The title of the page
6.9
100
92

The Winchesters (2022) S01E02 Sinhala Subtitles | “ළමයින්ට හොඳින් උගන්වන්න” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E02 Sinhala Subtitles) (The Winchesters S01 Sinhala Subtitles)

Supernatural බලපු අයට නම් මේ කොටස බලද්දි Supernatural පලවෙනි එපිය මතක් වෙන්නැති.කොටස් දෙකම ටිකක් එකවගේ.ගිය සතියෙ මං කිව්ව මතක ඇති මේක බලන්න කලින් Supernatural බලන්නඕනෙ නෑ කියල.ඒ මේ සීරීස් එක බලාගෙන යද්දි තේරෙයි අපරාදෙ සුපිරි සීරීස් එකක් නෙ මග ඇරිලා තියෙන්නෙ කියල.Supernatural බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනටම බලල Winchesters බලන්න ගත්ත නම් හොඳයි.ඒ ඇයි කියල තව කොටස් ටිකක් යද්දි තේරෙයි. Supernatural කියන්නෙ ආගමක් මේ ඒකෙ තවත් එක පරිච්ඡේදයක් විතරයි.අපි යමු කතාව පැත්තට.

පසුගිය කොටසින්.

කතාව පටන් ගන්නෙ ජෝන් යුද්ධෙට සහභාගි වෙලා නැවත ගම්පලාත බලා එන දර්ශනයකින්.ඒ එන අතර මගදි යුද්ධෙදි මැරිච්ච එයාගෙ යාලුවාගෙ දර්ශනයක් ජෝන්ට මැවිලා පේනවා.සමහර විට මේ සිද්ධිය කතාව මැදදි ලොකු හිඩසක් පුරවයි.ඒ මොකද්ද කියල දැම්මකියන්න යන්නෑ.කතාව අවදානයෙන් බලපු කෙනෙක්ට ඒ ගැන තේරෙන්න ඕනෙ.

පොඩ්ඩක් Skip කරනවා..

ජෝන්ට එයාගෙ තාත්ත එවල තිබ්බ ලියුමක් යතුරකුත් එක්ක.ඒකෙ සඳහන් උනේ මේක කියවද්දි මං මැරිලා ඉඳී.උත්තර දැනගන්න ඕනෙ නම් මේ Address එකට එන්න කියල.මෙන්න මෙතනදි තමයි ජෝන් මුල්ම වතාවෙදි ඩීමන් කෙනෙක්ව දකින්නෙ සහ පලවාහරිම ආකාරය මුලින්ම දැනගන්නෙ මේරිගෙන්..

ඊට පස්සෙ ජෝන්ට හම්බවෙනවා මේරිගෙ අතිජාත මිත්‍රයො ටික ලටා,ජෝන් කාලෝස් සහ,එඩා..

මේරි සහ ජෝන් හොයාගන්නවා Men OF Letters ලගෙ Hideout එකක්.මේකෙන් හොයාගන්න තොරතුරු මත තමා Demon Kiler Box එක දක්වා යන ගමනෙ මූලාරම්භය සිද්ධවෙනෙ.මෙතනදි ජෝන් ගෙ පලවෙනි දඩයම සිද්ධවෙනවා.ඒ තමයි වෘක මිනිහෙක්ව පරාද කරන එක.මේ තැනට යන දොරටුව ආරක්ෂා කරල කිසිම අමනුස්සයෙක්‍ට පහලට යන්න බැරි වෙන්න සලකුණු කරල වෘක මිනිහෙක්ව ආරක්ෂාවට දාලා තියෙන්නෙ Men Of Letters ලම තමයි.(Supernatural වල මේ ගැන සඳහන් වෙනවා.ඉස්සරහට Men Of Letters ගැන ලිපියක් අරන් එන්නම් ඒ ගැන ඉල්ලීමක් ආවොත්)

එතනින් එන හෝඩුවාවල් වලින් පස්සෙ මේ අපූරු කණ්ඩායමේ ඊලඟ ගමනාන්තය වෙන්නෙ සැවානා.මේ ගමනෙදි අපිට දැනගන්න පුලුවන් වෙයි ක්‍රිඩාවන් කියන්නෙ මොනවගේ ජීවීන් කොට්ඨාසයක්ද, කොහොමද උන්ව මරන්නෙ,ඇයි උන් පෘතුවියට ආවෙ,මොකද්ද උන් සහ ඩීමන්ලත් එක්ක තියෙන සම්බන්ධෙ කියන ප්‍රශ්න වලට උත්තර.ලබන සතියෙත් හමුවන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.

ලිපි සැකසුම :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


189
Total Subtitles

9 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක්

  2. niyamai bn.
    men of letters la gana lipiyakone.

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  4. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  5. ගොඩක් ස්තූතියි මේ උපසිරැසියට….ජයවේවා සිනෙරූ…

  6. සබ් එකට ගොඩක් ස්තූතියි….Men Of Letters ගැන අනිවාරෙන්ම ලිපියක් අරගෙන එන්න..ෆට්ටම ආසාවෙන් අවුරුදු ගානක් බලපු Supernatural සීරීස් එක මතක් වෙනවා මේක බලනකොට…මේකනම් පහරක්

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  8. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  9. Amara sankalpa
    Cineru_users

    Creamerie 2021 Sub denko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login