The title of the page
The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles
The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles
7.4
87
87

The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles | ද්විත්ව මුහුණු ඇත්තෝ | සිංහල උපසිරැසි සමග

(The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles) ඔන්න එහෙනං තුන්වෙනි කොටසයි මේ අරගෙන එන්න හදන්නේ.පසුගිය කොටසේ මතක ඇතිනේ,ෆ්ලෝරා වගේම මයිල්ස් උදේ ඩැනීව හම්බෙලා සමාව ගන්නවා.ඒත් අර ගෙදර තියෙන මඩ අඩි පාරවල් ගැන කිසිම දෙයක් කියන්නේ නෑ.ෆ්ලොරා දෙයක් කියන්න හැදුවත් මයිල්ස් ඒකට ඉඩ දෙන්නේ නෑ.එයා අර බෝනික්කව අරගෙන ගිහින් රෙදි ගබඩාවට විසි කරනවා.ඒ නිසා මයිල්ස්ට මඩ ඔක්කොම මොප් කරන්නත් සිද්ද වෙනවා.ඉටපස්සේ මයිල්ස්ගේ ස්කොලේ උන සිදුවීම් ගැන තමයි කතාවෙ පෙන්නන්නේ.මයිල්ස් කියන්නේ ස්වභාවයෙන්ම ගොඩක් හොද දරුවෙක් ඒ ගැන මුලදිම පැහැදිලි වෙනවා.ඒත් ස්කෝලෙදි එකපාරටම එයාගේ හැසිරීම වෙනස් වෙනවා.අමුතු වැඩ කරන්න පටන් ගන්නවා.රණ්ඩු කරණවා,තමන්ටම තුවාල කරගන්නවා ඒ වගේම ෆාදර් ස්ටැක්ගේ සුරතලාවත් මරලා දානවා.

ඒත් මෙයාගේ මේ වෙනසට හේතුව කවුරුවත්ම දැනගන්නේ නෑ.අන්තිමේදි මෙයාව ස්කෝලෙන් අයින් කරනවා.අයින් වෙලා යනකොට එයාට අර ෆ්ලෝරා එවපු ලිවුම අරගෙන යන්න අමතක වෙනවා.ඒ ලිවුමෙන් හැම දෙයක්ම පැහැදිලි වෙනවා.ඒ ලිවුමේ තිබුනේ චිත්‍රයක්, ඒ වගේම ඒකේ ඇඳලා තිබුනේ එක පිරිමි කෙනෙකුයි,එක ගැහැණු කෙනෙකුයි, ෆ්ලෝරාවයි.ෆ්ලෝරා ඒකේ ඇඳලා තිබුනේ එයා අඬන රූපයක්.ඉතිං මයිල්ස්ට තේරෙනවා ෆ්ලෝරා ඉන්නේ ප්‍රශ්නෙක කියලා.ඒ නිසා මයිල්ස් ඒ හැම දෙයක්ම කරන්නේ ආයෙමත් ඉක්මනටම ගෙදර යන්න ඕන නිසායි.ඒ වගේම ගිය කොටසේ අන්තිමේට ඩැනී ළමයි එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරනවා.ඒ අතරේ ඩැනී අර පරණ වින්ග් එකේ කෙලවරේ තියෙන කාමරේට යනවා.ඒකෙදි එයාට එක ෆොටෝ එකක් හම්බෙනවා.

මං කිවුවනේ හැම කොටසක්ම එකට සම්බන්දයි වගේම එක එක ඉඟිත් අපිට දීලා තියෙනවා කියලා.මේකත් එහෙම එක ඉඟියක් තමයි.ඒ අතරතුරේ ආයෙත් මයිල්ස් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා.මේක නිසා ඩැනීට හොඳටම තරහා යනවා.ඩැනී ඊටපස්සේ මයිල්ස්ගේ පස්සෙන් සාලෙට යනවා.සාලේ මයිල්ස්ව හොයනකොට ජනේලෙන් එළියේ අර පිරිමියව ආයෙමත් දකිනවා.ඩැනී එයාව අල්ලගන්න එළියට ගියත් එයා එළියේ නෑ.ඒ වගේම මයිල්ස් ජනේලේ ගාව ඉඳන් ඩැනීට කතා කරනවත් එක්කම මයිල්ස්ට සිහිය නැතුව වැටෙනවා.ටික වෙලාවකින් සිහිය එනවත් එක්කම අර පිරිමියා ජනේලෙන් මයිල්ස් එක්ක හිනාවෙනවා පෙන්වනවා.එතනින් තමයි ගිය කොටස ඉවර උනේ.. මේ කොටසින් අර පිරිමියා කවුද ඒ වගේම එයාට මේ ගෙදරත් එක්ක තියෙන සම්බන්දය,එතකොට මිස් ජෙසල් කියන්නේ කවුද,ඒ ප්‍රශ්න වලට පොඩි පිළිතුරු වගයක් ලැබෙයි..එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    නිපුනයෝ මේකේ රේටින් මීට වඩා වැඩි වෙන්න ඕනේ එකක් බං. සුපිරියක් මේක. සබට පට්ට තෑන්ක්ස්.

  4. ඔව් අයියේ මාත් කල්පනා කලේ ඇයි කියලා රේටින් නං දීලා මදි.කතාව පට්ට ඒ උනාට.
    තෑම්ස් කමෙන්ටුවට.

  5. බොහොම ස්තුතියි සහෝ❤️

  6. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login