The title of the page
8.4
93
93

Falcon and the Winter Soldier (2021) E03 Sinhala Subtitles | බල තැරැව්කරු | සිංහල උපසිරැසි සමඟ

The Falcon and the Winter Soldier තුන් වෙනි කොටසටත් ආවා. දැන් මේ කතා මාලාවෙ බාගයක්ම ඉවරයි. පළවෙනි සහ දෙවෙනි කොටස්වල​ ගොඩක් සිදුවීම් සිද්ධ වුණා. කළින් MCU එකේ දකින්න සහ අහන්න නොලැබුණු අලුත් චරිත කීපයකුත් දකින්න ලැබුණා. ඒ අතරේ තිබුණු Easter Eggs සහ අනෙකුත් සිදුවීම් එකින් එකින් විස්තර කරන්න නම් ගොඩක් දිග ලිපියක් ලියන්න වෙනවා. ඒවුනත් Comics බලලා ඒ ගැන දැනුමක් තියෙන අපේ Marvel Fans ලට නම් ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. ඒ හින්දා තුන්වෙනි කොටසට යන්න කළින් පෙර සිදුවීම් මතක් කරගැනීමක් කරගමු.

කැප්ටන් ඇමෙරිකාගෙන් ලැබුණු ෂීල්ඩ් එක තමන්ට බරක් විදිහට හිතපු සෑම්, ඒක නැවත US රජයට බාර දෙනවා. ඔහු ඒක දෙන්නෙ ස්ටීව් රෝජර්ස් වෙනුවෙන් වෙන් වුණු ‘ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ’ ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහටයි. නමුත් රජය ඒක පාවිච්චි කරලා අලුත් කැප්ටන් ඇමෙරිකා කෙනෙක්ව හඳුන්වලා දෙනවා. ඔහු ඇමෙරිකානු හමුදාවෙ ඉහල තනතුරක් දරන නමින් ජෝන් වෝකර් නම් තැනැත්තෙක්. මේ අතරතුරේ ‘ධජ-බිඳින්නන්’ ගැන තොරතුරු හොයන්න ගිය පළමු ලුතිනන් ජෝකින් ටෝරස් හොයාගන්නවා ඒ ත්‍රස්ත කණ්ඩායමේ එක් අයෙකුට අධිමානුෂික ශක්තියක් තිබෙන බව​. ඒ අනුව ඔවුන්ගේ කොල්ලයක් නවත්වන්න ටෝරස්, සෑම් එක්ක​ මියුනිච්වලට යනවා. සෑම් එක්ක බකිත් එකතු වෙනවා​. එතනට ජෝන් වෝකර් සහ ඔහුගේ සහායක ලේමාර් හොස්කින්ස් දෙන්නත් එනවා. එතනදි කට්ටියම දැනගන්නවා ඒ කල්ලියේ ඉන්න​ ඔක්කොම ‘සුපිරි සොල්දාදුවන්’ කියලා. මේ සුපිරි සොල්දාදුවන් ගැන විස්තර හොයාගන්න බකි සෑම්ට හඳුන්වලා දෙනවා කොරියානු යුද්ධය කාලේ ඔහුත් එක්ක ගැටුණු අයිසෙයා බ්‍රැඩ්ලිව​. ඔහුත් සුපිරි සොල්දාදුවෙක්. නමුත් ඔහුව රජය විසින් අවුරුදු ගාණක්ම පාවිච්චි කරලා තිබුණේ සුපිරි සොල්දාදුවන් ගැන පරික්ෂණවලට විතරයි. ඒ ගැන තිබුණු කෝපය නිසාම​ බ්‍රැඩ්ලි, ඔවුන්ට උදව් කරන එක ප්‍රතික්ෂේප කරනවා. අන්තිමේදි බකී තීරණය කරනවා, විස්තර දැනගන්න​ හෙල්මට් සීමෝව මුණගැහෙන්න​ යන්න​.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


189
Total Subtitles

6 comments

  1. Thanks 😍😍😍

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඇති යන්තම් සබ දීලා, හුස්ම හිරවෙන්න ඇවිත් තිබ්බේ මේක බලාගන්න නැතුව. ලොකු දෙයක් ඈ සබ දුන්න එක. බොහෝම ස්තූතියි

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Supun Sadeepa
    Cineru Family Member

    Thnx

  5. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි.

  6. kohomad meke video ek download krnne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login