The title of the page
8
97

The Forgotten Army (2020) S01E03 Sinhala Subtitles|ඉන්දීය කාන්තා රෙජිමේන්තුව|සිංහල උපසිරැසි සමග|

ඔන්න The Forgotten Army කතා මාලාවෙ තුන් වෙනි එපියටත් උපසිරැසි අරගෙන ආවා.. පීටර් අයියා තමා මේක කරමු කියලා වැඩේට සෙට් කරග්ත්තේ.. කොහොම හරි ඉතින් මිනි සීරීස් එකක් නිසා දවසකට එක ගානෙ උපසිරැසි ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නෙ.. මේ කතා මාලාව බලන අය දන්නවනේ ඉතින්, එක්දාස් නවසිය ගනන් වල ඉන්දීය නිදහස් හමුදාව ගැන තියෙන්නේ.. ඇඩ්මින් සෙට් එකම එකට සෙට් වෙලා කරන වැඩක් නිසා ඉතින් වැඩේට බැස්සා..

පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනේ.. මුල් කාලෙ ඉංග්‍රීසීන් එක්ක එකතුවෙලා ඉඳපු ඉන්දීය හමුදාවට, ජපන් හමුදාවට යටත් වෙන්න සිද්ධ වෙනවා. පස්සේ ඉන්දියානු හමුදාවට ඉංග්‍රීසීන්ගේ බලපෑම නැති නිදහස් හමුදාවක් හදන්න ජපන් හමුදාව ඉඩ දෙනවා.. මේ කතාව ඉදිරිපත් කරන්නෙ ඉන්දීය නිදහස් හමුදා රෙජිමේන්තුවේ ඉඳපු කැප්ටන් සෝඩි මතක ආවර්ජනයක් විදියට නේ.. ඉතින් ඒ මතකයට තවත් අලුත් කෙනෙක් එකතු වෙනවා. ඒ තමයි මායා. මායා කියන්නෙ ඡායාරූප ශිල්පිනියක්. මෙයා කැප්ටන් සෝඩිගෙ වගේම එයාගෙ යාළුවා අර්ශද්ගේ පින්තූරයක් ගන්න සිද්ධියක් නිසා එකිනෙකා හොඳට අඳුනගෙන යාළුවො වෙනවා. මායා INS එකෙන් පිහිටවන්න යන කාන්තා රෙජිමේන්තුවට එකතු වෙන්න තීරණය කරනවා.

අද කොටසෙදි මොනවා වේවිද ?.. ඔයාලම බලන්නකෝ…

ඊළඟ එපිය මදුශාන් අයියා ඉක්මනටම අරගෙන ඒවි කියලත් මතක් කරන ගමන් අදට සමු ගන්නම්.. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

2 comments

  1. බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

  2. Hostage last episode dekema download link update karala nane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login