The title of the page
Mandela (2021) Subtitles Sub
Mandela (2021) Subtitles Sub
8.6
83

Mandela (2021) Sinhala Subtitles | ” චන්දයක් නිසා වෙනස් වූ මැන්ඩේලගේ ජීවිතය ” | සිංහල උපසිරැසි සමඟ

(Mandela (2021) Subtitles Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අදත් සුපුරුදු පරිදි මමයි පීටර් අයියයි ආවා මේ වසරේ දැනට නිකුත් වූ විශිෂ්ටතම දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන……

2021 වසරේ අප්‍රේල් 29 වෙනිදා තිරගතකිරීම් ආරම්භ වූ මෙම දමිළ චිත්‍රපටය මේ වන විට IMDB මීටරයේ 8.6/10 ක් වැනි ඉතාමත් ඉහල අගයක් ලබාගෙන තියෙනවා , ඒ වගේම ගූගල් පරිශීලක මනාප 83% ක් ද ලබා ගෙන ඇති අතර මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය සිදු කරන්නේ Madonne Ashwin මහතා විසිනි….

ඊලඟට අපි යමු මේකේ ප්‍රධාන නලුවා පැත්තට ඔහු ගැන නම් දමිළ සිනමාවේ චිත්‍රපට නරඹන කෙනෙක් නොදැන ඉන්නේ නෑ , ඔහු නමින් “යෝගි බාබු” හැමෝම දන්න විකට චරිත රඟ දක්වන රංගන ශිල්පියෙක් ඒත් මෙම චිත්‍රපටයේ දී අධ්‍යක්ෂක වරයා ඔහුගේ ඒ විකට චරිතය සඟවා ඔහු තුලින් විශිෂ්ඨ රංගන ශිල්පියෙක් මතු කරලා තියෙනවා , සමහර විට මේක යෝගි බාබුගේ සිනමා ජීවිතේ එක් ” Turning Point “ එකක් කියලා කියන්න පුලුවන් …….

ඊට අමතරව මෙහි ප්‍රධාන නිලිය ලෙස Sheela Rajkumar රංගනයෙන් දායක වෙනවා..Comedy/Political satire යන ශාරණයට අයත් මෙම චිත්‍රපටය මේ වන විට ඉන්දියාව පුරා සහ ශ්‍රී ලාංකිකයින් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා , ඒ මොකද කියනවා නම් නියම ඉන්දියානු චිත්‍රපටයක් විදිහට අපිට මෙය දකින්න පුලුවන් වගේම ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයක් බවට මෙය පත් වෙලා තියෙනවා ……….

කතාව ගැන ටිකක් බැලුවොත්……..

දුෂ්කර ගම්මානයක තමන්ගේ බඩ පුරෝ ගන්න සහ තමන්ටම කියලා සැලූන් එකක් හදාගන්න ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා රැවුල කොන්ඩෙ කපන බාබර් කෙනෙක් තමා “ස්ම්යිල්” කියන්නෙ මෙයාට ඉන්නවා තව සහයකයෙක් ඔහු නමින් ගිරිදා, ඉතිං මේ අයට ඉන්න හිටින්න තැනක් නෑ ඒක නිසා ගමේ ගහක් යට තමා මෙයාල ජීවත් වෙන්නේ…එතන සඟවන ඔවුන්ගේ මුදල් එක එක්කෙනා හොරකම් කරනවා මේ නිසා තමන්ගේ මුදල් පොතක දාන්න යන මෙයාට ඒක කරගන්න බැරි වෙනවා මොකද මෙයාට උප්පැන්නයක් , ස්තීර නමක් , අයිඩී එකක් මොකුත් නෑ ඉතිං ඒ නිසා මෙයා තමන්ගේ නම “මැන්ඩේලා” කියලා වෙනස් කරමින් හැඳුනුම්පතක් හදනවා , මේ හැඳුනුම්පතත් සමඟම ඔහුට චන්දය දැමීමේ අවස්තාව හිමිවෙනවා ….

ඉතිං ඔහුගේ මෙ හැඳුනුම්පත නිසා ඔහුට හිමිවෙන එක චන්දය වෙනුවෙන් මැන්ඩෙලාගේ ජීවිතේ උඩුයටිකුරු වෙනවා…..

ඒ කොහොමද කියලා දැන ගන්න නම් මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා …..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා ……….

හැමෝටම බුදු සරණයි ………

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


257
Total Subtitles

5 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් මචන් සබ් එකට❤️❤️

  2. Hyper 2016 එකේ Sub eka දෙන්නකෝ

  3. ado menna balanw nm films mage life ekt baluwa supirima film ekk patna gathu wele idn iwara wenkm yawan ntywa eka husmata balauwa kiyanna wachana ne supiriryk mekw salman khanla gahana gon jokes walta wada meka nm kiyanna wacahna ne ratings 9 dunnath padu ne a trma patta fulm ekk meka dunnata thanks saho isrhatt me wage supiri films demu

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login