The title of the page
The Winchesters Sinhala Subtitles
The Winchesters Sinhala Subtitles
6.9
100
92

The Winchesters (2022) S01E01 Sinhala Subtitles | “පළමු හමුවීම” | සිංහල උපසිරැසි සමඟ

(The Winchesters (2022) S01E01 Sinhala Subtitles) (The Winchesters S01 Sinhala Subtitles) (The Winchesters 2022 Sinhala Subtitles) (The Winchesters Sinhala Subtitles)

The Winchester


Action/Drama
Imdb 7.0/10


Supernatural කතාමාලාවේ ජෝන් සහ මේරි

Supernatural Season 15 අවසාන කොටස නිකුත් වෙලා අවුරුදු 2 සපිරෙන ඔන්න මෙන්න තියෙද්දි The Winchesters නිකුත් උනා.Supernatural කිව්වාම නොදන්න කෙනෙක් නෑ මං හිතන්නෙ.අවුරුදු 15ක් අපේ පොඩිකාලෙ මතක එක්ක තිබ්බ සුන්දර කතාමාලාවක්.කොහෙවත් නැති කොරෝනාවක් නිසා අපි බලාපොරොත්තු වෙච්ච අවසානය නොලැබුනා උනත් තාමත් අපේ හිතේ රැඳුන සුන්දර කතාමාලාවක් බවට නොරහසක්.අද කතාව Supernatural නොවුනා උනත් Supernatural කතාමාලාවට Directly Connected.ඒ කියන්නෙ මේ කතාමාලාව බලන්න කලින් Supernatural බලන්න ඕනෙමද. ඇත්තටම කිව්වොත් නෑ.මේ කතාමාලාවෙ විස්තර කෙරෙන්නෙ Supernatural කතාමාලාවෙ ඉන්න ප්‍රධාන චරිත දෙකක් වන සෑම් සහ ඩීන් ගෙ අම්මයි තාත්තයි ගැන.ඒ දෙන්නගෙ තරුණකාලෙ ගැන.ඒ කියන්නෙ ඒ වනකොට ඒ දෙන්න Marry කරල වත් සෑම්,ඩීන් ඉපදිලාවත් නෑ.ඒ නිසා The Winchester බලන්න කලින් Supernatural නොබැලුවා කියලා ප්‍රශ්නයක් නෑ.Supernatural නොබලපු අයත් ඇති කියල හිතල Supernatural ගැන වැඩි විස්තර නොකර ඉන්නම්.

හරි අපි දැන් හැරෙමු කතාව දිහාවට.

The Winchesters කතාමාලාව තුල දකින්නට ලැබෙන ජෝන් සහ මේරි


කතාමාලාව තුල දකින්න ලැබෙන තවත් ප්‍රධාන චරිත කිහිපයක්

මේ කතාවෙ දිවෙන්නෙ ජෝන් සහ මේරිගෙ ආදර කතාව විතරක් නෙමේ.ඒ දෙන්නගෙ ආදරේ නාමයෙන් මුලු ලෝකයක්ම ඒදෙන්නම එකතුවෙලා බේරගන්න මූලික අඩිතාලම දාපු හැටි.

Eric Kripke විසින් රචිත Supernatural කතාව පාදක කරගත්ත The Winchester හි Creater වෙන්නෙ Robbie Thompson.මේ කතාමාලාව අධ්‍යක්ෂණය කරන්න අධ්‍යක්ෂක වරු කිහිපදෙනෙක් සම්බන්ධ වෙනවා.ඒ තමයි

‌Glen Winter (2 episodes)
‌John T. Kretchmer (1 episode)
‌John F. Showalter (1 episode)
‌Claudia Yarmy (1 episode)

ඒ වගේම තමයි The Winchester හි Producer ල අතරින් දෙන්නෙක් මතක් නොකරම බෑ.ඒ තමයි Supernatural හි ඩීන් ලෙස රංගනයෙන් දායක උන Jensen Ackles සහ ඔහුගේ බිරිඳ වන Danneel Ackles executive producer විදිහට මෙහි එන කොටස් 13ටම සම්බන්ධ වෙනවා.ඒ වගේම කතාමාලාවෙ Narator වෙන්නෙ ඩීන් එහෙමත් නැත්නම් Jensen Ackles.

හරි එහෙනම් අපි බලමු අද කතාවෙ මොකද වෙන්නෙ කියල.

කතාව පටන් ගන්නෙ ඔයාලා හොඳටම දන්න ඩීන් වින්චෙස්ටර්ගේ විස්තර කිරීමත් එක්ක​. ඒ කියන්නෙ ඩීන් අපිට ඉස්සරහට තියෙන කොටස්වලත් පොතේ ගුරා විදිහට කතාව කියාවි. ඉතින් පළවෙනි කොටසෙන් අපිට ඉස්සෙල්ලාම බලාගන්න ලැබෙන්නෙ ඩීන්ගේ තාත්තා ජෝන් වින්චෙස්ටර්ට එයාගේ අම්මා මේරි කෑම්ප්බෙල්ව මුණ ගැහුණු විදිහයි. මේ කතාවත් Supernatural වල පළවෙනි කතා සමයේ ආරම්බයට ටිකක් සමානයි කියලා ඔයාලට බලාගන්න පුළුවන් වේවි. මොකද මේකෙදි මේරිත්, වින්චෙස්ටර් සහෝදරයෝ කරා වගේම එයාගේ අතුරුදහන් වුණු තාත්තව හොයාගෙන යනවා. මේරිගේ තාත්තත් අතුරුදහන්වෙලා තියෙන්නෙ දඩයමකට ගියපු අතරතුරේදියි. කොහොම හරි ජෝන් මේරි දෙන්නා එකිනෙකාව හම්බ වුණාට පස්සෙ ඒ දෙන්නා දැනගන්නවා දෙන්නටම තියෙන්නෙ එක අරමුණක් කියලා. ඉතින් දෙන්නම ඒ අරමුණ වෙනුවෙන් පිටත් වෙනවා. ඊට වඩා දෙයක් කතාව ගැන කියන්න යන්නෙ නැහැ, ඔයාලම බලලා ඉන්න​. කොහොමත් පොතේ ගුරා විදිහට ඩීන් කියනවා මේකෙ කතාව supernatural වලට සමාන වුණත් ඉස්සරහා කොටස්වලදි පුදුම හිතෙන සිදුවීම් ටිකක් බලාගන්න පුළුවන් වේවි කියලා. බලමුකෝ ඒ පුදුම හිතෙන දේවල් මොනවද කියලා.

ලිපි සැකසුම :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

15 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    දුලාන් රන්දික සහෝදරයට ගොඩක් ස්තුති වෙන්න ඕන මේ series එක වෙනුවෙන් ලිපිය හදලා දෙනවට​. House of the Dragon එකෙත් ලිපිය හදන්නෙ එයාම තමයි. ස්තුතියි සහෝ…👍

  2. Thank you for sinhala subtitles

  3. Thank you sib ekata

  4. Thank you sub ekata

  5. pasindu nayanajith
    Cineru_users

    supiri bn. EP2 eketh dahan ikmanata. Gg!

  6. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  7. අඩේ දෙනකක් සබ් දෙනකක් නැද්ද කියලා හිත හිත හිටියෙ සහෝ…😍😍😍උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  8. sub ekata thanks. anith ekatath ikmanatath sub eka denna

  9. ගැම්මක් තමා සහෝ.මේකට සබ් ගේනවට ගොඩක් ස්තූතිය.දිගටම සබ් ඔනේ

  10. හිතුවෙත් නැ මේකට දෙයි කියලා ❤ ගැම්මට බලන්නේ සිනේරෑ නිසා. ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න 😍

  11. බොහොම ස්තුතියි නියම වැඩක්

  12. thanks sub ekata E02 ekath demuko ☺️👍

  13. ගොඩක් ස්තූතියි මේ සීරීස් එකට සබ් අරන් එනවට…ජයවේවා සිනෙරූ…

  14. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login