The title of the page
Songbird (2020) Sinhala Sub
Songbird (2020) Sinhala Sub
4.3
65

Songbird (2020) Sinhala Subtitles | COVID-19 වෛරසයේ අනාගත බලපෑම | සිංහල උපසිරැසි සමඟ

(Songbird (2020) Sinhala Sub)

“ලෝකෙ මේ වෙනකොටත් දරුණු විදිහට ව්‍යාප්ත වෙලා මිනිස් වර්ගයාව ගිලගන්න COVID-19 වෛරසය අනාගතයේදි මිනිස්සුන්ට කොයි විදිහක බලපෑමක් ඇති කරයිද?”

අපි තාමත් ඉන්නෙ 2019 අවුරුද්දෙ අවසානයේ. දැනට COVID-19 වෛරසය ලෝකෙ ව්‍යාප්තවෙන්න පටන් අරන් අවුරුද්දක් වගේ කාලයක් වෙනවා. අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත් මේ වෛරසය මනුෂ්‍ය වර්ගයාට කරලා තියන හානිය හැමෝටම පේනවා ඇතිනෙ. මේ වෙනකොටත් මුළු ලෝකෙම වගේ COVID-19 වෛරසයට ගොදුරුවෙලා හමාරයි. එහෙමත් රටක් තමයි තාමත් මේ වෛරසයෙන් බේරිලා ඉන්නෙ. ලෝකෙ මේ විදිහට වෛරස් ව්‍යාප්ත වෙලා තියෙනවා මදිවට එක එක රටවලින් COVID-19 වෛරස් එකේ විවිධ ප්‍රභේද හඳුනගෙන තියෙනවා. මේ හඳුනගන්න ප්‍රභේද සාමාන්‍ය වෛරසයට වඩා හුඟාක් දරුණුයි. සාමාන්‍ය වෛරසයට වඩා වෙනස් විදිහටයි මනුෂ්‍යාට හානි ඇති කරන්නෙ.

2022 අවුරුද්ද වෙනකොට COVID-19 වෛරසය ලෝකයට ඇතිකරලා තියන බලපෑම තමයි මේ චිත්‍රපටියෙන් පෙන්නන්නෙ. මේ චිත්‍රපටියෙ හැටියට 2023 අවුරුද්දෙදි මේ වෛරස් එක හඳුන්වන්නෙ COVID-23 නමින්. මුළු ලෝකෙටම ඇතිවෙලා තියන බලපෑම ඒ හැටිම පෙන්නලා දුන්නෙ නැති උනත් අපි ආරක්ෂා වුණේ නැත්තන් අපිට සිද්ධවෙන දේවල් ඒ විදිහටම වගේ පෙන්නලා දීලා තියෙනවා. මේ චිත්‍රපටිය දිවෙන්නෙ ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් නගරය වටා යන සිදුවීමක් එක්ක. 2023 වෙනකොට ලොස් ඇන්ජලීස් නගරය ලොක්ඩවුන් කරලා සති 213 ක් වෙනවා. ඒ වගේම ලොස් ඇන්ජලීස්වල තැනින් තැන “Q කලාප” එහෙමත් නැත්තන් “නිරෝධායන කලාප” විවෘත කරලා තියෙනවා. ඒ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ කියලා හිතනවා. මේ චිත්‍රපටියෙ විදිහට 2023 අවුරුද්ද වෙනකොට ගෝලීය මරණ සංඛ්‍යාව මිලියන 110 ත් ඉක්මවා ගිහින්. ඒ වගේම මරණ අනුපාතය 56% දක්වා ඉහළ ගිහිනුත් තියෙනවා. එතකොට ඔයාලටම පොඩි අදහසක් අරගන්න පුළුවන් ඇතිනෙ.

මම කලින් කිව්වනෙ මේ වෙනකොට ලෝකෙන් COVID-19 වෛරසයෙ විවිධ ප්‍රභේද හඳුනගෙන තියෙනවා කියලා. මේ චිත්‍රපටියෙදිත් අන්න ඒ විදිහෙ විවිධ ප්‍රභේද හඳනගෙන තියෙනවා. මේ චිත්‍රපටියෙ විදිහට 2023 වෙනකොට ලොස් ඇන්ජලීස්වලින් හඳුනගෙන තියන වෛරස් එක කෙලින්ම හානි කරන්නෙ අපේ මොළේ පටකවලට. එතනින් එහාට කතා කරන්න දෙයක් නැති තරම්. කොටින්ම කිව්වොත් 2023 වෙනකොට මේ චිත්‍රපටියෙ විදිහට නම් COVID-23 වෛරස් එක වැළඳෙන කෙනෙක් පැය 48 ක් ඇතුළත මිය යනවා. අපි පරිස්සම් උනේ නැත්තන් අනාගතේදි මේ දේ ඇත්තටම සිද්ධවෙන්න පුළුවන්.

මේ චිත්‍රපටියෙ විදිහට එහෙමත් Immunity එහෙමත් නැත්තන් හොඳ ප්‍රතිශතයක් තියන පිරිසක් ඉන්නවා. ඒ කියන්නෙ මේ වෛරස් එක වැළඳෙන්නෙ නැති අය. මෙන්න මේ අයට විතරයි ලොස් ඇන්ජලීස් වලින් එළියට යන්න අවසර තියෙන්නෙ. ඒ අයට වෙනම පාස් එකක් නැත්තන් නිවෙස්වලින් එළියට යන්න පුළුවන් විදිහෙ අවසර පත්‍රයක් වගේ එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක “ලා කහපාට වළල්ලක්”. ඔය පහළ පින්තූරෙ ඉන්න මේ චිත්‍රපටියෙ විදිහට නම් නිකෝ පැළඳගෙන ඉන්නෙ අන්න ඒ වළල්ලක්.

– Immunity Pass –

කොවිඩ් වෛරසයත් එක්ක දිවෙන මේ ලෝකෙ 2023 වෙනකොටත් දූෂණ වංචා වගේ දේවල් නම් නැතිවෙලා නෑ. මොකද කියනවා නම් මේ චිත්‍රපටියෙ විදිහට මේ හඳුන්වලා දුන්න Immunity Pass එක එහෙමත් නැත්තන් මේ අවසර පත්‍රය වගේ දේ හොරට විකුණනවා. මේ අවසර පත්‍රය හිමිවෙන්නෙ හොඳ ප්‍රතිශතයක් තිය කොටින්ම කිව්වොත් නිකෝ වගේ අයට. හැබැයි ඉතින් ඒ ප්‍රතිශතයක් තියන අය නිකම්ම එළියටවෙලා ඇවිද ඇවිද ඉන්නෙ නෑ. එයාලා ගෙවල් ඇතුළෙ හිරවෙලා ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය කරන දේවල් ගෙදරටම ගිහින් දෙනවා. ඔයාලා හිතනවා ඇති එතකොට එළියෙ ඉඳන් ඇතුළට යවන දේවල්වල වෛරසය තැවරිලා තියෙන්න පුළුවන් කියලා. ඔව් එහෙම දේවල් සිද්ධවෙන්න පුළුවන්. ඒත් මේ චිත්‍රපටියෙ විදිහට “UV කිරණ” එහෙමත් නැත්තන් “පාරජම්බුල කිරණ” වලින් විෂබීජ විනාශ කරන්න පුළුවන් විදිහෙ මැශින් එකක් හඳුන්වලා දීලා තියෙනවා. එළියෙ ඉඳන් ඇතුළට යවන හැමදෙයක්ම මේ මැශින් එකෙන් පරික්ෂා කරලා විෂබීජ තියෙනවා නම් ඒවා විනාශ කරනවා. ඒ වගේ දෙයක් මේ වෙනකොට ලෝකෙ තියෙනවද කියලා නම් දන්නෙ නෑ. ඒ වගේම තමයි ගෙදර ඉඳන්ම වෛරස් පරික්ෂාව කරගන්න පුළුවන් විදිහෙ ඇප් එකක් පවා මේ චිත්‍රපටියෙ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ස්කෑන් කිරීමක් හරහා තමයි ඒ දේ සිද්ධවෙන්නෙ. ඒකට කියන්නෙ “ටෙම්ප් ටෙස්ට්” එක කියලා. වෛරසයක් තියෙනවා නම් ඒක අඳුනගන්නවා විතරක් නෙවෙයි, ඒක අඳුනගෙන සෞඛ්‍යාරක්ෂක දෙපාර්තමේන්තුවට ඒ ගැන දැනුම් දීමක් පවා කරනවා. වෛරසයක් අ‍‍ඳුනගෙන ඒ විදිහට දැනුම්දීමක් කරහම අදාළ නිලධාරීන් ඇවිල්ලා ඒ රෝගියාව වගේම ආශ්‍රිතයන්ව Q කලාපයට අරගෙන යනවා.

එහෙම අරගෙන යනවා උනත් මේ ඉහළ නිලධාරීන් නම් ඒ හැටි හොඳ අය නෙවෙයි. මම මොකද එහෙම කියන්නෙ කියලා චිත්‍රපටිය බැලුවම ඔයාලටම තේරෙයි. මේ දේවල් අස්සෙ ලස්සනම ලස්සන ආදර කතාවකුත් අපිට බලාගන්න පුළුවන්.

කියන්න ඕන දේවල් හැමදෙයක්ම කිව්වයි කියලා හිතනවා. තවත් ඉතින් කියනවා නම් කියන්න තියෙන්නෙ මේ චිත්‍රපටියට හිමිවෙලා තියන රේටින්ස් ගැන තමයි. IMDb 4.4 ක් වගේම Rotten Tomatoes වල 11% ක් වගේ සෑහෙන අඩු රේටින්ස් ප්‍රමාණයක් තමයි මේකට හිමිවෙලා තියෙන්නෙ. Cast එක ගත්තම Sofia Carson, KJ Apa, Alexandra Daddario, Demi Moore, Peter Stormare වගේම Bradley Whitford කියන හුඟක් ජනප්‍රිය නළු නිළියො ගොඩක් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් ඉතින් මේ වටිනා චිත්‍රපටියත් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ චිත්‍රපටියෙන් හුඟක් දේවල් පෙන්නලා තියෙනවා වගේම හුඟක් ආදර්ශ දීලා තියෙනවා.

“කවදාවත් තමන්ගෙ උත්සහය අතාරින්න එපා”
“උත්සහය තියෙනවා නම් කරන්න බැරිදෙයක් නෑ”

– Stay Home & Stay Safe –

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට ලිපිය මරු

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Godak sthuthi.. Jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login