(The Haunting of Bly Manor (2020) E06 Sinhala Subtitles) ඔයාලට අද අරගෙන එන්නෙ හයවෙනි කොටස.පසුගිය කොටසේ දේවල් කීපයක්ම පැහැදිලි උනා.ඒකෙන් වැදගත්ම දෙයක් තමයි මේ හැනා ග්‍රෝස්ගෙ සිද්දිය.ඒකෙන් පැහැදිළි උනා මැරිල ගන්දබ්බ අවදියක් ගත කරන අයට බ්ලයි වලදි මොකද වෙන්නෙ කියන එක.මං කියන්නෙ නෑ හැනා මැරිලා කියලා මොකද ඒක හරියටම කතාවෙ කියන්නෙ නෑ.එයාව පල්ලට වැටිලා ඔලුව වදිනවා විතරයි පෙන්නන්නේ.ඒක සහතික කරන්න බැරි මොකද මේ කොටසෙ ජීවත්වෙන අයත් මතකයන් වල ගිහිං හිරවෙනවා.
තවත් වැදගත් කාරණයක් තමයි.පීටර් කුයින්ට් ට මොකද උනේ කියලා පෙන්නුවා.පීටර් කුයින්ට් ඒ පාර ගෙදරට එන්නෙ.වටින් දේවල් ටිකක් හොරකං කරගෙන යන්නයි.ඒත් ඉතිං අවාසනාවට පීටර් පොකුණෙ ආර්‍යාව අතට අහු වෙනවා.එයා ඉතිං පීටර්ව මරලා දානවා.
අනිත් වැදගත් කරුණ තමයි.මේ පොකුණෙ ආර්‍යාව පෙන්නපු එක.එයාගෙ මූණ බලාගන්න ලැබුනෙ මේ කොටසෙ තමයි.ඔය මූණටත් ලොකු කතාවක් තියෙනවා.ඒකත් ඉස්සරහට බලාගන්න ලැබෙයි.කතාවෙ මැදහරියට ආවත් ඒ තරම් වැඩි දෙයක් තාම පැහැදිලි කරලා නෑ.තව ගොඩක් දෙවල් පැහැදිලි වෙන්න තියෙනවා.
අද කොටසින් කතාව ටිකක් වෙනම පැත්තකට යනවා කියලා කියන්න පුලුවං.මොකද අද කොටසෙ හිතුවෙවත් නැති දේවල් ටිකක් තමයි වෙන්නෙ.අද කොටසත් හැබැයි ටිකක් කලින් කොටස වගේම තමයි.අද හෙන්රි වින්ග්‍රෙව්ගෙ කතාව ටිකක් වැඩිපුර පෙන්නනවා.එයා මේ කතාවෙ එක හැරවුම් ලක්ෂයක් වගේ කියලා කියන්නත් පුලුවං.එහෙනං අද කොටසත් අරගෙන බලන්න.ඊළඟ කොටසින් හමුවෙමු එහෙනං
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
Download|178 ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
තෑන්ක්ස් සහෝ
එලම සහෝ
එනකන් බලන් හිටියේ බං
😍😍
Eelaga eka kawadada enne bro? subtitles?
කරලා තියෙන්නෙ ඉක්මනට දායි සයිට් එකෙං බ්රෝ
thnx subs walata…..
😍😍
බොහොම ස්තුතියි සහෝ