The title of the page
Planet Earth: A Celebration (2020) Sinhala Subtitles
Planet Earth: A Celebration (2020) Sinhala Subtitles
8.7

Planet Earth: A Celebration (2020) Sinhala Subtitles | අරුමැසි ලෝකයේ සැමරුම | සිංහල උපසිරැසි සමඟ

(Planet Earth: A Celebration (2020) Sinhala Sub) ඔන්න ඉතින් යාලුවනේ ලස්සන නමකුත් එක්ක නමට වඩා ලස්සන රූප ටිකකුත් එක්ක මම ආවා ගොඩක් අය උපසිරැසි නොදෙන “වාර්තාමය” චීත්‍රපටියක් අරන්. මේක ගේන්න හේතුව තමයි ඉතින් ඔන්න අද මගේ උපන්දිනේ. ඒ නිසයි මේ වගේ ලස්සනම ලස්සන , යමක් ඉගෙන ගන්න තියෙන නිර්මාණයක් අරන් ආවේ. මේක ඉතින්  මත්ද්‍රව්‍යක් වගේ තමා. සාමාන්‍යෙන් අපි බලන චිත්‍රපටිවලට වඩා මේවගේ තියෙන රුපතල හරි ලස්සනයි, තියුණුයි. ඊටත් වඩා ඇබ්බැහිවන සුලුයි. මේකෙදී නම් ස්තූති කරන්න ඕනේ මුලින්ම “හෂාන් එම් ප්‍රියදර්ශන” සහෝ ට. අපේ ටොප් ෆෑන් කෙනෙක්. ඔව් ඔව් අර ගෲට්ව පොටෝ එකට දාගෙන ඉන්න හාදයා තමා. මොකද එයා තමා මාව මේ පැත්තට තල්ලු කරේ. ඔන්න ඉතින් ඒ නිසාම තව උපසිරැසි දෙකක් කරගෙන යනවා, එකක් “හිට්ලර්” ගැන, අනික “භූතානය” ගැන. එවා තව ටිකක් කල් යාවි දෙන්න. එහෙනම් ඉතින් මම කතාව පැත්තට හැරෙන්නම්.

මේක නිර්මාණය කරන්නේ බී.බී.සී නාලිකාව වෙනුවෙන්. ඒක කරන්නේ “ඩේවිඩ් ඇටෙන්බරෝ” කියන උත්තමයා. මගේ කලින් සීරීස් බැලුවා නම් මෙතුමව මතක ඇති. අර “අවර් ප්ළැනට්” කියලා මං දීපු සීරීස් එක කරෙත් මෙතුමමයි. තව “ප්ලැනට් අර්ත්, බ්ලූ ප්ලැනට්” වගේ ගොඩක් වාර්තාමය නිර්මාන කරපු කෙනෙක් මෙතුමා. මෙතුමා කරපු ඒ හැම නිර්මාණයක්ම රේටින්වල ඉතාම ඉහලින්ම තියෙනවා. මේකත් එහෙමයි. උඩින් බැලුවම පේනවනේ රේටින් කීයද කියලා? අන්න එච්චර රේටින් එන්න තරම් මේ නිර්මාණය කොයි තරම් විශිෂ්ටද කියලා හිතලා බලන්නකෝ. මේකෙ නම් තියෙන්නේ මම අර කලින් කිව්ව “ප්ලැනට් අර්ත් 2, බ්ලූ ප්ලැනට් 2” කියන නිර්මාණවල තිබ්බ විශේෂ අවස්තා. ඒත් පොඩි පොඩි වෙනස්කම් තියෙයි. මම නම් කියන්නෙ මේක එන්න ඕනේ “බලන්නම ඕනේ චිත්‍රපටි” කියන කොටසට. මේක සැමරුම් කලාපයක්. මේකේ තියෙනවා තල්මස්සු ගැන, කඳුකර දිවියා ගැන, හුරුල්ලෝ ගැන, ෆ්ලෙමින්ගෝස් හෙවත් සියක්කාරයෝ ගැන, තලගොයි සහ සර්පයන් ඇතුලු තව ගොඩක් පිරිස් ගැන. මේකේ තියෙනවා හරි අපූරු කොටසක්, ග්‍රැෆික් නෑ, ඩමී නෑ. ඇත්තම තලගොයි පැටියෙක් සර්ප විමානෙකින් බේරෙන හැටි. මාර ගති ඒක. ඉතින් මට කියන්න තියෙන්නේ මේක සුපිරි එකකටත් වඩා ඉහල සුපිරියක්. ඉතින් අරගෙන බලන්න. ඔය බලන ගමන් කමෙන්ට් එකක් ලිව්වොත් ලොකු හයියක් ඒක ඉතින් අපිට.

මේ මොහොතෙත් අධික උණෙන් පෙලෙද්දිත් මගේ වැඩ කටයුතු කරන මගේ ආදරණීය බිරිඳට ගොඩක් පිං. නිදාගෙන හීනෙනුත් “චාච්චා” කියන මගේ සදහම් පුතාටත් ගොඩක් පිං. ඒ වගේම සමිත රමේශ් කියන හිත හොඳ නායකයාට සහ චානක තිලංක කියන මගේ පස්සෙන්ම ඉන්න, කෑල්ල තරහා උනා කියල අතට මුල්ලුවකින් කොටාගත්ත සහෝදරයවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අරුණ, අශේන්, ශෙහාන්, පැතුම්, සන්දීප මල්ශාන් වගේ හැම සහෝදරයෙක්ම ආදරෙන් මතක් කරනවා ඉතින්. ඒ වගේම දැන් ඉතින් මෙක මගේ අවසාන උපසිරැසිය වෙන්නත් පුලුවන්. කොහොම උනත් සබ් බාපු, කමෙන්ට් ලියපු හැමෝටමත් ස්තූතියි. ආයේ සබ් දුන්නොත් ඉක්මනින් හම්බුවෙමු. කමෙන්ටුවක් ලියන් යන්න පුලුවන් අය. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

12 comments

  1. Anuja Lakshitha

    supiri….thanks sub wlata

  2. thx bro sub walata

  3. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ හැපි බර්ත්ඩේ

  5. Hashan
    Top Fan ⭐⭐⭐

    Thank you සබ් එකට දර්ශන අයිය 🙂❤..
    සුබ උපන්දිනයක් වේවා.! 🎂🎊❤👊

  6. happy birthday ayiye..tnx sub ekata

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    happy birthday……………………….

  8. චානක තිලංක

    නියමයි නියමයි, ඒ මට කෙල්ලෙක් නෑ හොදේ, නිකන් බොරු කියන්න එපා හොදේ, එහෙම අවුලකට නෙමෙයි අත තුවාල උනේ හනේ ඉතින් හෙට්ටිවත්ත 😂😂😂😍😍😍😍😍😍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎

  9. Thilinda Randeera

    නියමයි මචෝ ❤❤

  10. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි… 😊🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login