The title of the page
8.5
93
95

The Expanse (2015) S01 E08 Sinhala Subtitles | සැබෑ සතුරාගෙන් ඉඟියක් | සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනෙ කිව්වා වගේම එක දිගටම මේ සීරීස් එකේ එපි ටික අරන් එනව ඉතින්. අර බනින සහෝලා ටික ආදරෙන් කමෙන්ටුවක් ලීවොත් මොකෝ නේද? හරි ඉතින් එහෙනම් මෙහෙමයි. මේක ගැන අදහසක් ගන්න නම් 👉මෙතනින් ගිහිල්ලා👈 ට්‍රේලර් එක බලලම එන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ටුවක් ලියන්න. මෙන්න ඉතින් මේ සතියේ අපිට ලොකු ඉඟියක් සහ සාක්සියක් ලැබෙනවා ඇත්තම සතුරා කවුද කියලා. මතක තියා ගන්න ඉඟියක් විතරයි. ඔයාලට මතකනක් මේ සීරීස් එකේ මුලදීම අපි පටන් ගත්තේ නැතිවෙච්ච කෙල්ලෙක් හොයන එකෙන්. අන්න එයත් හමු වෙනවා. ඒත් නොහිතන විදිහකට. අපේ හිටපු පොලිස් නිලධාරී මිලර් සහ අපේ කැන්ටබරි යානයේ සෙට් එකත් හමු වෙනවා. ඒකත් නොහිතන වෙලාවක. හොඳ සටනකුත් යනවා, පොඩි සටනක් උනාට හොඳින්ම රසවිඳින්න පුලුවන් සටනක් ඒක. එහෙනම් කතාව බලන්නකෝ. අපි හම්බුවෙමු අවසාන එපියට කලින් එකෙන්, ඔව් ඔව් ඒ කිව්වේ නවවෙනි එපියෙන් හමුවෙමුකෝ.

මේ සිංහල උපසිරැසි ගහන්න තනියෙන් නම් අමාරුයි. මොකද නින්ද යනවා. ඔලුව රිදෙනවා. අනිත් වැඩ අතපසු වෙනවා. ඒත් ඉතින් ඒ මොනවා උනත් කවදාවත් බනින්නේ නැතුව, උපසිරැසිකරණයට උදව් කරන කීපදෙනෙක් ඉන්නවා. මුලින්ම ඉතින් මගේ සදහම් පුතා. මොකද එයා නැත්නම් මම තාමත් පිස්සු දිදී ඉන්න නිකන්ම නිකන් මිනිහෙක්. මේ වැඩේට යොමු උනේ මගේ සදහම් පුතා නිසයි. ඊලඟට මගේ ආදරණීය ලක්ෂ්මී නෝනා. කොයි වෙලේ උනත් තේ එකක්, කෝපි එකක් ඉල්ලුවොත් උස්සන් එනවා. මහ රෑ උනත්. ඇවිත් නින්ද ගිහින්ද බලලා ඇහැරවනවා. ඉතින් බොහෝම ස්තූතියි වගේම ගොඩක් ආදරෙයි ඔය දෙන්නට මං. ඊලඟට අපේ ලොකුම ලොකු බොස්, සමිතේ මල්ලී මාරම විදිහට අපි ගැන හොයන කෙනෙක් තමයි ඉතින් මේ අපේ සමිතේ මල්ලී. මොනවා ඇහුවත් කියලා දෙනවා වගේම ඕනේ ප්‍රශ්නෙකදී අපි එක්ක ඉන්නවා. ඉතින් අපේ පෙර පිනක් තමයි සමිතේ අපේ මේන් ඇඩ්මින් උන එක. ඒ වගේම මගේ සහෝදරයා වගේ ඉන්න චානක තිලංකව අනිවාර්‍යෙන් මතක් කරන්න ඕනේ. මොකද කොයි දවසක කොයි වෙලේ උනත් උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බෑ කියලා නෑ, උපරිමයෙන් උදව් කරනවා. අන්න එහෙමයි චානක තිලංක. ස්තූතියි මචං. ඒ වගේම සිනෙරූ කල්ලියේ සියලුම දෙනාට ගොඩක්ම ස්තූතියි මම මොන ඉල්ලීමක් කරත් මට උදව් කරනවට. මම එච්චර පරණ කෙනෙක් නෙවෙයි සබ් ටිකක් වැඩියෙන් දුන්නට. ඒත් මාවත් නිකන් හෙන උඩින් තියලා ඉන්න සිනෙරූ කල්ලියටත් ස්තූතියි ඈ. සබක් ගන්නකොට කමෙන්ට් එකක් ලියන අපේ සියලූම රසිකයින්ටත් බොහෝම ස්තූතියි, ඔයාලගෙ කමෙන්ට් නිසයි ඉදිරියටත් මේ සබ් දෙන්නේ, ඔයාලා තමයි අපේ ශක්තිය. අපේ සයිට් එකට එන හැමෝටමත් ස්තූතියි. ඔයාලා නිසයි අපි පවතින්නේ. අවසාන වශයෙන් ජාති, ආගම් බේධයකින් තොරව හැමෝටම බුදු සරණ ලැබේවා! සදහම් සරණ ලැබේවා! සඟ සරණ ලැබේවා! තම තමන්ගේ ඒ ඒ ආගමික විශ්වාසයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! කියලා ප්‍රාර්තනා කරනවා.
ලොකුම ඉල්ලීම තමයි ඉතින් “කමෙන්ට් එකක් ලියන් යන්න – ඒක තමයි ඊලඟ සබට හයිය” ඔයාලගේ ඉල්ලීම්, යෝජනා, චෝදනා මොකුත් තියෙයි නම් ඒවා යූටි‍යුබ් එකේ #සදහම් ක්‍රියේශන්ස් කියන චැනල් එකෙන් හරි, [email protected] කියන ඊමෙල් එකට හරි එවන්න.
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

11 comments

  1. නියමයි.ජයවේවා ❤️

  2. බොහෝම ස්තූතියි…!

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි දර්ශන අයියෙ 😊❤

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Amila සහෝ ස්තූතියි දිරි ගැන්වීමට

  5. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Gathsara Umesh ස්තූතියි සහෝ දිරිගැන්වීමට

  6. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Hashan සහෝදරයා, ගොඩක්ම ස්තූතියි

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  8. tep
    Cineru_users

    digatama sub denna bro.api oyath ekka

  9. tep
    Cineru_users

    digatama sub denna

  10. චානක තිලංක
    Cineru Family Member

    ආයේ ඉතින් දර්ශනගේ සබක් කියන්නේ සුපිරි සබක් තමයි මරුවට තියෙනවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login