Joji (2021) Sinhala Subtitles
Joji 2021 Sinhala Sub
8.7
97%

Joji (2021) Sinhala Subtitles | කිසිදා නිම නොවන ආශාව.. | සිංහල උපසිරැසි සමග

(Joji (2021) Sinhala Sub) බොහොම ඉක්මනට අයෙත් මලයාලම් සලරුවක් වෙනුවෙන්ම උපසිරැසි අරගෙනයි ආවෙ…

2021 අප්‍රේල් 7 වෙනිදා Amazon Prime හරහා නිකුත් වුණ Joji චිත්‍රපටය crime-drama ශානරයට අයත් වන Dileesh Pothan අද්‍යක්ෂක්වරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ Fahadh Faasil . සෙසු චරිත Baburaj, Shammi Thilakan, Alistair Alex සහ Unnimaya Prasad විසින් නිරූපණය කරනවා. මේ චිත්‍රපටයෙත් රූ ගතකිරීම් කටයුතු සිද්ධවෙලා තියෙන්නෙ කොරෝනා වසංගතය පැතිරෙන කාල සමයේ. ඒ වගේම IMDb අගය 8.7 ලෙසද ගූගල් පරිශීලක මනාප 97% ක ප්‍රමාණයක්ද ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. 

චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නෙ තමන්ගෙ පියාට අයිති ලොකු දේපළක් අත්පත් කරගන්න දඟලන පුතුන් කිහිපදෙනෙක් ගැන.. ඇත්තටම දේපළ ගොඩක් තියාගෙන ඉන්න තමන්ගෙ තාත්තගෙන් ඒවා අයිති කරගන්න මෙයාලා උත්සහ කරත් තාත්තා ලේසියෙන් ඒවා කාටවත් දුන්නෙ නැහැ.. මේ අතරෙ තාත්තා හදිසියේම අංශභාගය වැළඳිලා එක් තැන් වෙනවා..  එයාගෙ පුතාලගෙ උත්සහය නිසා ලෙඩේ තරමක් සනීප වෙනවා.. කොහොම උනත් දිගින් දිගටම මේ දේපළ ප්‍රශ්නෙ නිසා තමන්ගෙ තාත්තා මැරිලා යනව නම් කියලා මෙයාලා හිතන්න ගන්නවා… ඊට පස්සෙ තමයි හැම දෙයක්ම පටන් ගන්නෙ… විශේශයෙන්ම පවුලෙ බාලයා උන ජෝජිට තමයි මේක ගොඩක්ම තදින් දැනෙන්නෙ… ඔහු මොන වගේ දෙයක් කරන්න පෙළබේවිද ? මිනිත්තු 113ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා… ඇතැම්විට අද සමාජයේ තියෙන කාලීන ප්‍රශ්නයක් ගැන තමයි චිත්‍රපටයෙන් නිරූපණය වන්නෙ.. ඒ නිසා බැලුවට පාඩුවක් නම් වෙන එකක් නෑ…

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
Download|747

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


41
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Punsara Samuditha

    thanx

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. (Pasindu Jayashan)

  5. The priest මලයාලම් ෆිල්ම් එකට සබ් දෙනවද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *