The title of the page
Chaos Walking (2021) Sinhala Sub
Chaos Walking (2021) Sinhala Sub
5.7
22
39

Chaos Walking (2021) Sinhala Subtitles | ඩිස්ටෝපියානු ලෝකයක |සිංහල උපසිරැසි සමග

(Chaos Walking (2021) Sinhala Sub) ඉතින් කොහොමද යාළුවනේ.. ඔන්න ඉතින් අද අරගෙන ආවේ Chaos Walking ෆිල්ම් එක.. මේක අරගෙන එනකල් හුගාක් අය බලන් හිටියා කියලා දන්නවා.. ටිකක් පරක්කු වුණාට සමාවෙන්න.. හැබැයි අපි තමයි මුලින්ම මේකට නිවැරැදි උපසිරැසියක් ලබාදෙන්නෙ.. දැනට කිසිම නිවැරැදි උපසිරැසියක් නිකුත්වෙලා නැහැ

මේකේ ප්‍රධාන නලුවා වෙන්නෙ කවුරුත් දන්න අපේ Spider man කොලුවා Tom Holand.. ෆිල්ම් එක ගැන බලන්න කලින් ෆිල්ම් එක හදන්න පාදක කරගත්ත නවකතාව ගැන අපි පොඩ්ඩක් බලමු යාළුවනේ,
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
Chaos Walking කියන්නේ ඇමරිකානු-බ්‍රිතාන්‍ය නවකතාකරුවෙකු වෙන පැට්‍රික් නෙස් විසින් රචිත තරුණ විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක්. ඒක ගොඩනගලා තියෙන්නේ ඩිස්ටෝපියානු ලෝකයක වන අතර, සියලුම ජීවීන්ට එකිනෙකාගේ සිතුවිලි රූප, වචන සහ ශබ්ද වලින් දැනගැනීමට පුළුවන් කමක් තියෙනවා. ඒකට රචකයා යොදලා තියෙන්නේ “Noise” කියන වචනය.. ඒත් ඒ රචකයා අදහස් කරනදේ ප්‍රකාශ වෙන විදිහේ ගැළැපෙන සිංහල වචනයක් හොයාගන්න නැති නිසා මං ඒකට ශබ්දය කියලා උපසිරැසියේදී යෙදුවා. මේ කතාමාලාව නවකතා ත්‍රිත්වයක් හා කෙටිකතා තුනකින් සමන්විත වෙනවා.
* The Knife of Never Letting Go (2008)
* The Ask and the Answer (2009)
* Monsters of Men (2010)

මේ නවකතා ඇමරිකාව තුළදී විශාල සම්මාන ප්‍රමාණයකට පාත්‍ර වුණා. 2008 අවුරුද්දේ Guardian award, the James Tiptree, Jr. Award වගේම the Costa Children’s Book Award කියන සම්මාන ලබාගත්තා.ස්ත්‍රී පුරුෂ දේශපාලනය, මිදීම, යුද්ධයේ අරුත සහ හොඳ හා නරක අතර අපැහැදිලි වෙනස වගේ තේමාවන් හසුරුවා ගැනීම පිළිබඳව මේ කතාමාලාව ප්‍රශංසාවට ලක්වුණා..
• Author- Patrick Ness
• Cover artist – Lynne Condellon (design)
• John Picacio (painting)
• Country – United Kingdom
• Language – English
• Genre – Young adult science fiction, dystopian adventure
• Publisher – Walker Books
• Published – 2008–2010
• Media type – Print (hardcover and paperback), e-book, audiobook

– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
හරි දැන් මේ ෆිල්ම් එක නිෂ්පාදනයට යොදාගෙන තියෙන්නේ පළවෙනි පොත, ඒ කියන්නේ The Knife of Never Letting Go. ඒනිසා අපිට හිතන්න පුළුවන් තවත් මේ සම්බන්ධ ෆිල්ම් ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා..
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Doug Limanගේ. නිෂ්පාදනය ආයතන වෙන්නෙ Quadrant Pictures; 3 Arts Entertainment; Allison Shearmur Productions; Bron Creative.. එතකොට යෙදවපු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 100ක්.

මං හිතන්නේ මම ෆිල්ම් එක ගැන වගේම නවකතා ගැනත් හොඳ විස්තරයක් ඔයාලට ගෙනවා.. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ෆිල්ම් එක බලන්න තමා.. මතක් කරලා කමෙන්‍ට් එකක් දාගෙන යන්න.. මොකද ඒකයි download කවුන්ට් එකයි තමා අපිට ලැබෙන එකම දේ..
මං කතාව කියන්නේ නැහැ.. ඒක ඔයාලම බලන්නකෝ..

අලුත් උපසිරැසියකින් හමුවෙමු..
• උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

13 comments

  1. GOdaak sthuthiyi.balagena hitapu movie ekak. Budusaranayi.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි බං. එනකල්මයි හිටියේ මේක. සුපිරිම ඈ. ඔන්න එහෙනම් බාගෙන බලනවා

  4. Sub ekata thanx

  5. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Come True (2020)
    Yes Day (2021)
    The Dry (2020)

  7. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍
    උත්සාහ කරන්නම්

  8. Chandimal Kariyapperuma

    thanks for the subtitles.

  9. thanks for the sub

  10. Thankz machan

  11. Kasun Jeewantha

    Waw aththatama supiri. Sub akata godak thanks. Timing walata niyameta wada. Awagema film aka gana sadahnbkarala thiyana aka godak watinawa. Me wage thawath kathawakata sub aka laba denna me web page akata shakthiya dairaya labewa

  12. Godaak sthuthi.. Jaya wewa!

  13. Godaaak sthuthi.. Jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login