The title of the page
Irul (2021) Sinhala Sub
Irul (2021) Sinhala Sub
7

Irul (2021) Sinhala Subtitles | අන්ධකාරයේ සැඟවුනු දාම ඝාතකයා |සිංහල උපසිරැසි සමග

(Irul (2021) Sinhala Sub) ඔන්න ඉතින් අදත් සුපුරුදු විදියටම අරගෙන උපසිරැසි අරගෙන ආවෙ මලයාලම්  සලරුවකට… අප්‍රේල් දෙවෙනිදා නිකුත් වුන Mystery/Crime/Thriller ගණයට අයත් වෙන මේ සලරුව IMDb දර්ශකය 7 ක් ලෙස සටහන් කරන්නට සමත් වෙලා තියෙනවා.. ඒවගේම Fahadh Faasil , Darshana Rajendran සහSoubin Shahir රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටිය ප්‍රධානවම ඇලෙක්ස්, අර්චනා සහ උන්නි කියන චරිත තුන වටා තමයි ගොඩ නැගෙන්නෙ.. ඇලෙක්ස් කියන්නෙ රචකයෙක්, ඔහු දාම ඝාතන ගැන පොතක් ලිය අර්චනා නීතීඥවරියක්.. මේ දෙන්නා අතරෙ ප්‍රේම සම්භන්ධයක් වගේ දෙයක් කතාව තුලින් නිරූපණය කරලා තියෙනවා. අර්චනාගෙ අධික කාර්‍යබහුලකම නිසා ටික දවසකට ඇලෙක්ස් එක්ක නගරයෙන් පිට නිදහස් තැනකට යන්න තීරණය කරනවා…. ඇත්තටම එහෙම යමු කියන්නෙත් ඇලෙක්ස් ම තමයි..  මොකද ඇලෙක්ස්‍ට අර්චනාව සප්‍රයිස් කරන්න ඕන වෙනවා.. ඒ යන අතරමගදි මේ දෙන්නා ගිය වාහනේ හිටිගමන් නතරවෙනවා.. උදව් ඉල්ලගන්න පුලුවන් වේවි කියන බලාපොරොත්තුවෙන් ලඟම තියෙන ගෙදරට යනවා.. එතන ඉඳන් තමයි මේ දෙන්නට නොහිතූ සිදුවීමකට මුහුණ දෙන්න වෙන්නෙ..

එතකොට කවුද උන්නි කියන්නෙ…. ඔහු කතාවට සම්භන්ධ වෙන්නෙ කොහොමද?.. දාම ඝාතන සිද්ධිය මොකක්ද ?.. මේ දේවල් දැකගන්න නම් චිත්‍රපටය නරඹන්න වෙනවා…. පැය එකහමාරක් තුල හොඳ කුතුහලයක් එක්ක බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්…

එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු..
ජය වේවා…
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

4 comments

  1. Thanks homie…….❤️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Mandela (2021) tamil

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login