The title of the page
7
48
85

The Nevers (2021) E05 Sinhala Subtitles | ” මැළඩිගේ මරණ දඬුවම …! ” | සිංහල උපසිරැසි සමඟ

(the nevers 2021 Sinhala Subtitles)

ඔන්න එහෙනං අද පස්වෙනි කොටසට තමයි උපසිරැසිය අරගෙන ආවේ.කලින් කොටස ගැන මුලින් කියලා ඉන්නම්කෝ.පසුගිය කොටසේ අවසානයට උනේ මේරිගේ සින්දුව මර්ටල් තේරුම් අරගත්තා කියන එක දැනගෙන වයලට් සහ අනිත් කට්ටිය එකතුවෙලා ඒක කොහොමහරි පරිවර්තනය කරගන්නවා.ඒ අතරේ මිසිස් ටෘ මැසේන් උතුමානන්ගේ ගෙදරට ගිහින් එයා මේරිගේ මරණයට සම්බන්දයි කියලා හොයාගන්නවා.ඒ වගේම මැළඩි ඉන්ස්පෙක්ටර් මන්ඩිගේ ලොක්කාව මරලා පැනලා යන අතරතුරේදි මන්ඩිට අහුවෙනවා.ඊටපස්සේ මැළඩිව අත් අඩංගුවට අරගෙන හිර කරනවා.අන්තිමේදී මේරිගේ සින්දුවෙන් මොකද්ද කියවෙන්නෙ කියලා දැනගන්නත් ලැබුණා.ඒ සිද්දියෙන් මාසෙකට පස්සෙ වෙන දෙයක් තමයි අද කොටසේ සිද්දවෙන්නෙ.අද කොටසේ විශේෂ වචනයක් අහන්න ලැබෙනවා කතාවේ කලින් කොහෙවත්ම අහන්න ලැබුනේ නැති එකක්.ඒ ගැන පොඩ්ඩක් පැහැදිළි කරන්නම් වගේම කතාවේ මෙතෙක් උන දේවල් පොඩ්ඩක් විස්තර කරන ගමන්ම අද කොටස බලනකොට ඒ ටික වැදගත් වෙයි කියලා හිතනවා.

මම කිවුව විදිහට අද කොටසේ අහන්න ලැබෙන වචනය තමයි “ගැලැන්ති” කියන එක.මොකද්ද මේ ගැලැන්ති කියන්නෙ?ගැලැන්ති කියන්නෙ මුළ කොටසෙ අන්තිමේදි අර අහසින් පියාසර කරලා ගිය දේ,ඒ ජීවියෙක් කියලා තමයි අන්තර්ජාලයේ නං සඳහන් වෙන්නෙ ඒත් මේ කොටසේ නං ඒ ජීවියෙක් වගේම යන්ත්‍රයක් කියලාත් හඳුන්වනවා මොකද තාම පහස ලද්දන්ට ඒ මොකක්ද කියන එක හරියටම දැනගන්න ලැබිලා නෑ.1896දී මේ අය පහස ලද්දන් බවට පත්වෙන්න හේතුව තමයි මේ ගැලැන්ති කියන්නෙ.

1 ගැලන්තිගේ ඉතිහාසය…

1896 අගෝස්තු 3 සඳුදා දවසේ ගැලැන්ති ලන්ඩන් නගරයට උඩින් පියාඹලා යනවා ඒ වගේම දීප්තිමත් දුමාරයක් පිට කරනවා.මේ ආලෝකමත් අංශු ඇඟේ සපර්ෂ වෙලා ඒක බොහෝ දෙනෙක්ට බලපානවා.ඒවාගේ ස්පර්ශයට ලක් උන අයට අසාමාන්‍ය හැකියාවන් ලැබෙනවා.ඒ හැකියාවන් එකිනෙකාට වෙනස් වෙනවා වගේම ලන්ඩන් නගරයෙන් පිට ඒ වෙලාවේ එහෙම කිසිම සිදුවීමක් වෙන්නෙත් නෑ.1899 ලැවීනියා බිඩ්ලෝ එක භූගත උමගකින් දීප්තිමත් වස්තුවක් හොයාගන්නවා වගේම ඒ උමගේ වැඩ කරන හැම වහලෙක්ම පහස ලබපු කාන්තාවෝ.ඒ වගේම මේරි බ්‍රයිටන් පහස ලද්දන්ටම විතරක් ඇහෙන සින්දුවක් ගායනා කරනවා.සින්දුවේ තේරුම දැනගත්තට පස්සේ අමාලියා ටෘ ඒක ගැලැන්තිගේ හඬ කියලා හඳුන්වනවා.

2 මැළඩි…

මැළඩි කියන්නෙ කවුද කියලා දැන් හැමෝම දන්නවා.ඒත් මැලඩි පහස ලද්දෙක් වීම කියන එකට අමතරව වෙනත් විශේෂයක් තියෙනවා.1896 අගෝස්තු 3 සඳුදා මැලඩිව ස්ටෝමෑන්ක්ස් මානසික රෝහලෙන් එළියට එක්කගෙන එනවා එයාගේ ස්වාමිපුරුෂයා එයා එනකන් කාර් එකේ ඉද්දි.ඒ අතරතුරේ ගැලැන්ති ලන්ඩන් හරහා පියාසර කරනවා.එයා ඒක අතුරුදන් වෙනවා දකිනවා වගේම කාර් එකට නගින එක ප්‍රතික්ෂේප කරනවා.මැළඩිගේ තියෙන විශේෂත්වය තමයි හැමෝටම ඒ සින්දියෙන් පස්සේ ගැලැන්තිව අමතක වෙනවා වෙන කවුර්වත්ම ඒක මොන වගේද එයාලා පහස ලද්දො වෙන්න හේතුව උනේ මොකද්ද කියන කාරනාව දන්නෙ නෑ.ඒත් මැළඩිට ඒක අමතක වෙන්නෙ නෑ.ඒත් මැළඩි ගැලැන්තිව විග්‍රහ කරන්නෙ දෙවියන් විදිහට.

අද කොටසේ මැළඩිව මන්ඩිට අහු උණාට පස්සේ උසාවියෙන් මැළඩිව ප්‍රසිද්දියේ එල්ලා මරන්න නියෝග කරනවා.ඒ අතරේ අමාලියා ගැලැන්තිව හොයාගෙන යනවා වගේම පෙනන්ස්ට මැළඩිව බේරගන්න ඕන වෙනවා.කොහොම හරි අමාලියා ගැලැන්තිව හොයාගෙන යන තරේ ටෘ මැළඩිව බේරගන්න උත්සාහ කරනවා.එහෙනං අද කොටසත් බලන්න.ඊළඟ කොටසින් හමුවෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. ස්තූතියි සහෝ❤️❤️

  3. ස්තූතියි සහො කමෙන්ට් එකට❤️❤️

  4. E06th ikmntama denna saho

  5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login