The title of the page
Drona (2020) Sinhala Subtitles
Drona (2020) Sinhala Subtitles
7.6
92

Drona (2020) Sinhala Subtitles | ගුරු සිසු බැදීම | සිංහල උපසිරැසි සමඟ

(Drona (2020) Sinhala Subtitles) ඔන්න එහෙනම් ආයෙත් ඉක්මනටම Theeviram (2020) එකට උපසිරසි අරන් ආව ගමන්ම තවත් කන්නඩ ෆිලුමකට උපසිරසි අරන් ආවා.එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

මේ ලෝකෙ තියෙන බැදීම් වලින් අංක එකටම තියෙන එකක් තමයි දෙමව්පිය දූ දරු බැදීම කියන්නේ, ඉතින් ඒ බැදීමට පස්සේ මංනම් හිතන්නේ ඒ වගේම බැදීමක් තියෙන්නේ තව දෙගොල්ලක් අතරේ කියලයි. ඒ ගුරු-සිසුන් අතර තියෙන බැදීමයි…

ඇත්තටම මේක කියන්න ඕනි මං කලින් ටික දවසකට කලින් සමුතිරකානිගේ පරණ දමිල සිනමාවකට උපසිරසි කරන්න කියලා භාර ගත්තා. ඒ Sattai (2012) චිත්‍රපටය. ඉතින් ඒකට වැඩ අස්සේ සබ් ගහන්න ගත්තත් භාගයක් වගේ තමා ඉවර කරගන්න වුනේ…ඒ අතරෙ ආපු අළුත් ෆිලුම් දෙකක් තිබ්බ නිසා අරක පොඩ්ඩක් පැත්තකට කරලා මේ දෙකට උපසිරසි ගැහුවා..

එකක් කලින් දීපු දමිල එක. පස්සේ මේක කරන්න ඕනි කියලා භාරගත්තා…කරන් යද්දි නිකන් අර මම කරන්න ගත්තු සමුතිරකානිගේ එක වගේම තියෙනවා. බලනකොට මේක ඒකෙ කන්නඩ වර්ෂන් එක..කොහොම හරි කමක් නෑ ඔන්න එහෙනම් උපසිරසි අරන් ආවා කන්නඩ එකට.

ඉතින් මං මේකෙ දෙමල එකත් ලගදිම උපසිරිසිය දෙන්නම් ඔයාලා වෙනුවෙන්…

දෙමාපියන්ට පසුව ගුරුවරුන් තරම් ජීවිතයට මගහසර පෙන්වා දෙමින් ආශීර්වාද කරන තවත් පිරිසක් නැති තරම්. ඒ තරමට ම සාර්ථක ජීවිතයක් උදෙසා ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ අමිල වූත්, අනුස්මරණීය වූත් රැකවරණයක්.

ඒ නිසා ම ගුරු ඇසුරේ ගතවන දශකයකට වැඩිවූ කාල පරාසය හැමෝගේ ම ජීවිතයේ එළඹෙන තීරණාත්මක අවදියක්. ඒ වගේ ම මාපිය ස්නේහයෙන් යුතුව දේවත්වයෙහිලා ගුරුවරුන් පුදන ශිෂ්‍යයන් හා තම දූ දරුවන්ට සෙයින් ම සිසු දරුවනට අනුකම්පාව දක්වන ගුරුවරුන් අතර ගොඩනැගෙන ඒ සොඳුරු සබැඳියාව ජීවිතයට මුණගැසෙන අතිශයින් සුන්දර වූත්, ආදරණීය වූත් සම්බන්ධයක්. මෙත් කරුණාදී උතුම් ගුණධර්ම මත පිහිටි ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ නිවැරදි මගපෙන්වීම ලබන, වත පිළිවෙතින් සරු, කෙළෙහිගුණ දන්නා, ගුරු ගෞරවයැති කීකරු ශිෂ්‍යයා ඒකාන්තයෙන් ම ඒ සොඳුරු සමාගමයේ උපකාරයෙන් ජීවිතය ජයගනු ඇති.

උතුම් ආකල්ප සම්පත්තියෙන් යුතුව, මෙලොව පරලොව යහපත පෙන්වා දෙමින් සිසු දරුවන් මනාව හික්මවන එවන් වන්දනීය වූ ගුරු මාපියවරු ඔබට අනිවාර්යයෙන් ම මුණගැසී ඇති. ඒ වගේ ම ඔබ ගුරුවරයෙක් නම් ගුණනුවණින් හා වත පිළිවෙතින් සරුව ඔබව සතුටට පත් කළ කීකරු සිසු දරුවන්ව ද ඔබට මුණගැසෙන්නට ඇති. හොඳින් කල්පනා කර බැලුවොත් ඔබ දෙපාර්ශවය ම සතුටට පත් කළේ ඔහු හෝ ඇය සතුව පැවති ගුණ සමුදාය මිස අනෙකක් නො වෙයි. එසේ නම්, ලොව සෑම ක්ෂේත්‍රයක ම මෙන් ම ගුරු ශිෂ්‍ය සම්බන්ධයේ සාර්ථකත්වයත් ගුණධර්ම මත ම යි රඳා පවතින්නේ. ගුරුවරයාගේ හදපිරි ආශීර්වාදය සිසු දරුවාටත්, සිසු දරුවාගේ අසීමිත ගෞරවාදරය ගුරුවරයාටත් ලැබෙන්නේ ගුණධර්ම මත ගොඩනැගුණු එවන් සම්බන්ධයක් තුළ පමණ ම යි.

ශිෂ්‍යයන්ගේ පාර්ශ්වයෙන් මෙන් ම ගුරුවරුන්ගේ පාර්ශ්වයෙන් ද වැරදි අඩුපාඩු සිදු නොවෙනවා නොවෙයි. දරු ස්නේහයෙන් යුතුව, ආදරයෙන් රැකවරණ සැලසිය යුතු සිසු දරුවන් ගුරුවරුන් අතින් යම් යම් අපයෝජනයන්ට පත්වෙන අවස්ථා ඉඳහිට අසන්නට ලැබෙනවා. ඒ වගේ ම වාණිජකරණයට ලක්වූ ඇතැම් ගුරුභවතුන්ගේ ක්‍රියාකලාපයන් තුළින් හුදු වෙළඳ ගනුදෙනුවක් මට්ටමට ම උතුම් ගුරු පදවිය පත් වී ඇති අවස්ථාත් දැන් දැන් දුලබ නෑ. එම නිසා සාර්ථක ගුරු ශිෂ්‍ය සබඳතාවයක් පිණිස ගුරුවරුන්ගේ පාර්ශවයෙන් ද ඉටුවිය යුතු යුතුකම් බොහෝයි. විශේෂයෙන් ම දරුවාට නිසිමග පෙන්වා දෙන ගුරුතුමාගේ ජීවිතය සිසු දරුවනට ආදර්ශවත් එකක් විය යුතු ම යි.

දෙව් මිනිස් ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් යුතුව යහපත ම පෙන්වා වදාළ ශ්‍රේෂ්ඨතම වූත්, අනුත්තරීය වූත්, අසමසම වූත් ගුරුවරයාණන් වහන්සේ වන්නේ ‘සත්ථා දේවමනුස්සානං’ ගුණ දරණ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. ගුරු සිසු සබැඳියාව කෙබඳු ගුණධර්ම මත ගොඩනැගිය යුත්තක් ද යන වග මනාව පෙන්වා දුන්නේත් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ම පමණයි.

“ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවරයා හට පස් කරුණකින් උවටැන් කළ යුත්තේ ය.

1. ගුරුවරයා දැක හුනස්නෙන් නැගිටීමෙන් ද
2. ගුරුවරයාට උපස්ථාන කිරීමෙන් ද
3. ගුරුවරුන් උගන්වන දෑ හොඳින් ඇසීමෙන් ද
4. ගුරුවරයාට වතාවත් කිරීමෙන් ද
5. ගුරුවරයා උගන්වන ශිල්පාදිය සකස් කොට ඉගෙනගැනීමෙන් ද වශයෙනි.”

(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 3)

සැබෑ ගුණධර්ම මත පිහිටි ශිෂ්‍යයාගේ චරිතාපදානයයි භාග්‍යවතුන් වහන්සේ එසේ පෙන්වා වදාළේ. එහිදී ගුරුවරයා හට වත් පිළිවෙත්, පුද සත්කාර, වන්දනාමාන ආදී ගෞරව දැක්වීම්වලට විශේෂ අවධානයක් දැක්විය යුතු බව මනාව පැහැදිලි වනවා. ශිල්ප ශාස්ත්‍රාදිය මනාව පිහිටන්නේත්, ගුරුවරයාගේ උතුම් ආශීර්වාදය නිතැතින් ම හිමිවන්නේත් එබඳු ශිෂ්‍යයන් හටයි. බුද්ධ කාලයේ පැවති ගුරු ශිෂ්‍ය සම්බන්ධය තුළ මේ උතුම් ගුණධර්ම පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමු කෙරුණා. වර්තමානයේ වුව ද පංති කාමරයක් තුළ ගෙවන පැය කිහිපයේ වුව ද දක්ෂ සිසුවාට මෙම සියලු අංගයන්ගෙන් ගුරුවරයාට උපස්ථාන කිරීමට ඕනෑ තරම් අවකාශ තියෙනවා. එසේ ම, අපහසුතාවයට පත් නොකොට නිශ්ශබ්දතාවයෙන් හා මනාව යොමු කළ කන් ඇතිව, සිහිනුවණින් යුතුව උගන්වන දෑ අසා සිටීමත්, එක් වරක් ඉගැන්වූ දෙය නැවත නැවතත් පාඩම් කරමින් සජ්ඣායනා කරමින් සකසා ඉගෙන ගැනීමත් අයිති වන්නේ ශිෂ්‍යයාගේ ගුණයට ම යි. මේ සෑම අංගයක් තුළින් ම තමා සෙත සලසාගන්නේ තමාට ම බව තේරුම් ගැනීමට තරම් ශිෂ්‍යයා බුද්ධිමත් විය යුතුයි.

ඊළඟට ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ උතුම් චරිතාපදානය තුළ දිස්වන උතුම් ගුණධර්ම පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ එහිදී පෙන්වා වදාළා.

“ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවරයන් හට මෙසේ පස් කරුණකින් උවටැන් කරන විට ගුරුවරයා විසින් ද තම ශිෂ්‍යයන් හට පස් කරුණකින් අනුකම්පා කරති.

1. ශිෂ්‍යයා මනා හික්මවීමක් තුළ පුහුණු කරයි.
2. මනාකොට ගනු ලැබූවක් සෙයින් ක්‍රමානුකූලව ශිල්ප උගන්වයි.
3. තමා අසා දැන තිබෙන සියලු ශිල්ප (ගුරු මුෂ්ටි නොතබා) මැනවින් කියා දෙයි.
4. තම මිතුරන් හට ශිෂ්‍යයාව (ගුණ කථනය කොට) හඳුන්වා දෙයි.
5. සියලු දිශාවන්හි ආරක්ෂාව සපයයි.

(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 3)

මෙම ගුණයන්හි පිහිටා සිටින ගුරුවරයා සිසු දරුවනට ඒකාන්තයෙන් ම වාසනාව කැඳවනු ඇති. විශේෂයෙන් ම ශිෂ්‍යයාව මනාකොට හික්මවීමේදී ගුරුවරයා විසින් විෂය ධාරාවට අමතරව යහපත අයහපත පෙන්වා දෙමින් මෙලොව පරලොව දෙලොවට ම උපකාර කරන්නෙකු විය යුතු ම යි. දැනුමෙන් මෙන් ම ගුණනුවණින් යුතු ගුණවත් දරුවෙකු බිහිකිරීමේ අරමුණයි හැමවිට ම ගුරුවරයා තුළ තිබිය යුත්තේ. එසේ නොවන විට සියල්ලෙන් පිරිපුන් දරුවෙකු සමාජයට දායාද වන්නේ නෑ. එමෙන් ම පාසලේදී වුවත් අමතර පන්තියේදී වුවත් එක ම ආකාරයෙන් ගැළපෙන ප්‍රයෝග, නිදසුන්, ක්‍රමවේදයන් ගෙනහැර දක්වමින් ඉගැන්වීම් කටයුතු මනාව සිදු කළ යුතුයි. ශ්‍රේෂ්ඨ ගුරුවරයා කිසිවිටෙක ගුරු මුෂ්ටි තබාගෙන උගන්වන්නේ නොවෙයි. හෙතෙම ශිෂ්‍යයා තමාගේ දැනුමට සම වීම හෝ තමා ඉක්මවා යෑම පවා නොඉවසන්නේ නොවෙයි. ඒ වගේ ම “මේ මගේ ශිෂ්‍යයා මේ මේ ගුණයන්ගෙන් යුක්තයි. ව්‍යක්තයි. බහුශ්‍රැතයි.ඔහුට මා හා සමාන ව සලකන්න.” යැයි තමා විසින් වැදගත් ඥාති මිත්‍රාදීන්ට ශිෂ්‍යයාව හඳුන්වාදීමත් ශ්‍රේෂ්ඨ ගුරුවරයා අතින් සිදුවෙයි. ගුණයෙන් මෙන් ම ශිල්පයෙන් මනාකොට හික්මවන ලද ශිෂ්‍යයා කොයියම්ම දිශාවකට ගිය ද සාර්ථකත්වයට පත් වෙයි. එහිදී ඔහු කිසියම් සාර්ථකත්වයක්, ජයග්‍රහණයක්, කීර්තියක්, ප්‍රශංසාවක්, ලාභයක් ලැබුවේ ද ඒ සියල්ල ම වෙනුවෙන් සියලු දිශාවන්හි ඔහුට රැකවරණය කලින් ම සැකසුවේ ගුරුවරයා විසිනුයි. ඒ සියල්ල ගුරුවරයා ම ශිෂ්‍යයාට ලබාදුන්නේ වෙයි.

මෙවන් උතුම් ගුණධර්ම මත පිහිටි ගුරු ශිෂ්‍ය සම්බන්ධයත් නම් හැම තැන පවතින්නේ අද පවතින සියලු මතවාද, අඬදබර සන්සිඳී නොයාවි ද….? ඒකාන්තයෙන් මෙවන් ගුණ මත පිහිටි ගුරු සිසු උභය පාර්ශවය ම තමාටත් අනුන්ටත් යහපත ම සලසාලයි. පසුනොතැවෙයි, මනාව යුතුකම් ඉටුකිරීමෙන් ලත් තෘප්තියෙන් සැනසිල්ලට පත් වෙයි. බොහෝ පින් ද රැස් කරයි. දේව ආශීර්වාදය ලබයි. මරණින් මතු සුගතිගාමී වෙයි. තමාට මෙන් ම රට ජාතිය ආගමටත් යුතුකම් ඉටුකරන ශ්‍රේෂ්ඨ පුරවැසියන් වන්නේ ද ඔවුන් ම යි.

එම නිසා දරුවනේ, බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ගුණධර්ම මත පිහිටා ගුරුවරුන් ඇසුරු කරන්න. එවිට ගුරුවරුන්ගේ හදවතින් නිරායාසයෙන් නැගෙන ආශීර්වාදය මහමෙරක් සේ ඔබව සුරකීවි. වේගයෙන් පරිහානිය කරා යන ලොවේ කොටස්කරුවෙකු නො වී සිටීමට ඔබට හැකි වේවි. ඔබ ගුරුවරුන් ඇසුරේ ඉගෙනගන්නා කාලයේදීත්, ඉන් අනතුරුවත් දෙමාපියන් ගැන මෙන් තම ගුරුවරුන් ගැන සොයා බලන්න. ඇප උපස්ථාන කරන්න. ඒකාන්තයෙන් ම ඔබට බොහෝ පින් පිරෙනවා.

ඒ වගේ ම පින්වන්ත ගුරුවරුන් වන ඔබත් කළ යුතු එක ම දෙය සිසු දරුවන් කෙරෙහි ස්වකීය දරු ස්නේහය උපදවා ගැනීමයි. ඒ තුළ පිහිටා සිසු දරුවන් හට අනුකම්පාව දක්වන්න. එවිට ඔබ ඔවුන් හට ලබාදෙන අල්පමාත්‍ර වූ දේ පවා ඔවුන්ගේ හිත සුව පිණිස පවතීවි. වේගයෙන් ගුණයන් අගාධයට යන සමස්ත සමාජය ගුණයෙන් අනූන කරවීම පිණිස හැරවීමේ ලක්ෂ්‍යය බවට පත් වීමට හැකියාව ඇත්තේ ඔබ සතුව බව කිසිදා අමතක නොකරන්න

ෆිලුම පැත්තට ගියොත් ,මුරලි කියන්නේ පාසලේ කව්රුත්ම එයාව ගනන් ගන්නේ නැති එයා කියන දෙයක් කව්රුවත්ම අහන්නෙත් නැති පාසලේ උසස් පන්තියක ඉගෙන ගන්න ළමයෙක්. මෙයාගේ තාත්තත් ඉන්නේ මේ පාසලේම වුනාට අඩුම ගානෙ එයාවත් මුරලිට කැමති නෑ. ඉතින් පාසලේ අනිත් ක්වර්වකුත්ම මෙයාට කැමති නෑ.

දවසක් මේ පාසලට අළුතින් පත්වීම අරන් සර් කනෙක් එනවා ගුරු කියලා. මෙයා එද්දිම පාසලේ අඩුපාඩු ගොඩක් තියෙනවා කියලා දැනගන්නවා. මේවට පාසලේ මෙයා කතා කරනවට කව්රුත්ම කැමති නෑ. පාසලට මේ ගුරු සර් ව ආපු දවසේ ඉදන් පාසලේ අනිත් ගුරුවරුනම් මෙයාට පොඩ්ඩක්වත් කැමති නෑ.

ඔහොම ඉන්න කොට සර් මුරලිව කිනවා. එයා ගැන බලද්දි පාසලේම ඉන්න චණ්ඩියෙක් වගේ කියලා මෙයා දැනගන්නවා. පස්සේ මුරලි ඉන්න පන්තියට අළුතින් ගෑණු ලමයෙක් එනවා ස්පූර්ති කියලා. ඉතින් මුරලිට මෙයා ආපු දවසේ ඉදන්ම හිත යනවා. මෙයා ස්පුර්තිව සෙට් කරගන්න ප්ලෑන් ටිකකුත් ගහනවා. පස්සේ නොසිතූ දේවල් ගොඩක්ම සිද්ද වෙනවා. ඔව් ඒ මොනවද කියලා බලන්න, මුරලිට ස්පූර්තිව සෙට් කරගන්න පුළුවන් වෙයිද..? ගුරු සර්ට පාසලේ අනිත් අය කැමති වෙයිද…? මොකද කියලා බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් ලස්සන සිනමාවකින් හමුවෙනතුරු ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

 චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Drama, Action
අධ්‍යක්ෂණය : Pramod Chakravarthy
නිෂ්පාදනය : Mahadevappa B. Halagatthi
රංගන ශිල්පීන් : Shiva Rajkumar, Ravi Kishan, Ineya
ධාවන කාලය : 122 minutes
තිරගත කල දිනය : 6 March 2020)
සංගීතය : Ramkrish IMDB අගය : 7.4/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තූතියි සබ් එකට 🙂❤️…
    ජය වේවා.! 👊👊👊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අයියේ ලිපිය පට්ට ඈ. ෆිලුම ඔන්න ගන්නවෝ. බොහෝම ස්තූතියි ඈ. ගොඩක් ස්තූතියි
    🚭🚭🚭🚭🚭

  4. meke film aka https://www.tvseriesandmovies.co/ ake nehene

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login