The title of the page
The Haunting of Bly Manor (2020) E07 Sinhala Subtitles
The Haunting of Bly Manor (2020) E07 Sinhala Subtitles
7.4
87
87

The Haunting of Bly Manor (2020) E07 Sinhala Subtitles | ද්විත්ව මුහුණත් ඇත්තෝ | සිංහල උපසිරැසි සමග

(The Haunting of Bly Manor (2020) E07 Sinhala Sub) එහෙනං අද 7වෙනි කොටස තමයි අරගෙන එන්නෙ.අද කොටස දිග හැරෙන්නෙ කලින් ගිය two faces කියන කොටසේ දෙවෙනි කොටස විදිහටයි.ඔයාලට මතක ඇති ඒ කොටසේ කිවුවේ පීටර් කුයින්ට් සහ රෙබේකා ජෙසල්ගේ ආදර කතාව තමයි.එයාලගේ ආදර කතාවේ මෙතෙක් දුරට නොකියපු විස්තරය තමයි අද කොටසින් කියන්නෙ.දැනටමත් දන්නවා පීටර් කුයින්ට් නං මැරිලා කියලා ඒත් රෙබේකට මොකද උනේ?

ඒ වගේම කලින් කොටසේන් කතාව වෙනත් පැත්තකට අරගෙන ගියා කියන්න පුලුවං.මොකද ඒ හෙන්රි වින්ග්‍රේව්ගේ කතාවත් එක්ක.මේ හැමදේකටම හේතුව එයා සහ චාලට්, එහෙමත් නැත්තං හෙන්රිගේ වැඩිමහල් සහෝදරයගෙ බිරිඳ අතර තිබුන අනියම් සම්බන්ධය කියන්න පුලුවං.මොකද එයාලා ඒ ට්‍රිප් එක නොගියා නම් එයාලා තාමත් ජීවත් වෙන්න ඉඩ තියෙනවා.එතකොට කතාව වෙනස් වෙන්න ඉඩ තිබුනා.

ඒ වගේම අර මැනර් මන්දිරයට කෝල් ගන්නෙ කවුද කියලා දැනගන්න ලැබුනා.ඒ මේ හෙන්රිම තමයි.මොකද චාලට් එයාගේ ජීවිතේ අන්තිම දවස්වල තමයි ෆ්ලෝරා කියන්නෙ හෙන්රිගෙ දරුවෙක් කියලා හෙන්රිට දැනගන්න ලැබුනේ.ඊට දවස් කීපයකට පස්සෙ චාලට්ට සහ එයාගේ සහෝදරයාට උන අනතුර දැනගන්න ලැබෙනවා.ඒ නිසා එයාට ඇතිඋන ඒ කම්පනයට වගේම එයාගේ සහෝදරයා කියපු දෙයක් නිසා තමයි එයාට අර වගේ එයාගෙම තවත් චායාවක් එක්ක ජීවත්වෙන්න උනේ.

ඒ අතරෙම ඩැනීගෙයි ජේමිගෙයි ආදරයත් දලුලාගෙන එනවා.ඩැනීට ආයෙමත් අර කෙනාව වත් නරක හීනවත් පේන්නෙ නෑ එයාගෙ ඒ ප්‍රශ්න ටික නං විසදෙනවා.මොකද ඒ ජේමිගෙ ආදරය නිසා කියලා කියන්න පුලුවං.ආදරය බෙහෙතක්ලුනේ!!

ඒ වගේම කලින් කොටස ඉවර උනේ.ඩැනී රෙබේකාව දකිනවා.ඩැනී බය උන නිසා ෆ්ලෝරට කතා කරලා පැනලා යන්න හදනකොට පීටර්ට අහු වෙනවා.කොහොම හරි රෙබේකා ෆ්ලෝරගෙ ඇගට ඇවිල්ලා එයාව පහලට අරගෙන යනවා.අන්තිමට මයිල්ස් ඩැනීගේ ඔලුවට දෙයකින් පහර දෙනවා.එතනින් එහාට මොකද උනේ කියලා අද කොටසින් බලාගන්න එහෙනං.ඊළඟ කොටසින් හමුවෙමු…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ මරු කතාව මේක

  2. බොහොම ස්තුතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login