(The Haunting of Bly Manor (2020) E08 Sinhala Subtitles) එහෙනං 8වෙනි කොටසත් අරගෙන තමයි ආවෙ.අද කොටස තමයි කතාවෙ හැම දෙයක්ම විස්තර කරන කොටස.පොකුණේ ආර්‍යාව ගැන හැම දෙයක්ම වගේම තව ගොඩක් දේවල් අද කොටසින් දැනගන්න පුලුවං.අද ලිපිය වැඩිය ලියන්න බලාපොරොත්තුවක් නෑ.මොකද තව එක කොටසයි මේ කතාවෙ ඉතුරු වෙලා තියෙන්නෙ.මට තේරෙන විදිහට ඔක්කොම ටික ඒ කොටසෙදි විස්තර කරන්නම්.
එහෙනං කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.පීටර් කුයින්ට් වගේම මිස් ජෙසල් ඩැනීට පේන්න එනවා.ඒ අතරෙ එයාල හිටපු ගමන් එයාලගෙ මතක වලට ඇදිලා යනවා.ඒ මතක ලෝක ගැන තමයි කලින් කොටසින් පෙන්නුවේ.පේන විදිහට පීටර් කුයින්ට් කියන්නෙ තමංගෙ අම්මා නිසා හොරෙක් බවට පත් උන කෙනෙක්.පීටර් කුයින්ට් මැරුනට පස්සෙ එයා හොරෙක් කියලා එයාට චොදනා එනවා.රෙබේකටත් ඒ නිසා දුක් විදින්න වෙනවා.එක දවසක පීටර් කුයින්ට් රෙබේකට පේන්න එනවා.ඊට පස්සෙ පීටර් රෙබේකට විස්තරේ කියලා ආයෙ එකතුවෙන්න උත්සාහ කරනවා.ඒත් පීටර්ටයි රෙබේකටයි කවදාවත් එකට ඉන්න බෑ.පීටර්ට එයාලට එකට ඉන්න පුලුවං එක ක්‍රමයක් හොයාගන්න ලැබෙනවා.ඒ එයාලගෙ ආත්ම තව දෙන්නෙක්‍ට ඇතුල් කරලා ඒ ශරීර සදාකාලිකව අරගන්න එක.මේකට පීටර් පාවිච්චි කරන්න හදන්නෙ ෆ්ලෝරයි,මයිල්සුයි දෙන්නව.කොහොම හරි පීටර් මයිල්ස්ව අල්ලගත්තත් රෙබේකා එහෙම කරන්නෙ නෑ.රෙබේකා ෆ්ලෝරට උදවු කරලා එයාට යන්න දෙනවා.ඩැනී ෆ්ලෝරවත් අරගෙන එලියට එනකොට පොකුණෙ ආර්‍යාව අතට අහු වෙනවා.එහෙනං ඊළග කොටසින් හමුවෙමු…!
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

නිපුණ රමේෂ්
March 14, 2020
35
Total Subtitles
thq bro anikath ikmnta denna
😍😍
තෑන්ක්ස් සබ් එකට
😍😍
බොහොම ස්තුතියි සහෝ