The title of the page
The Expanse (2015) S01 E06 Sinhala Subtitles
The Expanse (2015) S01 E06 Sinhala Subtitles
8.5
93
95

The Expanse (2015) S01 E06 Sinhala Subtitles | ස්කොපුලී සිට රොසින්නැටේ දක්වා.. | සිංහල උපසිරැසි සමග

ඉතින් ඔන්න උපසිරැසි ජීවිතේ තිබ්බ ලොකු කඩයිමක් පහු කරා. වාර්තාගත් අලෙස ඩවුන්ලෝඩ් සහ කමෙන්ට් ලබාදුන්නා. දනන්වනේ මොකක් ගැනද කියන්නේ කියලා? ඔව් ඔව් ස්නයිඩර් කට් එක ගැන තමයි. බොහොම ස්‍තූතියි ඉතින් එහෙම සහයෝගයක් දුන්නට. මොකද, මාර හයියක් ඈ ඒක. හරි එහෙනම් මෙහෙම කියන්නම්. මේ සීරීස් එක පොඩ්ඩක් පරක්කු උනේ ගෑස්ට්‍රයිටීස් හොඳටම වැඩි වෙලා එක තැනටම වැටිලා හිටි නිසයි. හොඳ වෙන්නත් කලින් ස්නයිඩර් කට් එක ආවා. බාරගෙන තිබ නිසා ගහලා දුන්නා. ඒ ඔක්කොම හරි කියමුකෝ. මේක පරක්කු උනා කියලා මට සැහෙන්න බැනලා තිබ්බා සහෝලා. මට හරි සතුටුයි, හරි ආදරෙයි ඒ බැන්න අයට. මොකද ඒ තරම් ඉවසීමක් නැතුවනේ ඉන්නේ මේක බලන්න, නේද? ඉතින් බැන්නට කිසි තරහක් නෑ, සමාවෙන්න පරක්කු උනාට. මේකේ ඊලඟ එපිය දවස් දෙකක් ඇතුලත වගේ දෙන්නම්. ඉක්මනින් ඉවර කරලා දෙන්නම් සීසන් 01. සති දෙකක් යන්න කලින්. හරිනේ. ඔන්න ස්මාවෙන්න ඈ.

මේ පාර කතාවත් මරු. අර අඟහරුලගෙන් ගත්ත යානේ ස්වරූපට එහෙම තැනකදී වෙනස් කරගන්න ලැබෙනවා. පොලීසිය නම් ඉතින් පිටරටවල පොලීසි වගේමයි. සල්ලිවලට නීතිය යටවෙලා. අපේ රටේ නම් පොලීසිය සල්ලි දිහා බලන්නෙවත් නෑ නේ. ඒ වගේම අලුත් වැඩකට මුල පුරනවා. ඇයි ඒ වගේන අපේ පරීක්ෂක මිලර්ට ආදරේ කරන කෙල්ල මරුම වැඩක් කරනවා. බලන්නකෝ. එපිය බලලම ඉන්න. හැමදාම කියනවා වගේ අමාරු වචන ගැන නොහිතා බලන්න. අවසාන එපියෙන් ඔක්කොම පැහැදිලි වෙනවා. මං වගකීමෙන් කියන්නේ. බර වචන උනාට කතාව මරේ මරු. එහෙනම් ඉතින් මගේ ලක්ෂ්මී නෝනට, සදහම් පුතුට, සමිතෙට, 50 ගහපු චානකට, අසේන්, පැතුම් වගේ සිනේරූ පවුලටම ස්තූතියි මට දෙන සහයෝගෙට. එහෙනම් බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! අමතක නොකර කමෙන්ට් එකක් ලියන්න, බැනලා හරි!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

14 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි අයියෙ 🙂❤

  3. thanks Sub Ekata. මග නතරකරනනම් එපා දෙයියෝ. සේරම දෙන්ට ඇ

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Supun Kaushalya සහෝ ස්තූත්‍යි දිරි ගැන්වීමට

  5. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    nisa සහෝ බොහෝම ස්තූතියි දිරි ගැන්වීමට

  6. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Hashan සහෝ කමෙන්ටුව දැක්කම සහෝදරයෙක් දැක්කා වගේ

  7. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    nuwan සහෝ බයවෙන්න එපා. ඔක්කොම ඉවර කරලා තියෙනේ. සතියක් යද්දී සීසන් එක ඉවරයි

  8. Gayana Thathsara

    Season 2 ඉදන් Season -5 වෙනකම් සබ් දෙන්න බ්‍රෝ.. ♥️♥️♥️ නතරකරන්න නම් එපෝ…ප්ලීස්ස්…

  9. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Gayana Thathsara අනිවා දෙන්නම් සහෝ

  10. චානක තිලංක

    මං බනින්නද?

  11. චානක තිලංක

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️විහිළුවක් කලේ සබ මරු හොදේ ආයේ කියලා වැඩක් නෑ ඒ ගැන නියමෙටම තියෙනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  12. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. ඉතුරු season ටිකටත් සබ් දෙන්න please..😐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login