The title of the page
5
79

Prince (2022) Sinhala Subtitles | කුමරියකට පෙම්බැන්ද කුමරා | සිංහල උපසිරැසි සමඟ

(Prince (2022) Sinhala Subtitles) (Prince (2022) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම !

අද හදිසියේම අන්තර්ජාලයට එක් වුනු අලුත්ම දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි අපි වෙබ් අඩවියට ගොඩ වෙන්නෙ.ඉතින් මේ නිකුත් වෙලා තියෙන්නෙ HC-HDRIP පිටපතක්.මේක දැන් ඉතින් ඔයාලට අලුත් දෙයක් නෙමේ නේද.මොකද දමිළ චිත්‍රපට වල අලුත්ම රැල්ල වෙලා තියෙන්නෙ දැන් අදාල ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙන් ස්ට්‍රීම් කරන්න කලින් මේ වගේ කොපියක් පිටවෙන එක.

හරි එහෙනම්.මේ Prince චිත්‍රපටය පහුගිය ඔක්තෝබර් 21 වෙනිදා තමා තිරගත කිරීම ආරම්භ කලේ.Anudeep KV ගෙ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන මෙය Drama | Romance | Comedy කාන්ඩයට අයත් චිත්‍රපටයක්.ඒ වගේම චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 46ක ආදායමක් ලබා ගන්න සමත් උනා.

චිත්‍රපටයේ රංගනයෙන් එක් වෙන්නෙ ජනප්‍රිය දමිළ නලු සිවකාර්තිකයාන් විසින්.දමිළ සිනමාවෙ ප්‍රින්ස් මේ පාර එයාගෙ ෆිල්ම් එකත් ප්‍රින්ස්.ඒ වගේම මෙවර ෆිල්ම් එකට සංගීතය සපයන්නෙ බොහොමයක් තෙලිඟු සිනමාවට සංගීතය සපයන දක්ෂයා Thaman S විසින්.එතකොට ප්‍රධාන නිලිය විදියට රංගනයෙන් එක් වෙන්නෙ Maria Ryaboshapka විසින්.ඉතින් ඇය තවම 25 හැවිදිරි වියේ පසුවන යුක්‍රේන් ජාතික නිලියක්.ඉතින් ලොකුම වෙනසක් තමයි ඒක.ප්‍රධාන නිලිය ඉන්දියානු නිලියක් නොවීම.ඒ වගේම දක්ෂ නලු සත්‍යරාජ් ද මෙහි රංගනයෙන් එක් වෙනවා.වර්තමානය වන විට දමිල සිනමාවේ රසික පරාසය පුලුල් කරගනිමින් අති සාර්ථක සිනමා ගමනක තමයි සිවකාර්තිකයාන් යෙදෙන්නෙ.ඉතින් මේ චිත්‍රපටය දමිල වගේම තෙලිඟු භාෂාවෙනුත් නිකුත් උනා.

Prince (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles

හරි කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

අන්බු කියන්නෙ ගමේ පාසලේ සමාජ විද්‍යා ගුරුවරයා.ඉතින් මෙයාගෙ තාත්ත විශ්‍රාම ලත් RDO කෙනෙක්.එයාට ගමෙ හැමෝම ගරු කරනව.ඉතින් එයා වගේ ඉදී කියන විශ්වාසෙට අන්බුව පාසලට ගුරුවරයෙක් විදියට ගත්තත් එයා කරන්නෙ ඉස්කෝලෙ වෙලාවෙ ෆිල්ම් බලන්න යන එක.ඔය අතරෙ ඉස්කෝලෙට අලුතින් එනව ජෙසිකා කියල ඉංග්‍රීසි ටීචර් කෙනෙක්.

ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල ඉතින් ඔයාලම බලන්න.හරි එහෙනම් අදට අපි සමුගන්නම් මේ අපූරු චිත්‍රපටය ඔයාලට ලබා දෙන ගමන් දිගටම රැදෙන්න අපේ වෙබ් අඩවිය එක්ක.

අපි : පීටර් බාත්ලට් & මදුෂාන් ප්‍රියංකර

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

13 comments

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර …..
    ගොඩක්ම ස්තූතියි මදුෂාන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Thasitha Nilanka
    Cineru_users

    Thanks for sub 👍👍👍❤️

  4. Digital release වෙන්නේ කවද්ද?

  5. Peter ayye brahmastra ekatath denna puluwnda

  6. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  7. Suranga Nimalasiri

    බොහොම ස්තුතියි 🙏

  8. ඩබලටම තෑන්ක්ස්..🧡

  9. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  10. දෙන්නටම බොහොම ස්තූතියි ❤️🔥

  11. තැන්ස් දෙන්නටම❤️

  12. Loku deyak me sub dena eka thanks bro digatama karanna loku deyak meka good luck

  13. WEB-DL walata sub update ekak denawda🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login