The title of the page
Theeviram (2020) Sinhala Subtitles
Theeviram (2020) Sinhala Subtitles
6.2

Theeviram (2020) Sinhala Subtitles | ආගම කෙරෙහි ඇති විශ්වාසයත් එක්තර යුද්ධයකි | සිංහල උපසිරැසි සමඟ

කාණ්ඩය           :   Drama, Thriller
අධ්‍යක්ෂණය       : Michael Muthu
රංගන ශිල්පීන්     : Gokul Anand,Amzath Khan
ධාවන කාලය      : 108 min
තිරගත කල දිනය  :  Release Date: 26 November 2020
IMDB අගය       :  5.9/10 

(Theeviram (2020) Sinhala Subtitles) ටික කාලෙක නිහාඩියවකින් පස්සේ ඔන්න ඉඩ ලැබුන ගමන්ම ඔයාල වෙනුවෙන් තවත් දමිල සිනමා පටයකට උපසිරසි අරගෙනයි මේ අද ආවේ. ඉතින් කොරෝනා වෛරසය අස්සේ අධික වැඩ නිසා උපසිරසියක් නරන්නනම් ටිකක් වෙලාවක් නැති වුන නිසා තමයි ගොඩ දවසකින් මේ පැත්තෙ මේ ආවේ. එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

අතීත කථා පවා අපට නායකයා පරාජය නොකිරීමට ඉගැන්වුවා,
නමුත් අප තුල දුෂ්ඨයෙක් වර්ධනය වෙන්නේ කොහොමද?
හේතුව මොකක් වෙන්න පුළුවන්ද..?
අපි කවදාවත් ඒ ගැන හිතලා තියෙනවද?
තවත් කෙනෙක්ව පරාජය කරපු හැම කෙනෙක්ටම
කියන්න හේතුවක් තියෙනවා,
පරාජය උන අයට කියන්න හේතු ගොඩක් තියෙනවා.
මේවා බලාගෙන ඉන්න අයට
කියන්න තව හේතුවක් තියෙනවා.
මොන එකද ඇත්ත?

මේකනම් ටිකක් වෙනස්ම කථාවක් තියෙන ෆිලුමක්. අපි හැමෝටම ආගමක් තියෙනවනේ. ඔය කව්රුත් ආගමට හරි ලැදැයි, තමාගේ ආගම කෙරෙහි තියෙන්නෙ පුදුම බැදීමක්, විශ්වාසයක් තමයි. ඉතින් මොන දේ කරත්, කිව්වත් මේ ආගමේ නීතියට පිටින්නම් යන්නේ නෑ තමයි.

අබ්බාස්, මසූඩ් කියන්නෙත් ආගම කෙරෙහි දැඩි භක්තියක් තිබ්බ හොදම යහළුවන් දෙන්නෙක්. ඉතින් අබ්බාස්ගෙ පියා පිරිසක් විසින් ඔහු ඉදිරිපිටදීම මරා දමන හේතුවක් නිසා මෙයාට පලිගැනීම කියන දේ තදටම සිතු තුලට එනවා. මසූඩ්ට දිනක් වෙළද සැලක තේ පානය කරන අතරතුරදී තමාගේ යාළුවා වු අබ්බාස්ව බයිසකලයකින් යනවා දකිනවා. ඔහු පසුපස හබාගොස් සිය මිතුරා ගොඩ කාලෙකින් නොදැකපු නිසා මිතුරා හමුවෙන්න යනවා. ඒත් තමාගේ හොදම යාළුවා වු අබ්බාස් මසුඩ්ව දකිනකොට ඒ පරණ අබ්බාස් නෙමෙයි එතන ඉන්නේ….එහෙනම් මේ අබ්බාස් මෙහෙම වෙනස් වුනේ ඇයි..? මේකනම් මසුඩ්ටත් ගැටළුවක්…

අබ්බාස් කියන දේවල් වලින් මසුඩ්ව පුදුමයට පත් වෙනවා වගේම මෙයා අබ්බාස්ගෙ ගෙදරදි දකින දේවල් නිසා තවත් පුදුම වෙනවා අබ්බාස් ගැන.කථාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ, ඔයාලම රසවිදින්න කියන ගමන් මේ වගේ තවත් සලරැවකි් ඔබ හමුවට එනතුරු අදට සමුගන්නවා.

 

හැම යුද්ධයක්ම වෙන්නේ යුධ පිටියක නෙමෙයි !!

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. වැඩේට බැහැලනේ එල එල❤️❤️

  3. Godak sthuthi

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊❤…
    ජය වේවා.! 👊👊👊

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කට්ටියම මේක 720p පිටපත ගන්න. මරුම ෆිලුම හොඳේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login