෙන   කාන්තා දූෂණය වෙනුවෙන් කතා කරන ෆිල්ම් එකක්.. බොහොමයක් ෆිල්ම් ඒ සම්බන්ධයෙන් තිබුනත් මේක වෙනස්ම එකක්. ආදරය හා කෝපය එක්ක මිශ්‍ර වුන හැගීමක් එක්ක කරන අලුත්ම ගවේෂණයක් වගේ දෙයක්. බලන්න. හැමදාම වගේ කතාආ අවසානයේ ආදර්ශයක් දෙන එක මේකෙත් තියෙනවා.  අලුත් කතාවකින් ආයේ හමු වෙන්නම්..

සිනෙරූ වෙනුවෙන් මම,

නිත්‍යා රූපසිංහ ෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිත්‍යා රූපසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිත්‍යා රූපසිංහ

February 4, 2020


21
Total Subtitles

6 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිත්‍යා සොයුරිය …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login