The title of the page
Wonder Woman 1984 (2020) Sinhala subtitles
Wonder Woman 1984 (2020) Sinhala subtitles
6.8
69
83

Wonder Woman 1984 (2020) Sinhala subtitles | සත්‍ය මත ලෝකය පදනම් වේ.. | සිංහල උපසිරැසි සමඟ

(Wonder Woman 1984 (2020) Sinhala subtitles) මම හිතනවා කාටත් “තෙමිස්කිරාවේ කුමරිය” අමතකවෙලා නැතුව ඇති කියලා. කොහොමද අමතක වෙන්නද නේද ඉතින්. අතීතයේදි දෙවිවරු විසින් මවපු ලෝකෙ ඒ වගේම දෙවිවරු විසින් නිර්මාණය කරපු මිනිස් සංහතිය මිනිස්සුන්ටම විරුද්ධව යුද්ධ කරන්න පටන්ගන්නවා. ඒ දේ සිද්ධවෙන්නෙ සියුස් දෙවියගෙ පුත්රයාවෙන ඒරිස් කියන දෙවියා විසින් මිනිස්සුන්ගෙ හිත් තුළට සැකය, වෛරය වගේම ආශාව වගේ කියන දේවල් ඇතුළ් කරපු නිසා. මෙන්න මේ මිනිස්සු අතර ඇතිවුණු යුද්ධෙ නතර කරන්න සියුස් දෙවියන් විසින් “ඇමසෝනියානුවෝ” කියලා කාන්තාවන් කොටසක් නිර්මාණය කරනවා. මෙයාලා ග්රීක දෙවිවරු කොට්ඨාසයක්.

හැබැයි ඉතින් මේ ඇමසෝනියානුවෝ ජීවත්වෙන්නෙ පෘථිවියේ. ඈත සාගරය මැද්දට වෙන්න කාටත් නොපෙනෙන විදිහට තෙමිස්කිරාව කියන දූපත දෙවියන් විසින් නිර්මාණය කරලා තියෙන්නෙ මේ ඇමසෝනියානුවන්ට. හිපොල්යාටා රැජින සහ ඇතීනා දෙවඟන විසින් මැටියෙන් දරුවෙක් නිර්මාණය කරලා ඒ දරුවට ජීවය ලබාදෙනවා. එයාට තමයි ඩයෑනා කියලා කියන්නෙ. අද චිත්රපටිය ගැන කියන්න කලින් මේකෙ පළවෙනි චිත්රපටිය එහෙමත් නැත්තන් Wonder Woman 2017 චිත්රපටියෙ වැදගත් දේවල් ටිකක් මතක් කරොත් හොඳයි කියලා හිතුවා. 2013 වසරෙදි අසහාය චිත්රපටි අධ්යක්ෂවරයෙක් වන Zack Snyder විසින් ආරම්භ කරපු යුනිවස් එකේ චිත්රපටියක් තමයි මේකත්. WW 2017 අධ්යක්ෂණය කරපු Patty Jenkins නම් කාන්තා චිත්රපටි අධ්යක්ෂකවරිය විසින්ම තමයි මේ චිත්රපටියත් අධ්යක්ෂණය කරන්නෙ.

ඒ වගේම මේ චිත්රපටියෙ නිෂ්පාදකවරු ගැන කිව්වොත් Gal Gadot, Patty Jenkins, Zack Snyder, Deborah Snyder, Geoff Johns, Charles Roven වගේම Stephen Jones කියන ලොකු පිරිසක් එකතුවෙලා තමයි මේකෙ නිෂ්පාදන කටයුතු සිදු කරන්නෙ. ඒ වගේම මේ චිත්රපටියට රංගනයෙන් දායකවෙන ඈයො දිහා බැලුවම කාටත් අමතක නෑ සුරූපී නිළි Gal Gadot 😍 ඒ වගේම Chris Pine, Kristen Wiig, Pedro Pascal, Connie Nielsen වගේම Robin Wright කියන තවත් හුඟක් ඈයොන්ව WW84 චිත්රපටියෙන් දැකගන්න පුළුවන් වෙනවා. IMDb 6.8 ක් වගේම Rotten Tomatoes හී 70% ක අගයක් මේ අපූරු සිනමා සලරුවට හිමිවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි 85% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් මේ චිත්රපටියට හිමිවෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වතාවෙ චිත්රපටියෙ ධාවන කාලය ටිකක් වැඩිකරලා තියෙනවා..

ඒ කියන්නෙ ඔයාලට පැය 2 යි විනාඩි 35 ක් පුරාවට මේ චිත්රපටිය රසවිඳින්න පුළුවන්. ඊයෙ දවසෙදි HBO Max හරහා වගේම තෝරාගත් සිනමාශාලාවල තිරගත කිරීම් ආරම්භ කරපු Gal Gadot අක්කගෙ අළුත්ම චිත්රපටිය. 2017 අවුරුද්දෙ ආව Wonder Woman චිත්රපටියෙ දෙවනි කොටස. මේ චිත්රපටිය HBO Max හරහා විකාශය වුණු නිසයි අපිට ඉක්මන්ටම මේ චිත්රපටිය බලන්න පුළුවන් වෙන්නෙ. එහෙම නොවී සිනමාශාලාවල විතරක් තිරගත උනානම් අපිට තව සෑහෙන දවසක් බලාගෙන ඉන්න වෙනවා. මොකද මොකද කිව්වොත් අපේ රටෙත් හරිහමන් විදිහට මේවා පෙන්නන්නෙ නෑනෙ. ඒ කොහොම උනත් දැන් කාටත් මේ අපූරු සිනමා සලරුව තේරෙන සිංහලෙන් නරඹන්න හැකියාව තියෙනවා. එහෙනම් අදට සමුගන්නයි මේ ලෑස්තිය. තවත් අපූරු සිනමා සලරුවක චිත්රපටියකින් මුණගැහෙමු. දිගටම සිනෙරූ උපසිරැසි අඩවියත් එක්ක රැඳිලා ඉන්න.ටයිපං වැරදි තිබුනොත් සමාවෙන්න 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

21 comments

  1. මෙච්චර ඉක්මනට ❤😍 සුපිරිම සමිතෙ අයියා

    • Sub download karanna rejisterd ehema wenna ona da bn

      • samitha
        Cineru Family Member

        නැහැ එහෙම ඕනේ නැහැ සහෝ ඔය ඩවුන්ලෝඩ් කියලා නිල් පාටින් ලයින් එකක් යන්නේ එකේ කිල්ක් කරන්න කරපු ගමන් ඩවුන්ලෝඩ් වෙයි

  2. Udaya saman
    Cineru Family Member

    අතත් අමාරු තියන් මෙන්න මෙච්චර ඉක්මනට සබ දිලා..මේවා අත් වෙන්න බැ මැෂන් වෙන්ඩනෝනි

  3. Black Addem
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 😋😘

  4. ftt..thanks..

  5. Great Job Bro

  6. Thanks for the sub

  7. Aruna Darshana
    Cineru Family Member

    එලම සමිතේ..😋😋

  8. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දීලා දීලා, ඔන්න බොස්ම දීලා. පිං ඈ. මේක එනකන් බලන් හිටියේ. එහෙන ආවා. මෙහෙන් සබ දුන්නා. මරුම ඈ. මේක නොබලපු ඇස් නම් මොකටද? ස්තූතියි බොස් මල්ලි

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. ඇඩ් විමානයක්නෙ.. 100පාරකට වඩා download click කලා ඇඩ්මයි එන්නෙ.. කොහොමද subtitle එක ගන්නෙ..

    • samitha
      Cineru Family Member

      සබ ඩවුන්ලෝඩ් බටන් එක ඔබන්න සහෝ ඩවුන්ලෝඩ් කියලා නිල් පාටින් වටේ ලයින් එකක් යන එක. එකේ කිසිම ඇඩ්ස් එකක් නැහැ එක පාරක් ක්ල්ක් කලාම ඩවුන්ලෝඩ් වෙනවා

  11. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  12. the blacklist season 7 sub denna puluwanda

  13. චානක තිලංක

    ෂා ෂා පට්ට සහෝ wonder woman නම් කියලා වැඩක් නෑ මං ගොඩක් ආස කරපු ෆිල්ම් එකක් ඒ වගේම තමයි මේක නියමයි ඈ ඩවුන්ලෝඩ් කරලා බලන එක බලනවා. බොහොම ස්තූතියි සහෝ සබ් එකට 😍😍😍😍👍👍👍👍👌👌👌👌👌👏👏👏👏🔥🔥🔥🔥🔥👊👊👊👊🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌

  14. උපසිරැසියට බොහොම ස්තූතියි අයියෙ 😍🔥🔥

  15. Thank you very much brother

  16. Thanks for your sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login