The title of the page
The Expanse (2015) S01 E07 Sinhala Subtitles
The Expanse (2015) S01 E07 Sinhala Subtitles
8.5
93
95

The Expanse (2015) S01 E07 Sinhala Subtitles | අහිමිවීම්.. | සිංහල උපසිරැසි සමග

මේ කොටසෙදී යාලුවනේ අපි දන්න මිලර් කියන පොලිස් නිලධාරියා රැකියාවෙන් අයින් කරනවා. අයින් කරාට පස්සේ හොරෙන්ම යන්න යනවා ගමනක්. එයාගේ කෙල්ලට අහු වෙනවා. අපේ හෝල්ඩන්ගේ අම්මව දකින්න තියෙනවා සහ ඒ වගේම නූලෙන් බේරෙනවා මෙයාලගේ හොර වැඩකින්. ඒ වගේම රහස් රැක්කා කියලා එක්කෙනෙක් පේද්දී, තව එකෙක් ඔක්කොම විනාශ කරනවා තව පොඩ්ඩක් ගියා නම්. එහෙනම් එන්න ගන්න බලන්න, කමෙන්ටුවක් ලියන්න අපිට

මේ සිංහල උපසිරැසි ගහන්න තනියෙන් නම් අමාරුයි. මොකද නින්ද යනවා. ඔලුව රිදෙනවා. අනිත් වැඩ අතපසු වෙනවා. ඒත් ඉතින් ඒ මොනවා උනත් කවදාවත් බනින්නේ නැතුව, උපසිරැසිකරණයට උදව් කරන කීපදෙනෙක් ඉන්නවා. මුලින්ම ඉතින් මගේ සදහම් පුතා. මොකද එයා නැත්නම් මම තාමත් පිස්සු දිදී ඉන්න නිකන්ම නිකන් මිනිහෙක්. මේ වැඩේට යොමු උනේ මගේ සදහම් පුතා නිසයි. ඊලඟට මගේ ආදරණීය ලක්ෂ්මී නෝනා. කොයි වෙලේ උනත් තේ එකක්, කෝපි එකක් ඉල්ලුවොත් උස්සන් එනවා. මහ රෑ උනත්. ඇවිත් නින්ද ගිහින්ද බලලා ඇහැරවනවා. ඉතින් බොහෝම ස්තූතියි වගේම ගොඩක් ආදරෙයි ඔය දෙන්නට මං. ඊලඟට අපේ ලොකුම ලොකු බොස්, සමිතේ මල්ලී මාරම විදිහට අපි ගැන හොයන කෙනෙක් තමයි ඉතින් මේ අපේ සමිතේ මල්ලී. මොනවා ඇහුවත් කියලා දෙනවා වගේම ඕනේ ප්‍රශ්නෙකදී අපි එක්ක ඉන්නවා. ඉතින් අපේ පෙර පිනක් තමයි සමිතේ අපේ මේන් ඇඩ්මින් උන එක. ඒ වගේම මගේ සහෝදරයා වගේ ඉන්න චානක තිලංකව අනිවාර්‍යෙන් මතක් කරන්න ඕනේ. මොකද කොයි දවසක කොයි වෙලේ උනත් උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බෑ කියලා නෑ, උපරිමයෙන් උදව් කරනවා. අන්න එහෙමයි චානක තිලංක. ස්තූතියි මචං. ඒ වගේම සිනෙරූ කල්ලියේ සියලුම දෙනාට ගොඩක්ම ස්තූතියි මම මොන ඉල්ලීමක් කරත් මට උදව් කරනවට. මම එච්චර පරණ කෙනෙක් නෙවෙයි සබ් ටිකක් වැඩියෙන් දුන්නට. ඒත් මාවත් නිකන් හෙන උඩින් තියලා ඉන්න සිනෙරූ කල්ලියටත් ස්තූතියි ඈ. සබක් ගන්නකොට කමෙන්ට් එකක් ලියන අපේ සියලූම රසිකයින්ටත් බොහෝම ස්තූතියි, ඔයාලගෙ කමෙන්ට් නිසයි ඉදිරියටත් මේ සබ් දෙන්නේ, ඔයාලා තමයි අපේ ශක්තිය. අපේ සයිට් එකට එන හැමෝටමත් ස්තූතියි. ඔයාලා නිසයි අපි පවතින්නේ. අවසාන වශයෙන් ජාති, ආගම් බේධයකින් තොරව හැමෝටම බුදු සරණ ලැබේවා! සදහම් සරණ ලැබේවා! සඟ සරණ ලැබේවා! තම තමන්ගේ ඒ ඒ ආගමික විශ්වාසයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! කියලා ප්‍රාර්තනා කරනවා.

ලොකුම ඉල්ලීම තමයි ඉතින් “කමෙන්ට් එකක් ලියන් යන්න – ඒක තමයි ඊලඟ සබට හයිය” ඔයාලගේ ඉල්ලීම්, යෝජනා, චෝදනා මොකුත් තියෙයි නම් ඒවා යූටිබ් එකේ #සදහම් ක්‍රියේශන්ස් කියන චැනල් එකෙන් හරි, [email protected] කියන ඊමෙල් එකට හරි එවන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Supun Kaushalya සහෝ ස්තූතියි දිරි ගැන්වීම වෙනුවෙන් වගේම හැමදාම අපි එක්කම රැඳිලා ඉන්නවාට

  3. tep
    Cineru_users

    thans bro mekata sub denawata api innawa oyath ekka digatama.

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    tep අන්න ඒ වචනෙට ස්තූතියි සහෝ. මාර ගැම්මක් එනවා ඔඔහොම කියද්දී. අවසාන එපිය විතරයි ඉතුරු. අනිත් ඔක්කොම ඇඩ්මින් එකට යවලා තියෙන්නේ.

  5. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි දර්ශන අයියෙ 🙂❤

  6. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Hashan ස්තූතියි සහෝදරයා

  7. චානක තිලංක

    නියමයි දර්ශන අයියේ සබ නම් ඇත්තටම කිව්වොත් ඔයා මේ ලොකු සේවයක් කරන්නේ ඒකට මගේ හදවතින්ම සුභ පතනවා. 👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login