The title of the page
Mismatched Sinhala Subtitles
Mismatched Sinhala Subtitles
5.7
60
81

Mismatched (2020) S01E01 Sinhala Subtitles | “ඩිම්පල්ව හමුවුණු රිෂී…” | සිංහල උපසිරැසි සමඟ

වැරදි ගැළපුම (Mismatched)

ආයුබෝවන්! මම අද උපසිරැසි අරගෙන ආවෙ ඉන්දියානු වෙබ් කතා මාලාවක් වන Mismatched වෙනුවෙන්. මේ වැරදි ගැළපුම ගැන කියන්න කලින් මම කියන්නම් විවිධ පෞර්ෂයන් සහ වර්ණ අතර තියෙන සම්බන්ධය ගැන. අපේ පෞර්ෂයන් කෙනාගෙන් කෙනාට වෙනස්. සම වයස් යාළුවෝ ටිකක් අතර එක ව‍ගේ දෙන්නෙක් හොයන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. අද ඉඳන් මම අරගෙන එන මේ කතා මාලාවේ එක් එක් කතාංගය ඉදිරිපත් කරන්නේ එක් එක් චරිත වලින්.  දන්නවද? මේ එක එක විදියෙ පෞර්ෂයන් පෙන්නුම් කරන එක එක විදියේ වර්ණ තියෙනවා. පහළ ‍ෆොටෝ එකේ තියෙන්නෙ ඒ විවිධ චරිත ලක්ෂණ නියෝජනය කරන වර්ණ.

මම මේ වර්ණ ගැන මුලින්ම කිව්වේ, මේ කතා මාලාවේ එන ප්‍රධාන කතා නායකයන් හය දෙනා හය විදියක් නිසා. ඒ තමයි රිෂී සින්ග් ෂෙකාවත්, හර්ෂ් අගර්වාල්, සෙලීනා මැතීව්ස්, නම්‍රතා බිද්සරියා, අන්මෝල් මල්හෝත්‍රා සහ ඩිම්පල් අහූජා.

මේ චරිත හයෙන් කතාව එකිනෙක අමුණන්නේ, රෝහිත් සරෆ්, විහාන් සමට්, මුස්කාන් ජාෆෙරි, දේව්‍යානි ෂෝරේ, තාරුක් රෛනා සමගින් ප්‍රජක්තා කෝලි. ඒ වගේම රන්විජය සින්හා, විද්‍යා, ක්‍රිතිකා, අභිනව් වගේම ප්‍රවීණ නිළි සුහාසිනී මුලෛ යන අය ද සෙසු චරිත වලින් එක් වෙනවා. 2020 නොවැම්බර් 20 නෙට්ෆ්ලික්ස් හරහා තමයි මෙය නිකුත් කළේ. තාරුණ්‍යයේ ලස්සන අත්දැකීම් එක්ක, ආදරය, මිත්‍රත්වය, තරඟකාරීත්වය, මත ගැටුම්, තාක්ෂණය වගේ ගොඩක් දේවල් වලින් හැඩ වුණු මේ කතාව නිර්මාණය වෙන්නේ සන්ධ්‍යා මෙනන්ගේ When Dimple Met Rishi යන නවකතාව පාදක කරගෙන. අධ්‍යක්ෂණය  ආකර්ෂ් කුරාණා සහ නිපුන් ධර්මාධිකාරී ගෙන්.

ඉතින් ආරාධනා කරනවා ඔයාලට, පාට හයකින් හැඩ වුණු උපසිරැසියත් එක්ක, වෙනස් චරිත හයක් ඔස්සේ ගලාගෙන යන මේ ලස්සන, දඟකාර, ආදරණීය, තරඟකාරී යාළුවන්ගේ කතාව නරඹන්න කියලා.

Episode 1 – ඩිම්පල්ව හමුවුණු රිෂී…

රිෂී සින්ග් ෂෙකාවත් එනවා උසස් පාසලකට. හැබැයි මේ දහඅටේ කොල්ලා එන්නේ එයාගෙ අනාගත බිරිඳ හොයාගෙන. අවංක, ආදරණීය, අහිංසක කොල්ලෙක් වුණ රිෂී ධනවත් පවුලක වැඩිමහල් පුතා. එයාට ඉන්නවා හරිම ආදරණීය ආච්චි අම්මා කෙනෙක්. අවංකවම හිතට දැනුණු ආදරේ වෙනුවෙන් එන රිෂී මුළු කොලෙජ් එක පුරාම හොයල හොයල ඩිම්පල්ව හොයාගන්නවා. රිෂී ඩිම්පල්ට කියන පළවෙනි වචනෙ එසේ මෙසේ එකක් නෙවෙයි… ඒක ඇහුවම ඩිම්පල්ට මොනව වෙයිද… හැබැයි ඊට කලින් බලන්න පුළුවන් ඩිම්පල් ගැන රිෂීට ආදරයක් ඇති වුණේ කොහොමද කියල.. ඉතින් ඔන්න පළවෙනි කතාංගය ඔය විදියට ගලාගෙන ගිහින් නවතින්නේ අපේ දෙවෙනි කතා නායකයා ළඟ. එයාගෙ කතාවත් අරන් දෙවෙනි කතාංගයෙන් හමු වෙන්නම්. සුබ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

5 comments

  1. meka download karagnna site ekak kiyannako

    • වීඩියෝ කොපි මේ සයිට් එකේම දීලා තියෙන්නේ..VPN use කරනවනම් Off කරලා සයිට් එකට එන්න..එතකොට වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

  2. Bohoma sthuthi…

  3. sub akata thnkx sis

  4. Meke season 2 eke sub denne nththe ai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login