The title of the page
The Office (2005) S01 E01 Sinhala Subtitles
The Office (2005) S01 E01 Sinhala Subtitles
8.9
81
94

The Office (2005) S01 E01 Sinhala Subtitles | ලෝකේ හොඳම බොස් | සිංහල උපසිරැසි සමග

(The Office (2005) S01 E01 Sinhala Subtitles) The Office US කියන්නෙ කොමඩි ටීවි සීරිස් අතරින් උඩින්ම තියෙන කතාවක්. ඕනම කොමඩි රසිකයෙක් අනිවාර්‍යයෙන්ම බැලිය යුතු නිර්මාණයක්. ඩන්ඩර් මිෆ්ලින් කියන කඩදාසි සමාගමේ ස්ක්‍රැන්ටන් නගරයේ ශාඛාවෙ සිද්ධ වෙන සිදුවීම් සමූහයක් ගැන තමයි මේ කතා මාලාවෙ තියෙන්නෙ. මේක “මොකියුමෙන්ටරියක්”, අහල පුරුදු නමක්නම් නෙවෙයි වෙන්න ඇති. වාර්තා චිත්‍රපට කණ්ඩායමක් මේ කඩදාසි සමාගමේ ශාඛාව තෝරගන්නවා වාර්තා චිත්‍රපටයක් හදන්න( ඒ උනාට විශ්වාස කරන්න මේක කම්මැලි කතාවක් නෙවෙයි. ඔයා පල්ලා!) මේ ඔෆිස් එකේ බොස් තමයි මයිකල් ස්කොට්. එයාගෙ දකුණු අත වගේ ඉන්නෙ ඩ්වයිට් ෂෲට්(මගෙ ආසම චරිතෙ මෙයා, කාටවත් කියන්න එපා.) ඩ්වයිට් ෂෲට් අලෙවි නියෝජිතයෙක්. එයා එක්ක තරඟෙට ඉන්න තවත් අලෙවි නියෝජිතයෙක් තමයි ජිම් හැල්පර්ට්. ඒ වගේම ඔෆිස් එකේ පිළිගැනීමේ නිලධාරිනිය පෑම් බීස්ලි, හරිම සිරියාවන්ත දැරිවියක්. ඔෆිස් එකේ ගණකාධිකාරිවරු තුන්දෙනයි, ඔස්කා මාටීනෙස් කියන්නෙ ඔෆිස් එකේම ඉන්න උගත්ම කොල්ලා(එයා ගැන පොඩි රහසක් තියෙනව. ඔයාලා කතාව බලනකොට දැනගන්න ලැබෙයි.) කෙවින් මැලෝන්… අපි එයා ඔස්කාගෙම අනිත් පැත්ත කියල කියමුකො.

ඒ ඇති. ඇන්ජෙලා මාටින් කියන්නෙ රණ්ඩු කෙක්කක්. හැම ඔෆිස් එකකම වගේ මේකෙත් ඉන්නවා මානව සම්පත් කළමණාකරුවෙක්. එයාගෙ නම ටෝබි ෆ්ලෙඩ්… ෆ්ලෙන්ස්… ශි*
ටොබී ෆ්ලෙන්ඩර්සන්! එයයි අපේ බොස් මයිකලුයි අතිජාත මිත්‍රයෝ .ඔෆිස් එකෙන් පිටත වැඩ කරන අලෙවි නියෝජිතයෙක් තමයි ටොඩ් පැකර්. මිනිහා ගැනයි මිනිහගෙ කට ගැනයි අපි කතා නොකර ඉමු. ස්ටැන්ලි හඩ්සන්, කෙලී කපූර්වත්, රයන් හවර්ඩ්, පිලිස් ස්මිත්, රෝයි ඇන්ඩර්සන්, මෙරඩිත් පාමර්වත් අපි ඊළඟ සින්දුවට එකතු කරගන්න ගමන්, ජෑන්! මයිකල්ගෙ බොස් (සහ පස්සෙ… ඒව ඕන්නෑ) ජෑන් ලෙවින්සන්වත් මතක් කරනවා. දැනට මේ අයව දැනගත්තම ඇති.

The Office US කියන්නෙ The Office UK කතාමාලාව ඇසුරින් නිපදවෙලා, ඒත් ඔරිජිනල් කතාවට වැඩිය ජනප්‍රසාදයට ලක් වුණ කතා මාලාවක්. මේකට මුල පුරන්නෙ විකට නළු රිකී ජ’විස්. UK වර්ශන් එකේ එයා තමයි ඔෆිස් එකේ බොස්(ඩේවිඩ් බ්‍රෙන්ට්) වෙන්නෙ. අපි බලන්න යන US වර්ශන් එකේ බොස් මයිකල් ස්කොට්ට පණ පොවන්නෙ ස්ටීව් කැරල්, ඔයාලා 40 Year Old Virgin, Minions එකේ Gru දැකලා ඇතිනෙ, අන්න එයා. ජෝන් ක්‍රසින්ස්කි තමයි ජිම්. Quiet Place, 13 Hours වගේ චිත්‍රපට වලින් ඔයාලා එයාව දැකල ඇති. ජිම් කියන්නෙ එයාගෙ පළවෙනි චරිතෙ. ඩ්වයිට් ෂෲට්ට රඟපාන්නෙ රයින් විල්සන්.පෑම්ට ඉන්නෙ ජෙනා ෆිශර්, රයන් හවර්ඩට රඟපාන්නෙ B. J. Novak. B. J. කියන එකේ තේරුම අහන්න එපා අපි හිතන එක නෙවෙයි වෙන්න ඇති. කෙලී කපූර්ට ඉන්නෙ මින්ඩි කේලින්ග්. මේ අය රඟපෑමෙන් වගේම එපිසෝඩ්ස් ලියන්නත් දායක වෙලා තියෙනවා. The Office කියන්නෙ අවධානයෙන් බැලුවොත් ඇබ්බැහි වෙන, අන්තිම සීසන් වලදි ඇහැට කඳුලක් උනත් ගේන්න පුළුවං කොමඩියක්.

අපේ පළවෙනි කොටස, The Pilot Episode එක පට්ටා…න් ගන්නෙ වාර්තා චිත්‍රපටයෙ ආරම්භයත් එක්ක. විනාඩි විස්සක විතර කොටස් හයකින් පළවෙනි සීසන් එක ඉවරයි. ඊට පස්සෙ තමයි කතාව නැගලා යන්න ගන්නෙ. ඒ නිසා පළවෙනි සීසන් එක බාගෙට බලලා අතෑරලා දාන්න එපා කියල මං අනතුරු අඟවනවා. ඉතිං අපේ පළවෙනි දවසෙදි වෙන්නෙ, සමාගමට පාඩුවක් වෙලා, එයාලට ශාඛා දෙකක් නඩත්තු කරන්න අමාරු වෙනවා. ඒ නිසා කීපදෙනෙක්ව අස් කරන්න කියලා අපේ මයිකල්ට අණක් ලැබෙනවා. මයිකල් ඒ තීරණය එක්කයි, වාර්තා චිත්‍රපට වැඩෙයි, ඔෆිස් එකේ ඉන්න එයාගෙ සහෝදර සහෝදරියො එක්කයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න උත්සාහ කරනවා. ඒක තමයි කතාව.ඔයාලගෙන් කරන්න පුංචි ඉල්ලීමක් තියෙනවා,The Office කියන්නෙ ගොඩක් ඉංග්‍රීසි වචන හරඹ තියෙන කතාවක්. ඒ වගේම ඇමරිකානු සමාජයේ තියෙන සමහර දේවල්, ඇමරිකානු රූපවාහිනී වැඩසටහන්, තරු, චිත්‍රපට වගේ දේවල් හාස්‍යට ලක් කරන කතාවක්. මේ දේවල් සමහරවිට පසුබිම් සිදුවීම් නොදන්න අයට තේරුම්ගන්න අපහසුවෙයි කියල හිතලා මම වරහන් ඇතුලෙ කෙටි පැහැදිලි කිරීමක් තියෙන සබ් ෆයිල් එකක් වෙනමම ඔයාලා වෙනුවෙන් එකතු කරල තියෙනවා. ඒත් තේරුම් ගන්න අමාරුයි වගේනම් ඔයාලගෙ යෝජනා, චෝදනා කමෙන්ට් කරන්න. මම ඊළඟ කොටස් වලදි ඒ අඩුපාඩු හරිගස්සන්නම්.මේකෙදි නිතරම හමුවෙන දෙයක් තමයි Puns. Puns කියන්නෙ හාස්‍ය අර්ථයක් ගන්න සමාන ශබ්ද තියෙන වචන දෙකක් මාරු කරලා භාවිතා කරන එකට. උදාහරණයක් විදිහට, මේකෙ අපිට හම්බවෙනවා එක තැනක රයන් කියනවා

Custard-Y! කියලා. එයා අදහස් කරන වචනෙ Custody(අත්අඩංගුවට) කියන එක. ඒ අවස්ථාවට ගැලපෙන්නයි කස්ටඩ්(ජෙලි වලට උඩින් දාන්නෙ කහපාට මෙව්වා වගයක්. අන්න එව්වා) කියල කියන්නෙ.තව ඉදිරි එපිසෝඩ් වලදි ස්ටීව්ගෙ ජනප්‍රියම විහිලුව “That’s what she said” ඒවා හමුවෙනවා. ඒක පස්සෙ පැහැදිලි කරන්නම්. ආ තව එක දෙයක්! ඉදිරියේදි හමුවෙන සමහර එපිසෝඩ්ස් වල ප්‍රසිද්ධියේ දාන්න බැරි වචන තියෙනවා. මම කොහොමත් එකකට සබ් ෆයිල් කීපයක් දාන නිසා අසභ්‍ය වචන කපන්නෙ නැති සබ් එකකුත් ඇතුළු කරල තියෙන්න පුළුවං. මම ඒක කියන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හර්ෂණ චමෝද් රත්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හර්ෂණ චමෝද් රත්නායක

November 9, 2020


6
Total Subtitles

10 comments

  1. Ela saho..ithuru tikath demu

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරිම ඈ “වන්දෝ”. දොගටම අපේ සිනේරූ පවුලේ මෙහෙමම යං

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරිම ඈ “වන්දෝ”. දිගටම අපේ සිනේරූ පවුලේ මෙහෙමම යං

  5. Thanks මචන් මේ වගේ සුපිරි කතාවකට සබ් කරාට. හින්දි කඩි කබල්, කොරියන් කුනුගොඩවල් වලට අනිත් හැමෝම සබ් කරද්දි මේ වගේ සුපිරි සීරිස් එකකට සබ් කරපු උබට රොම්බ තෑන්ක්ස්.

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Tharidu සහෝ, තව ඉංග්‍රීසී සුපිරිම සබ් දීලා තියෙයි අපි. හොයලා බලන්නකෝ. කම්ප්ලීට් සීරීස්ම සෑහෙන ගානක්

  7. හිරාන්

    ගොඩක් ස්තුතියි.
    විස්තරේ කියවලා හිතුවා මේක මට ෆිට් වේවි කියලා.

  8. the office tv show eka download කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද

  9. Godak sthuthi..Jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login