The title of the page
The Haunting of Bly Manor 2020 E09 Sinhala Sub
The Haunting of Bly Manor 2020 E09 Sinhala Sub
7.4
87
87

The Haunting of Bly Manor (2020) E09 END Sinhala Subtitles | වනයෙන් ආ මෘගයා | සිංහල උපසිරැසි සමග

එහෙනම් මේ අවසාන කොටස තමයි අරගෙන එන්නෙ.බ්ලයි මැනර් කතාවේ විශේෂ දේවල් කීපයක්ම මං කියන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම කියන්න ඕන උපසිරැසි ටික අරගෙන එන්න ටිකක් කල් ගියා මොකද පොඩි පොඩි හේතුන් කීපයක් නිසා ඒ ගැන සමාවෙන්න ඕන.අද කතාව ගැන කියනවට වඩා ඔයලා නොදැක්ක ඒ වගේම දැනගන්න ඕන දේවල් ටිකක් තමයි මේ ගැන ලියන අන්තිම ළිපිය විදිහට මේකෙන් ලියන්න බලාපොරොත්තුවෙන්නෙ.මං කරුණු වශයෙන් ඒවා දක්වන්නං.

වයලා සහ පර්ඩිටා… වයලා සහ පර්ඩිටා කියන්නෙ ඒ බ්ලයි වල මැනර් මන්දිරයේ ආදිපාද වරයාගේ දියණියන් දෙන්නා.ඒ වගේම පර්ඩිටාට අවුරුද්දක් වයස වෙනකොට එයාලගෙ අම්මා මැරෙනවා.ඒ වගේම තාත්තාත් එයාලා තරුණ අවදියේදී මිය යනවා.එයාලට අන්තිමට ඉතුරුවෙන්නෙ මැනර් මන්දිරය,එයාලගෙ දේපල වගේම ව්‍යාපාර විතරයි.ඒ කාලෙ ඒ කියන්නෙ 17වෙනි ශතවර්ෂයේ කාන්තාවන්ට වැඩි තැනක් ලැබෙන්නෙ නෑ.මෙයාලගෙ දේපල වලට තන්හාවෙන් ගොඩක් පිරිමි එයාලා ළගට එනවා.වයලා කියන්නෙ බුද්ධිමත් කෙනෙක් වගේම පර්ඩිටා කියන්නෙ හරිම අගතැන්පත් කෙනෙක්.වයලා සහ පර්ඩිටා තීර්ණය කරනවා බ්ලයි සහ අනෙක් දේවල් එයාලා පාලනය කරන්න ඕන කියලා.ඒ කාලෙ පිරිමියෙක් නැතුව ගැහැණියකට ජීවත්වෙනවා කියන්නෙ හරිම අමාරු දෙයක්.මේ නිසා වයලා ආතර් එහෙම නැත්තං එයාලගෙ එක නෑදෑවෙන සහෝදරයෙක්ට ආරාධනා කරනවා.මේ දෙන්නගෙන් කෙනෙක්ව විවාහ කරගන්න.එතනින් එහාට උන දේවල් කියන්න ඕන නෑනේ!!

වයලාව මරන්න තරම් පර්ඩිටාට තිබුන තරහ මොකද්ද?

ඇත්තටම පර්ඩිටාට කිසිම තරහක් නෑ.එයා මුලින් ඒක කරන්නෙ එයාගෙ සහෝදරිය විදවන එක දකින්න බැරි නිසා.ඒත් එයාට කාලයත් එක්ක තේරෙනවා ඒ අනුකම්පාව නෙවෙයි කියලා.එයාට ඕන කලෙ එයාගෙ කරදර වලින්,එයාගේ වෙනස්කම් වලින් නිදහස්වෙන එක වගේම ආතර්ට ලංවෙන එකයි.ඒ හැමදෙයක්ම එයාට ලැබුනා, ටික කාලෙකට.

වයලාගේ ගුරුත්වය?

මුලු කතාවටම හේතුව මේ වයලාගේ ගුරුත්වය කියලා කියන්න පුලුවං.මුලින්ම වයලා මැරෙනවා.ඒ වගේම ගිහින් එයාගේ කැමතිම මතකයක ගිහින් හිරවෙනවා.එයාට තමං මැරිලා කියලා තේරුම් ගන්න ටික කාලයක් යනවා.ඒක තේරුම්ගත්තට පස්සෙ එයා තමන්ගෙ දුව අර පෙට්ටගම අරිනකං බලන් ඉන්නවා.ඒත් අරින්නෙ පර්ඩිටා.පස්සෙ සිද්දිය දන්නවනේ.!!

මේ ගුරුත්වය තනිකර රැදිලා තියෙන්නෙ වයලාගේ අරමුණ මත.ඒත් මොකද්ද එයාගෙ අරමුණ.මේ ගුරුත්වය මෙච්චරකල් පවතින්න හේතුව තමයි එයාට දේවල් අමතක වෙන එක.අන්තිමට එයාගෙ අරමුණ වෙන්නෙ අමතක වෙන දේවල් මතක් කරගන්න එක.එයාට අමතක උන ගමන් ඇහැරිලා ඇවිත් බලලා යනවා.ආයෙමත් ඇවිත් නිදාගන්නවා.මේක චක්‍රයක් වගේ සිද්දවෙනවා.මෙයාගෙ මේ ගුරුත්වය මුලු බ්ලයි පුරාම පවතිනවා වගේම ඒක ඇතුලේ මොනයම් හේතුවක් මත උනත් කෙනෙක් මැරුනොත් එයා ඒ ගුරුත්වයේ හිරවෙනවා.එහෙම කී දෙනෙක් හිරවෙලා ඇති කියලා හිතනවද?

මේ දේවල් දැක්කද?

හැනාගේ කරාඹු?

හැනා කියන්නෙ කතාවෙ මුල ඉදන්ම මැරිච්ච කෙනෙක්.ඒත් ඒක එයාට තේරෙන්නෙත් ඒක කතාව අන්තිමේදි තමයි.ඔයාලා දකින්න ඇති එයාගේ මතකයන් එක රටාවකටයි යන්නෙ.ඒ කාලරාමුව පෙන්නන්න එයාගෙ කරඹු තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නෙ.මුලදි කරාඹු ලොකුයි වගෙම ඒන්න එන්න ඒවා හැඩයෙන් වෙනස් වෙනවා.ඒකත් චක්‍රයක් වගේ සිද්ද වෙනවා.හරියට බැලුවොත් ඒක පැහැදිළිවෙයි.

කතාවේ කොටස් ගණන?

ඔයාලා බලන්න හරියට අර බ්ලයි මැනර් කියන නම පෙන්නන වෙලාවේ හරියටම ඒකෙ ෆොටෝ කීයක් පෙන්නනවද කියලා.එතන හරියටම ෆොටෝ නවයයි තියෙන්නෙ.ඒ අණුව කොටස් නවයක් මේ කතාවේ එකතු වෙලා තියෙනවා.

හැනා දකින අර පැල්ම?

මොකද්ද ඒ පැල්ම කියලා කතාවේ පෙන්නන්නෙ නෑ පෙන්නන්නෙ මෙච්චරයි.පීටර් මයිල්ස්ගේ ඇගට ඇවිත් හැනාව ළිදට තල්ලු කරනවා එතකොට එයා වැටිලා මැරෙනවනේ.ඒ වගේම හැනා අන්තිමට දකින්නෙ ළිදේ එක ගලක තියන පැල්මක් තමයි.ඒ පැල්මෙන් කියන්නෙ එයා ඉන්නෙ එක මතකෙක කියලා.ඒ පැල්ම පේන්නෙ එයා මතකෙක ඉන්නකොට විතරයි.

Hidden ghosts සැගවුණු හොල්මන්?

දැක්කද?ඔයාලා උපරිම වශයෙන් හයක් විතර දකින්න ඇති කියලා මම හිතන්නම්.ඒ වගේම මේක මයික් ෆ්ලැනගන්ගේ එක විශේෂ දෙයක් හිල් හවුස් බලපු අයට නං නුපුරුදු දෙයක් වෙන්න බෑ.ෆ්ලැනගන් කියලා තියෙනවා එයාලට මේ ගෝලීය තත්වය නිසා හරියටම කතාව ඉවරකරගන්න බැරි උනාලු.ඒත් උපරිමය කලා කියලා.ඒ කියන්නෙ මේකෙ සමහර හොල්මන් පේන්න තියෙන්න ඕන උනත් හංගලාම තියන්න උනාලු.ඒ කියන්නෙ එයාලට දාන්න ඕන තරම එයාලට දාන්න බැරිවෙලා කියන එකයි.ඒ වගේම මේකෙ මේ සැගවුණු චරිත 134 වතාවක් කතාව ඉවරවෙනකොට දැකගන්න පුලුවන්ලු.විශේෂයෙන්ම අර වසංගත දොස්තර වගේම අර පොඩි ළමයා.අනිත් අය දැක්කද?අර දෙවෙනියට මැරුණු පූජකයා,ඒ වගේම තව එක ගෑණු ළමයෙකුත් දැකගන්න පුලුවන්ලු.

හෙන්රිගෙ පොඩිකාලේ යාලුවා?

ඔයාලට මතක ඇති ෆ්ලෝරා එක මතකෙක ඉන්නකොට.හෙන්රි ෆ්ලෝරට කියනවා එක යාලුවෙක් එයාටත් පොඩිකාලෙ හිටියා කියලා.එයා හමුදාවේ කෙනෙක්.කතාවක් නැති කෙනෙක්.එයත් එක සැගවුණ හොල්මනක් කියලා දන්නවද?එයාව දැක්කද?එයාව කීපවතාවක්ම කතාවේ දැකගන්න පුලුවං.මට ඒ hidden ghostsලගේ ෆොටෝ මේකට දාන්න බැරි උනත්.ඔයාලාට google එකේ සර්ච් කලොත් ඒවා බලාගන්න පුලුවං. ඒ වගේම කතාවෙන් ලොකු දෙයක් සමාජයට දෙන්න මේ කණ්ඩායම උත්සාහ කරලා තියෙනවා හිල් හවුස් එකේ වගේම.ඒවා මේ පොඩි පොඩි දෙබස්වල හිර කරලා තියෙනවා. මම එකක් විස්තර කරන්නං

“Dead means not gone”

මේක මුලින්ම කියන්න ෆ්ලෝරා ඔවන්ට.මේක මුලු කතාවෙම දුවන එක සංකල්පයක්.මේකෙ සරල අදහස වගේ පෙන්නන්නෙ කෙනෙක් මැරුනොත් එයා යන්නෙ නෑ හොල්මනක් විදිහට ඉන්නවා කියන එකයි.ඒත් මෙයාලා අපිට කියන්න හදන්නෙ ඒකම නෙවෙයි.අපිට වටින කෙනෙක් හරි දෙයක් හරි අපිට අහිමි වෙනවා.ඒත් ඒක හෝ එයා භෞතිකව අපි ගාව නැති උනත් අපි ගාව එයා ගැන තියෙන පොඩි පොඩි මතකයන් එයාලව තාමත් ජීවත් කරනවා කියන එකයි.ඒක මේ කොටස බැලුවහම තේරෙයි.

තවත් ගොඩක් දේවල් මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා.යථාර්තවාදී වෙන එක,ඉවසීම,ආදරය,කරුණාව,නිකන්ම නිකං හොල්මන් කතාවක නැති ගොඩක් දේවල් මේකෙ තියෙනවා.ඒක තමයි මට කියන්න තියෙන්නෙ.තවත් එක ලස්සන කතාවක අවසානය තමයි මේ.

අන්තිමේදි මතක් කරන්න ඕන.මම මේ සබ් එක කරපු පලියටම මේ සයිට් එකේ මේක පලවෙන්නෙ නෑ මේක ඔයාලා ගාවට අරගෙන එන්නත් එක කට්ටියක් මහන්සිවෙනවා.ඉතිං ඒ අපෙ ඇඩ්මින් මඩුල්ල තමයි.අපි එවන පොස්ට් හදලා සයිට් එකෙ පල කරන්නත් එයාල ලොකු මහන්සියක් ගන්නවා කාටත් නොපෙනෙන විදිහට.ඒ වගේම අපේ පොස්ට් වලට කවර හදලා දෙන අයත් මතක් කරන්න ඕන.ඒ වගේම අපිට කමෙන්ට් කරලා අපිව දිරිමත් කරපු,කරන,අයට අපිට එයාලගෙ සහයෝගයත් ගොඩක් වටිනවා ඉස්සරහට යන්න.මේ සබ් කරන අය වගේම සයිට් එකේ අයත් රැකියාවක් විදිහට මේ උපසිරැසිකරණයේ නියැලෙන්නෙ නෑ වගේම කාටවත් සතපහක ආදායමක් ලැබෙනවා කියලා හිතන්නෙත් නෑ.ඒ මහන්සියට ලෝබ නැතුව ගරු කරලා කමෙන්ට් එකකින් හරි ස්තූති කරලා යන ගොඩක් අය ඉන්නවා ඒ අයට තමයි අනිවාරෙන්ම ස්තූති කරන්න ඕන.ඒ වගේම අමතක කරන්න හොද නෑ සමිත අයියා,අංජුල,මදුශාන්,චූටියා,දර්ශන අයියා,වගේම මුලු සිනෙරූ පවුලම.හැමවෙලාවකම වචනෙකින් හරි උදව් කරන අයව.එහෙනං අදට යන්නං.තවත් කතා මාලාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන්,ඒ වගේම ලබන්නාවූ 2021 අවුරුද්ද හැමෝටම නිදුක් නිරෝගී බවින් පිරුණු සුබම සුබ නව වසරක් වේවා කියලාත් ප්‍රාර්තනා කරනවා,එහෙනං ජයවේවා….!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

14 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ ⁣සුපිරි කතාව මේක

  2. thanks bro… siyaluma subs walata….

  3. බොහොම ස්තුතියි සහෝ මේ කාතාවට උපසිරැසි දුන්නු එකට.තවත් මේ වගේ සුපිරි කාතාවක් අරන් එන්න්❤️❤️

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    නිපුනේ, ඔන්න බං අද තමයි ඔන්ලයින් එන්න උනේ. සිග්නල් නැති පැත්තක හිරවෙලා ඉඳල. ඔන්න මචෝ මේක අරන් බලවා ඈ. සුපිරියි ඈ සීරීස් එක ඉවර කරපු එක නම්. තව අලුත් ඉන්දියන් නොවන, මේ වගේම සීරීස් එකක් ගෙනෙන්. අනිවා බලනවා. අනික උඹෙ සබ් පට්ට ලස්සනයි ඈ. අතාරින්නේ නැත්ව බලපු සීරීස් එකක්.

  5. Midbight mass kiyala tv series ekak awilla thiyeno…. Me director ge mai…. Ane eketh sub ewannako ikmnt.

  6. Thanks Sub Tika Dunnata. jaya wewa

  7. Sky castle korean drama eke sinhala subtitles upload krnnko please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login