The title of the page
The Office (2005) S01 E02 Sinhala Subtitles
The Office (2005) S01 E02 Sinhala Subtitles
8.9
81
94

The Office (2005) S01 E02 Sinhala Subtitles | අද නරක දවසක්මත් නෙවෙයි. | සිංහල උපසිරැසි සමග

ඔන්න The Office දෙවනි එපිසෝඩ් එකත් අරන් ආවා. ඔයාලා පළවෙනි එපිය රසවිඳින්න ඇති කියලා හිතනවා. අඩුපාඩු තිබුණනම් පහළින් කමෙන්ට් එකක් දාන්න ඉදිරි කොටස් වලදි ඒවා හදලා දාන්නම්.ඔන්න ඉතිං අද කොටස, Diversity Day. ඇමරිකාව කියන්නෙ ජනවර්ග ගොඩක් ඉන්න රටක්. ඒත් මේ ජනවර්ග වලින් සමහර ජනවර්ග වලට කුඩම්මගෙ සැලකිලි ලැබෙන නිසා එයාලා පීඩාවෙන් ඉන්නෙ. මේ වෙනස්කම් අතහැරීම වෙනුවෙන් තමයි ඔෆිස් එක ඇතුළෙ විවිධත්ව දිනයක් සමරන්න යන්නෙ.

මේ සේරම පටන් ගන්නෙ අපේ මයිකල් කලු ජාතිකයො ගැන කට කැඩිච්ච කතාවක් කියපු නිසා. ක්‍රිස් රොක් කියලා කලු ජාතික standup comedian කෙනෙක් ඉන්නවා. අන්න එයාගෙ එක්තරා ආන්දෝලනාත්මක විහිලුවක් මයිකල්ට අහන්න ලැබීම නිසයි මේ සේරම වෙන්නෙ. ඔයාලා දන්නෙ නැත්නම් කලු ජාතිකයන්, එහෙමත් නැත්නම් නීග්‍රෝ ජාතියකන් වහලුන් ලෙස අමතන පාඨයක් තමයි “නිගර්” කියන්නෙ. සිංහලෙන් “කාපිරි” වහලුන් කියලයි ඔවුන්ව හැඳින්වුවේ. කලු ජාතිකයන් අපහසුතාවයට පත් වීම වැළැක්වීම වෙනුවෙන් අද වන විට ඇමරිකානු සමාජයේ ඒ වචනය අසභ්‍ය ලෙස සළකනවා.

ඒකට කියන්නෙ N- word එක කියලා. මේක කලුජාතිකයන් – කලුජාතිකයන් අතරේ භාවිතා වීම ගැටලුවක් නොවන සේත් සැළකෙනවා. මේකත් දැනගෙන අද කොටස බලන්න.ඔයාලා කලින් කොටසෙ දකින්න ඇති ජිම් සහ ඩ්වයිට් අතර තිබුණ ගැටුම්. අද ඩ්වයිට් ඒක වෘත්තියමය මට්ටමට අරං යනවා. ඉස්සරහට මොනවා වෙයිද කියලා දෙයියො තමයි දන්නෙ.අද කොටස ලියලා තියෙන්නෙ අපේ රයන් හවර්ඩ් පුතාට රඟපාන B. J. Novak. ඉතිං ඔයාලා හැමෝටම සුභ විවිධත්ව දිනයක් වේවා! ඊළඟ කොටසින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හර්ෂණ චමෝද් රත්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හර්ෂණ චමෝද් රත්නායක

November 9, 2020


6
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. wowo ma okata kochchra kala balan hitiyada godak thanks .supirima sitcom series ekak .godak thanks

  3. ඉක්මනටම දෙවෙනි කොටසත් දීලනෙ.
    ගොඩක් ස්තූතියි මචං මේ වගේ සුපිරියකට සබ් දානවට.

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරියි බං
    ඉංග්‍රීසි ඒවට සබ් දෙන්න පිරිස අඩුවෙන් හිටියේ. ඕං ධැන්හරි

  5. Godak sthuthi..Jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login